
මදුරෝ පැහැර ගන්න සහාය දුන් 60ක් අත්අඩංගුවට
11 January 2026
වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ පැහැර ගැනීම සඳහා ඇමෙරිකාවට සහාය දුන් බවට සැකපිට පුද්ගලයන් 60 ක් නිකරගුවා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන් පුද්ගලයන් 49 ක් තවමත් රැඳවුම් බාරයේ සිටින බවත් ඔවුන්ගේ ඉරණම පිළිබඳව තවමත් පැහැදිලි නැති බවත්විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිකරගුවා ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගාගේ නියෝගය පරිදි එරට ආරක්ෂක මෙම අත් අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
කෙසේ වෙතත් අත් අඩංගුවට ගත් පුද්ගලයන් 60 දෙනාගෙන් 9 ක් එරට ආරක්ෂක අංශ නිදහස් කර තිබෙන බවටද වාර්තා වේ. (Aruna lk news)


