එංගලන්තයේ අගමැති ස්ටාර්මර්ට පහකිරීමේ සටන ඉතා උණුසුම් අවස්ථාවකට පත්විලා

0
7

එංගලන්තයේ අගමැති ස්ටාර්මර්ට පහකිරීමේ සටන ඉතා උණුසුම් අවස්ථාවකට පත්විලා
Lanka News U

K
10.02.26

ඇමරිකානු තානාපති ලෙස සාමිවරයා මැන්ඩෙල්සන් පත් කිරීම පිළිබඳ ප්‍රශ්නවලින් පසු තම තනතුර තහවුරු කර ගැනීමට ඉතා දැඩි සටනක් කිරීමට එංගලන්තයේ අගමැති ස්ටාර්මර්ට සිදුවි තිබේ.

ඔහුගේ ඇමතිවරුන් මේ අනුව දෙකට තුනට කැඩී ගොස් ඇති බව මේ වනවිට ඉතා පැහැදිලි කරුණක් බව දේශපාලන ආරංචි වලින් පැහැදිලිවේ.
ස්ටාර්මගේ සන්නිවේදන අධ්‍යක්ෂ ටිම් ඇලන් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී මෝගන් මැක්ස්වීනි යන දෙදෙනාම මෑත දිනවල ඉල්ලා අස්වී ඇති අතර – කැබිනට් ලේකම් ක්‍රිස් වර්මාල්ඩ් ද ඔහුගේ රැකියාවෙන් ඉවත් වීමට අපේක්ෂා කෙරේ යයි බිබීසි පුවත් අනාවැකියක සඳහන් කර ඇත.

‘අනතුර’ වූ දිනයෙන් පසු මෙය කම්කරු පක්ෂයට වෙනසක් සඳහා මොහොතක් විය යුතු බව කම්කරු පක්ෂයේ හිටපු නායකයෙකු හා ප්‍රබලයකු වන මිලිබෑන්ඩ් බීබීසීයට පවසා තිබු පුවතක් මිට සූ මොහොතකට උඩදී පලවී තිබේ.
මේ අතර ස්කොට්ලන්ත කම්කරු නායක අනාස් සර්වාර් ඉල්ලා අස්වන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් තමා “ඉවත් නොවන” බව අගමැති පැවසීමෙන් පසු, මෙය පක්ෂයට “වෙනසක් සඳහා මොහොතක්” විය යුතු බව ඔහු බීබීසී තවත් පුවතක සඳහන්වේ.

බලශක්ති ලේකම් එඩ් මිලිබෑන්ඩ් පවසන්නේ ඊයේ දිනය කීර් ස්ටාර්මර්ට “අනතුරේ මොහොතක්” වූ අතර කම්කරු පක්ෂය “ප්‍රපාතය දෙස බලා” ඔහුට සහාය දීමට තෝරා ගත් බවයි.

ඇමරිකානු තානාපති ලෙස සාමිවරයා මැන්ඩෙල්සන් පත් කිරීම පිළිබඳ ප්‍රශ්නවලින් පසු තම තනතුර තහවුරු කර ගැනීමට සටන් කරන අතරතුර කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් අගමැති වටා රොක් වී ඇත,තවත් කොටසක් ඉන් ඉවත්වී ඇත.මේ අතර නායකත්වයට කම්කරු පක්ෂයේ පොර බදින වෙස් ස්ටීන්ට්, රිචෙල්, අප හිතවත් ශබානා, ඩේවිඩ් ලැමී මිලිබෑන්ඩ් ඇතුළු පිරිසක් ද ඇත.මෙය මහා මැතිවරණයක පෙරනිමිතක්දැයි දේශපාලන විචාරකයන්ගේ මතය වී අත්ග්හි බවද සඳහන් කල යුතුය.

මෙවර 26 වෙනිදා පැවතීමට තිබේන නිසා අතුරු මැතිවරණයේ උණුසුම මේ සටන දැඩි වීමට තවත් හේතුවක් වී ඇත.එය කළින් කම්කරු පක්ෂය දිනා තිබු ආසනයකවුවද මෙවර දැඩි බලපෑමක් ෆෙරාඩ් ගේ රියලිටි පක්ෂයෙන් මෙන්ම කොන්සවේටිව් හා ලිබරල් පක්ෂවලින් සිදුවෙන බැවින් එය හතරවන වැටෙය යන මේ අතර තවත් දැඩි බලපෑමක් මතුව තිබෙන කරුණක් වී තිබේ.

ස්කොට්ලන්ත හා වේල්ස් මැතිවරණ හා කවුන්සිල් රැසක මැතිවරණ අද නායකත්ව සටන් මතුව තිබීම නිසා මේ මොහොත කම්කරු පක්ෂයට ඉතා අවදානම් බව සඳහන්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here