
Lanka News UK- 2026 , Issue E paper is out now..!
ලංකා නිවුස් යුකේ – ජනවාරි – අන්තර් ජාල පුවත්පත Online Newspaper
ඔබේ ලිපි හා දැන්වීම් අප වෙත ලැබීමට සළස්වන ලෙස අපි අපේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. අපේ පහත පළවන වෙබ් අඩවිය තුළින් දිනපතා දිවයිනේ හා ලොව බොහෝ පුවත් අප විසින් පළකරනු ලබන බව දැනුම් දෙනු කැමැත්තෙමු.
ලංකා නිවුස් යුකේ.
Lanka News UK – 2026 issue – Online Newspaper
Please share this with your friends and relatives.
Visit our website: www.Lanka News UK .com
Editor : Shanthi Senadheera – +44 7956129642 Text or phone
lanaknewsuk1@gmail .com
shanthi.senadheera@yahoo.co.uk

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වියරුව උපරිමටම උත්සන්න වීලා ද?
මෙය නව යටත්විජිතවාදී වැඩ පිළිවෙලක මුලාරම්භයක් දැයි දේශපාලන විචාරක යන්ගේ මතය වී තිබේ. ට්‍රම්ප්ගේ ආසන්නතම වික්‍රමය 2026 ජනවාරි 3 වැනිදා මැදියම් රැයෙහී දී සිදුවිය. මුළු රටක් නිදියහනේ පසුවෙද්දී ඉතා සුරක්ෂිත ස්ථානයක රැඳී සිටි වැනිසියුලා ජනාධිපතිවරයා මදුරෝ හා ඔහුගේ බිරිඳ සිසිලියා ෆාරෝස් ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා, වෙනිසියුලාව ගොඩින්, මුහුදින් හා ගුවනින් ආක්‍රමණය කර අත්අඩංගුවට ගෙන සිය රට වෙත ගෙන ගියේය. මෙවන් කුඩා මෙහෙයුම සිදුකිරිමේදි වෙනිසියුලාවේ යුධභමුදා ආරක්ෂක භටයන් ඇතුළු වැසියන් 140 පමණ මිය ගියේය. ඩොනල්ඩ් ට්‍රම්ප් එරට මැදිරියකටවී මේ සිදුවිම් එකිනෙක නරබමින් සිටියේය. මෙම වැඩ පිළිවෙල පිළිබඳ ලෝක දේශපාලන නායකයන් සිය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයද මෙම සිද්ධියහෙළා දැක ඇත. ලොව ප්‍රධාන පෙළේ රටවල් වූ චීනය, රුසියාව, ඉන්දියාව ඇතුලු විශාල ගණනක් මෙම ක්‍රියාපිළිවෙත දැඩි ලෙස විචෙචනය කරමින් ඔහු වහාම නිදහස්කරන්නැයි ඉල්ලා ඇත. එක්සත් ජනපද මැදිහත්වීමට එරෙහිව වෙනිසියුලානු ජාතිකයන් මෙන්ම ලොව පුරා විසිරි සිටින නිදහස අගයන විවිධ සංවිධාන හා මහජනතාව දහස් ගණනක් වීදි බසමිින් විරෝධතා පළකර මින් සිටිති. මෙම සිද්ධිය විවේචනය කර පුවත් පළකල සංවිධාන ගණනාවක්ද ට්‍රරම්ප් විසින් තහනම් කර තිබුණි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ඒකාධිපති වියරුව උපරිමටම උත්සන්න වී ඇතැයි ලෝක මාධ්‍ය රැසක් මගින් පෙන්වාදී තිබේ. ඔහුට පෙන්සිල්වෙනියවේදී පසුගිය ජනාධිපති මැතිවරණ රැලියකදී අමතමින් සිටියදී ස්නයිපර් තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරකින් ජීවිතය බේරුණේ අණු නමයෙනි. ඔහුගේ කනට තුවාල සිදුවී එම රැලියට සහභාගි වුන අයෙකු මියගිය අතර බොහෝ පිරිසකට තුවාල ද සිදුවිය. මේ රැලිය ලොව පුරා ප්‍රචාරය වූ අතර ඔහුට වෙඩි වැදී සිටියදී පවා ලේ ගලමින් රැලිය ඇමතීමට තරම් දිරිය තිබු අයෙකුවිය. දෙවන වෙඩි තැබීමක් ද අනතුරුව සිදුවවද ඔහුට කිසිදු හානියක් සිදු නොවුණි. ඔහු දෙවන වරට ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස දිවූරුම් දීමෙන් අනතුරුව ඔහු ලොව බොහෝ එක්සත් ජනපද ආධාර මත පවත්වාගෙනගිය (USAID)මානුශීය ආධාර ක්‍රමය වහා නවතා දැමුවේය. තවද නව තීරුබදු ප්‍රතිපත්ති පණවමින් සිය රට ලොව බලගතුම රාජ්‍යය බව වහසි බස් දොඩවමින් ඇරඹුණු ගමන් මග මේ වනවිට වෙනත් දිසාවකට යොමු වෙමින් තිබේ. සාමය වෙනුවෙන් තමා පෙනි සිටිනවා යයි වහසි බස් දොඩොවමින් නොබෙල් තෑග්ග ලබාගැනීමට වෙර දැරුවද එයද අසාර්ථකවිය. අවසානයේ ඔහු ඊශ්රයෙල-ගාසා අර්බුදයත් යුක්‍රේන -රුසියානු ගැටුම් නතර කිරීමට මුලිකත්වය දීමට මැදිහත්වුවද ඒ කිසිවක් මේ දක්වා සාර්ථකව ඉටුකර ගැනීම නොහැකි වී අර්බුදයක පැටලී සිටි. මේ අතරතුර ඔහුගේ බලපරාක්‍රමය ලොවට පෙන්වීමට ඉරානයට මෙන්ම, නයිජීරියාවේ බෝකුහරාම් ත්‍රස්තවාදීන්ට ඇමරිකානු ගුවන් යානා මගින් බෝම්බ දමා විනාශකර දමා තිබුණි. ඔහු හා එහි පාලනය ගෙනගිය සෙසු ඇමෙරිකානු ජනපතිවරුන්ද මෙවැනි ඔවුන්ට එරෙහි පාලකයන් අතුගා දැමු අයුරු ක්‍රියා පිළිවත් සිදුකර තිබුනේද පසුගිය දශක කිහිපයකට පෙරය. පකිස්ථානයට කඩාවැදී බින්ලාඩන් ඝාතනය කළේය. ඒ ඔබාමාගේ පාලන කාලයේදීය. හමාස් හා හිස්බුල්ලා ප්‍රධානින් සැඟව සිටි තැන්වලට, ඉරාන හමුදා ප්‍රධානීන්ට බෝම්බ දමා ඝාතනය කිරීම් යනාදී කුමන රටකට හෝ කඩාවැදී බෝම්බ දැමීම මේ ජනපතිවරුන් ගේ පුරුදුද්ද වි තිබේ.
1989 දී පැනමා නායක මැනුවෙල් නොරීගා අත්අඩංගුවට ගත් අවස්ථාවේද ඇමරිකන් ජනාධිපති ජෝර්ජ් බුෂ් මෙබඳුම චෝදනාවලියක් ඉදිරිපත් කළේය. පැනමා ඇළේ අයිතිය තමන් සතුකර ගැනීම මේ ක්‍රියාව සිදු කිරීමේ ප්‍රධානතම හේතුව විය, ට්‍රම්ප් සිය අභිමතය පරිදි මෙක්සිකෝ ඇමරිකා දේශසීමාව වටා තාප්පයක් බැදීමට ද කටයුතු කළේය, තවද එකී මෙක්සිකෝ බොක්කට ඔහුගේ නම ඇතුලත් කළේය. ඇමරිකාවට විරුද්ධවූ ඕනෑම පාලකයෙකුට ඔවුන්ගේ විදේශ ප්‍රත්පත්තිය වී ඇත්තේ හොඳින් හෝ නරකින් අවනතකර ගැනීමය.
යුරෝවලින් තෙල් ගනුදෙනු කරන්නට පටන්ගත් ඉරාකයේ සදාම් හුසේන්ට හා ගෝල්ඩ් ඩිනාර්වලින් තෙල් වෙළෙඳාම් කරන්නට ගිය ලිබියාවේ මුවම්මර් ගඩාෆිටද සිදුවූයේ මදුරෝට සිදුවූ දේම සිදු වුයේය. ඒ සිය රටේ අභිමානය රැක ගැනීමට. කළහැකි ඕනෑම ක්‍රියා පිලිවෙතක් සිදු කිරීමට ඔවුන් පසුබට වන්නේ නැත. පෙට්‍රෝඩොලර් හැටියට හැඳින්වෙන තෙල් වෙළඳාම ඩොලර්වලින් කිරීමට පිටුපාන හැම රටකටම සිය බලය මෙහෙයවා ඇමරිකාව මේ අන්දමින් වෙනස්කම් කරන්නේ සිය ඩොලරය රැකගැනීමටය. ලෝක වෙළෙඳපොළේ මූල්‍ය ගනුදෙනුවලින් සියයට හතළිහක්ම දැන් සිදුවන්නේ ඩොලර් නොවන මූල්‍ය ඒකකවලින් වන අතර ඩොලරයට බහින කලාව උදාවී ඇති තත්ත්වයක් යටතේ එය රැකගැනීමට ඇමෙරිකාවට මෙසේ යුද්ධ කරන්නට සිදුවී තිබේ. වෙනිසියුලාව ලොව තෙල් සැපයුම් කරුවන්ගේ ප්‍රධානම හා වැඩිම අමුතෙල් සම්පත් වලින් හෙබි, දිනකට බැරල් මිලියන ගණනක් සැපයු රටක් විය. තවද එහි බොහෝ අගනා රසායනික අමු ද්‍රව්‍ය වලින් පිරි මෙතෙක් හරි හැටි ප්‍රයෝජනයට නොගත් රටක්විය. තවද ඔවුන් ගේ තෙල් ඇමරිකාවට විරුද්ධවූ චීනය, රුසියාව හා කියුබාව වැනි රටවල් ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවන් විය. ඇමරිකාව විවිධ උපක්‍රම කලක් තිස්සේ මේ ධනසම්භාරය දිහා සිය නෙත යොමු කරමින් සම්භාධක පණවමින් සිටියේය.
ඔවුන් සිය ඔත්තු කරුවන් යොදවමින් එහි පාලකයන් මාරු කිරීමට කටයුතු සම්පාදනය කරමින් පසුවිය.
චීනය එරටට අවශ්‍යවූ බලශක්ති අවශ්‍යතාවන්ගෙන් වැඩි කොටසක් සපයාගත්තේ වෙනිසියුලාවෙන්ය. ඒ වෙනුවෙන් පනවා තිබූ සම්බාධකවලින් ගැලවීම පිණිස චීනය ඩොලර් බිලියන හැටකට වැඩි ණය ප්‍රමාණයක් ලබාදී තිබුණ බව වාර්තාවේ. යුක්‍රේන ගැටුමේදී නේටෝ සංවිධානයේ ආධාර දීමේදී රුසියාව එකට එක කරමින් වෙනිසුලාවට ආධාර දී තිබුණි. මේ ගැටුමේදී හිරවි සිටියේ වෙනිසියුලවය.
ට්‍රම්ප්ගේ මෙහෙයුම මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදය හා ආඥාදායකත්වය ආදී විවිධ චෝදනා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකොලස් මදුරෝට විරුද්ධව ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රයේ තිබුණි. ඇමෙරිකාවට ගෙන එමෙන් පසු වෙනිසියුලානු නිකොලස් මදුරෝ සහ බිරිඳ ඇමරිකන් යුද්ධ නැවකටත් ඉන්පසු නිව්යෝර්ක් නගරයේ මත්ද්‍රව්‍ය නාශක රැඳවුම් කඳවුරකටත් ගෙන යන ලදී. 1989න් පසු ඇමරිකාව, ලතින් ඇමරිකානු රටක් ආක්‍රමණය කළ පළමු අවස්ථාව වේ. මදුරෝ හා බිරිඳ අධිකරණයේදී පවසා තිබුනේ සියළුම චෝදනා වලට නිවැරදිකරු බවත් ඔහු වෙනිසියුලාවේ ජනාධිපති බවත්ය. තමාට ජාත්‍යන්තර නිතිය අනුව විමුක්තිය ඇති බව ද සඳහන් කර තිබු බව විදෙස් පුවත වල සඳහන් කර තිබේ. මෙකි පුවත් ලොව පුරා පුවත්පත්වල රුපවාහිනි නාලිකාවල සඳහන්ව තිබුණි. මෙම නඩුව මාර්තු දක්වා කල් දමා ඇත. විචාරකයන් ගේ මතය ඇත්තේ මේ නඩුව ඔප්පු කිරීම එතරම් පහසු එකක් නොවන බවය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මීළඟ ඉල්ලක වී ඇත්තේ දකුණු අමෛරිකානු රටවල් වූ කොලොම්බියාවට හා මෙක්සිකොවටය. එම රටවල් ද මත්ද්‍රවය ඇමෙරිකාවට හා ලොව සෙසු රටවලට සපයන්නන් ලෙස ප්‍රසිද්ධියට පත්වූ රටවල්ය. තවද ග්‍රීන්ලන්තය සම්පත් බහුල ඩෙන්මාකය හා සම්බන්ද රටකි. එය අල්ලා ගන්නට ට්‍රම්ප් පමාවී ඇත්තේ ඔවුන් රුසියාව හා චීනයට ළංව ඇතිබවත් ඒ රට අමරිකාවට ආසන්නයේ තිබෙන නිසා එය සිදු නොවිය යුතු කරුණක් යයි සඳහන් කොට ඇත. මේ තත්වය පිළිබඳ එංගලන්ත අගමැති, යුරෝපිය රටවල් මෙන්ම නේටෝ සංවිධානයද මැදිහත්ව තිබේ.
ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කළේ මෙයට අවුරුදු 25කට පමණ පෙර එවකට ඉරාකයේ සිටි ජනාධිපති සදාම් හුසේන් ලොව වනසන න්‍යෂ්ටික අවියක් සාදන බව කියමින්ය. එහෙත් එය ඔප්පු කිරීමට කිසිදු සාධකයක් තිබුණේ නැත. අන්තිමේදී සදාම් හුසේන් අල්ලා ගත් ඇමරිකාව ඔහු එල්ලා මැරවීය. සදාම් හුසේන්ගෙන් පසු ඉරාකය බිඳී ගිය රාජ්‍යයක් බවට පත්වී ගියේය. එම යුද්ධ අද පවා පවතී. ගඩාෆිගේ මරණයෙන් පසු එම රටටද වුයේ ශෝචනීය ඉරණමකි. ඒ ඇමරිකානු විදේශ ප්‍රත්පත්තියයි.
මේ අතර නිකොලස් මදුරෝගෙන් හිස් වූ තැනට ඇමරිකාව යන බවත් නිදහස් මැතිවරණයක් පවත්වනතුරු ඇමරිකාව එම රට පාලනය කරන බවත් ට්‍රම්ප් කීවේය. මෙය බැලූ බැල්මට ඉතාම නීච ක්‍රියාවකි. එහෙත් ඇමරිකාව වැනි බලගතු රාජ්‍යයක් වෙනිසියුලාව පාලනය නොකළොත් රට තුළ සිවිල් යුද්ධයක් හටගන්නවා ඇත. වෙනිසියුලාවේ වර්තමාන ජනාධිපති පදවියට පත්වීමට ඇත්තේ එරට උප ජනාධිපතිවරියයි. ඇය ඇමරිකාවට බැණවදිමින් ද තම රටේ නායකයා නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත්තේ ඔහු ඇමරිකාවට කුඩු බෙදන බවය නිකොලස් මදුරෝ ඇමරිකාවේ තෙල් හොරකම් කරන බවද ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. ඔහු එතරම් හොඳ අවංක පාලකයෙකු නොවිය. ඔහු 20,000 අධික පිරිසක් ඝාතනය කලබවට මානව හිමිකම් සංවිධාන පැමිණිලි කොට ඇත. විපක්ෂයේ නායිකාව රටින් පලාගොසිනි. ඇය මාරියා මරිනෝ මචාඩෝ යි. ඇයට නොබෙල් සාම තෑග්ග ප්‍රධානය කොට ඇත. මේ තෑග්ග බලාගෙන සිටියේ ඩොනල්ඩ් ය. මෙම තෑග්ග ඔහුට දීමට ඇය බලා සිටින බව කීවෙන පුවතක් මේ දිනවල මාධ්‍යවල සංසරණයවේ. ට්‍රම්ප්ට මදුරෝ වැරදිකරු කිරීමට වරද ඔප්පු කල යුතුවේ. ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තිබිය යුතුය. ට්‍රම්ප්ට අවශ්‍ය ඇමරිකානු සමාගම් වෙත වෙනිසියුලාවේ තෙල් ආකර බෙදාදෙන්නටය. දැනට එහි සිටි උප ජනාධිපතිවරිය වැඩ බලන ජනාධිපති ලෙස දිවුරුම් දී ඇත. එරට ජනතාව ඇය වටා රොක්වී ඇත. මේ අනුව ට්‍රම්ප්ගේ ට්‍රම්ප් එක හරිද වැරදිද නිගමනයකට ඒමට සෑහෙන කලක් ගතවනු ඇත.
ඇමරිකන් ගුවන් හමුදාවක් වෙනිසුවේලා රාජ්‍යයට ඇතුලු වූයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය පරිදිය. නිකොලස් මදුරෝ වැනි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට මේ තරම් විශාල ගුවන් හමුදාවක් අවශ්‍ය නැත. ට්‍රම්ප් මෙම අවස්ථාව මුළුමහත් ලෝකයට පෙන්වීමට එය අවස්ථාවක් කර ගත්තේය. ඒ ඔහුගේ හිතන පතන විදියවේ. ඔහුට අවනත් නොවන රාජ්‍ය බිය වැද්දීමට ඔහුට අවශ්‍ය විය. ඒ සෙසු ලෝක නායකයන්ට ද පාඩමක් වනු පිණිසය. ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ධුරයේ අවසන් අවස්ථාව මේ පාලන කාලසිමාවෙන් අවසන්වේ. ඔහු නැවත වතාවක් ජනාධිපති ධුරය සඳහා තරග කරන්නේ නැත. ඔහු එනිසා මෙම කෙටි කාලය තුල උපරිම බලය පෙන්වීමට අවස්ථාවක් කර ගෙන තිබේ. ඇමරිකන් නීතියට අනුව දෙවරක් ජනාධිපති වූ ඔහුට නැවත තරග කිරීම සඳහා නීතියෙන් අවස්ථාවක් නැත. මේ දිනවල ඉරානය තුළ විශාල ගැටුමක් නිර්මාණය වී තිබේ. ඔහුගේ පවුලේ සමබ්න්දතා අනුව ඔහුට ඊශ්‍රායලයට පක්ෂපාත වීමට සිදුව ඇත. මේ නිසා ඉරානය මහත් සේ විරසකවිමට හේතුවී තිබේ. හමාස් සමග කරන ගැටුම් වලදී ඔහු ප්‍රහාර ගණනාවක් ඊශ්‍රායලය සමඟ ඉරානයට ද එල්ලකළේය, එහි හමුදාවේ ප්‍රධානින් කිහිපදෙනෙකු ද බෝම්බ දමා ඝාතනය කළේය. තවද ඉරාන ජනාධිපති කෙනෙක් හෙලිකොප්ටරය ගමන් ගනිද්දී පිපිරී මිය යාමට සැලැස්සුවේය. මේ වනවිට ඉරානයේ ආධ්‍යාත්මික නායකයා වූ අයතුල්ලා අල් කමේනි ද ආරක්ෂිත ස්ථානයක සැඟව සිටී. ඇමරිකන් ඒජන්තවරුන් ඉරානය ඇතුළටම පැමිණ ඉස්ලාමීය අන්තවාදී සංවිධානවල ප්‍රධානීන් ඝාතනය කිරීමට පටන්ගෙන තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණ ස්වල්ප කලකින් ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් විරසක වූයේය. අසාධාරණ බදු ප්‍රතිඅත්තියක් ගෙනැවිත් බොහෝ රටවලට පහර දුන්නේය. චීනයට දැඩි බද්දක් පනවා තිබුණි. යුක්රේන යුද්ධය නතර කරන්නට උදම් ඇනු ඔහු, රුසියාවේ පුටින් හමුවේ ඔහුව අවනත කරගන්නට කරන ලද උත්සාහය අසාර්ථක වු අතර මේ යුද්ධය දැනට රුසියාව හා යුරෝපිය සංගමය නේටෝ අතර බ්‍රමණය වන්නට පටන් ගෙන ඇත.
ඔහු තමාට අවනත නොවන්නන් ඇඳුම් ආයිත්තම්වලින් මැනීමටත්, සිය බස වූ ඉංග්‍රීසින් බස මැනවින් කතා නොකරන්නේනම් එය ලොවටම ඇසෙනසේ කියා පහත් ලෙස විනෝදය ලබන්නට හුරුපුරුදු අයෙකුගේ මට්ටමට ඇදවැටී තිබේ. මෙය රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට නොතරම් අන්දමේ පහත් හැසිරීමකි. එවැනි අය මිට පෙර ඇමෙරිකාවේ නායකයන් අතර නොසිටි බව කිවයුතුය. ඔහුගේ මෙම ක්‍රියා චීනය හා රුසියාව නොරුස්සන බව සැබෑවන අතර තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම වැලැක්වීම පිණිස ඔවුන් තවමත් කරබාගෙන සිටින බවක් දිස්වේ.
ලංකාවේ ගෝඨාභය රජය අරගලයකින් පෙරලීමේ කරුනේදී හා සෙසු ආසියාතික රටවල්වූ බංගලාදේශය, ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, නේපාලය, මාල දිවයින යන රටවල රජය පාලනයන් වෙස් කිරීමේ දී පවා මේ මැදිහත්වීම් වල ඇමරිකාව සම්බන්ද වී ඇතැයි විදේශ මාධ්‍යවල සඳහන්වේ.
කිසියම් ස්වාධින රටකට නිසි අනුමැතියකින් තොරව බලෙන් ඇතුළුවී එකී රටේ පාලකයා බලහත්කාරයෙන් පැහැර ගෙනයාම හෝ වෙනත් විරුද්ධවාදියෙකුට බෝම්බ දමා මරාදැමීම, සිය බලය ප්‍රදර්ශනය කරමින් ලොවටම උදම් ඇනීම ජාත්‍යයන්තර නිතිය ප්‍රකාරව කල නොහැකි කටයුත්තකි. මෙවන් සිදුවීම පසු ගිය දශක ගණනාවක් තිස්සේ ඇමෙරිකාව විසින් දිගින් දිගටම සිදු කරනු ලැබුවේය. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල් කඩක් ලෙස සලකනු ලබන රාජ්‍යයක් යයි ඔවුන් විසින්ම පාරම්බානු දක්නට ලැබේ. මේ සිදුවීම් පිළිබඳ කිසිවෙකුට විවේචනය කල නොහැකිය. මෙය ඉතා ශෝචනිය කරුණකි.
නීතිඥ ශාන්ති සේනාධිර
See less
Comment











