නන්දන ගුණතිලක සහෝදරයාණෙනි ,ඔබට සුබ ගමන්.

0
4

නන්දන ගුණතිලක සහෝදරයාණෙනි ,ඔබට සුබ ගමන්.

ඔහු කලක් රෝගාතුරව සිටි අතර අද (18) අලුයම රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 63 කි.
1962 සැප්තැම්බර් 7 පානදුරේදී උපතලැබූ ඔහු පානදුර ශ්‍රී සුමංගල විදුහලෙන් අධ්‍යපනය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයටද ඇතුළුවී තිබුණි.

අණතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පූර් ණ කාලීන සාමාජිකයෙකු ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නන්දන ගුණතිලක මහතා 1999 ජනාධිපතිවරණය සඳහා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ද විය. ඡන්ද 344,173 ක් ලබා ගනිමින් අපේක්ෂකයින් අතර තුන්වන ස්ථානය ලබා ගැනීමට ඔහුට හැකි විය.

පසුව ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධුරය මෙන්ම සංචාරක අමාත්‍ය ධුරය ද දැරීය.

2011, 12 සහ 13 වන පාර්ලිමේන්තු වල සිට වසර නවයකට ආසන්න කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කළ ඔහු, එම රජය යටතේ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධුරය සහ සංචාරක අමාත්‍ය ධුරයන් දරමින් රාජ්‍ය පාලනයට දායක විය. කෙසේ වෙතත්, පසුව ඇති වූ දේශපාලන මතවාදී වෙනස්කම් හේතුවෙන්, ඔහු ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයට එක් විය. මෙම දේශපාලන මාරුවත් සමඟ, නන්දන ගුණතිලක මහතා පානදුර නගර සභාවේ නගරාධිපතිවරයා ලෙසද කටයුතු කළේය. ඔහු අවසන් දින දක්වා දේශපාලන කටයුතුවල නිරත වූ අතර මෑතකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කපා හැරීමේ යෝජනාවට එරෙහිව හඬක් නැගීම නිසා මෑතකදී මෙරට මාධ්‍ය අවධානය යොමු කර ගත් අයෙකු ලෙස සඳහන් කල හැක.

❤️ඔහුගේ ඉල්ලීම ප්‍රකාරව මල් වඩම්, අවමගුල් පෙරහැර නැත; නන්දන ගුණතිලකගේ අවසන් ගමන නිහඬවම වෛද්‍ය විද්‍යාලයටබාරදීමට නියමිතය.

නන්දන ගුණතිලක සහෝදරයාණෙනි ,ඔබට සුබ ගමන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here