ජල රකු­සා­ගෙන් රට බේරා­ගන්න පෙරට ගිය නාවික නිල­ධා­රීන් 5 දෙනාට සිදුවූ ඛේද­වා­ච­කය – එක් නිල­ධා­රි­ය­කුගේ සිරුර හමු වේ

0
49

ජල රකු­සා­ගෙන් රට බේරා­ගන්න පෙරට ගිය

නාවික නිල­ධා­රීන් 5 දෙනාට සිදුවූ ඛේද­වා­ච­කය

එක් නිල­ධා­රි­ය­කුගේ සිරුර හමු වේ

silumina.lk

December 6, 2025

අමිල මල­වි­සූ­රිය

දිට්වා සුළි කුණා­ටුව මෙර­ටට කඩා­වැ­දුණු ඉකුත් 27 දා සිටම ගංව­තු­රෙන් ජීවිත බේරා­ගැ­නීම, නාය­යෑ­ම්ව­ලින් කොටු වූ පිරිස් ගල­වා­ගැ­නීම ආදි බොහෝ මානු­ෂීය කට­යුතු වෙනු­වෙන් ශ්‍රී ලංකා නාවික හමු­දා­වද කැප වී සිටියේ දිවා රෑ නොබ­ල­මිනි. එහිදී ඉකුත් 28 දා පෙර­ව­රුවේ අනු­රා­ධ­පුර පුත්ත­ලම මාර්ගයේ කලා­ඔය පාලම ආස­න්න­යේදී මහා ජල­ක­ඳට හසු වූ බසයේ සිටි 69 දෙනා බේරා­ගැ­නී­මට නාවික හමු­දාව ඉටු කළ මෙහෙය අති­ම­හත්ය. මුලින්ම ඒ බසයේ වහල මත සිටි 68 දෙනා නාවික හමුදා කුඩා බෝට්ටු­වක් මඟින් අසල වෙළෙ­ඳ­ස­ලක වහ­ලක් මතට ගෙන ගොස් තිබුණේ වර­කට තිදෙනා බැගින් අසීරු මෙහෙ­යු­ම­කිනි.

එලෙස සුළි කුණා­ටුව මෙරට තුළ සක්‍රි­යව පැවති ඉකුත් 27, 28, 29 යන තෙදින ඉන් පීඩා­වට පත්ව අස­ර­ණව සිටි ජන­යාගේ දිවි ගල­වා­ගැ­නී­මට මහත් සේ කැපව සිටි­යදී නාවික හමු­දාව දෙසින්ද ඛේද­නීය පුව­තක් සැල විය. ඒ, 28 දා සවස චලෙයි මෝය කට පුළුල් කර­මින් සිටි­යදී නාවික හමුදා නිල­ධා­රීන් පස්දෙ­නකු අතු­රු­දන් වීමක් සම්බ­න්ධ­යෙනි.

එදින අධික වර්ෂාව හේතු­වෙන් මුළු උතුරු පළා­ත­ටම පාහේ ගංව­තුර තත්ත්වය දැඩිව බලපා තිබිණි. ඒ අතර මුල­තිව් චලෙයි කල­පුවේ මෝය කට වැලි පර­ව­ලින් වැසී­යෑමේ තර්ජ­න­ය­කට මුහුණ දෙමින් පැව­තිණි. ඒ හේතු­වෙන් චලෙයි කල­පුව ආශ්‍රිත ජන­යාට මෙන්ම ධීව­ර­යන්ගේ බෝට්ටු­ව­ල­ටද හානි වන තත්ත්ව­යක් එළඹ තිබිණි. මේ අතර, චලෙයි කල­පු­වට යාබ­දව තිබූ චලෙයි නාවික හමුදා අනු­ඛ­ණ්ඩ­යද ජල­යෙන් යට වීමේ තර්ජ­න­ය­කට මුහුණ දී සිටි­යේය. එය ඒ වන විට එම ප්‍රදේ­ශයේ සහන කට­යුතු දියත් කර­මින් සිටි නාවික හමුදා නිල­ධා­රීන්ට මහත් ගැට­ලු­කාරි තත්ත්ව­යක් උදා කළේය. කෙසේ වෙතත් මේ පීඩා අත­ර­තු­රම නාවික හමුදා කණ්ඩා­ය­මක් 28 දා පෙර­ව­රුවේ චලෙයි කල­පුවේ වැලි පර ඉවත් කර­මින් මෝය කට පළල් කිරී­මක යෙදුණේ නවීන උප­ක­රණ භාවිත කර­මිනි.

එලෙස පෙර­ව­රුවේ කල­පුවේ වැලි පර ඉවත් කර මෝය කට පුළුල් කළද, අධික වර්ෂා­ප­ත­නය නිසා කල­පුවේ ජල ධාරි­තාව නැව­තත් ඉහළ යමින් තිබිණි. එබැ­වින් එදින සවස් යාම­යේද පස් දෙන­කු­ගෙන් සම­න්විත නාවික හමුදා කණ්ඩා­ය­මක් අධික ගංව­තුර තත්ත්ව­යද නොතකා නැවත කල­පු­වට පිවිස මෝය කට පළල් කර­න්නට විය. එලෙස අධික වර්ෂාව මධ්‍ය­යේම වැලි ඉවත් කර­මින්, ජල පහ­රට කඩි­න­මින් මුහු­දට ගලා යෑමට සල­ස­මින් සිටි නාවික හමුදා නිල­ධාරි කණ්ඩා­යම සහ චලෙයි නාවික හමුදා කඳ­වුර අතර පණි­විඩ හුව­මා­රුව එක්ව­රම ඇන­හි­ටි­යේය. ඒ වන විට රාත්‍රි­යද එළඹ තිබිණි. සබ­ඳ­තාව නතර වීමත් සමඟ කඳ­වුරේ සෙසු නිල­ධා­රීන් පැමිණ තම සග­යන් ගැන සෝදිසි කර බැලු­වද ඔවුන් ගැන කිසිදු තොර­තු­රක් සොයා­ගත නොහැකි විය. අන­තු­රුව ඔවුන් සොයා නාවික හමු­දාව සහ යුද හමුදා විශේෂ කණ්ඩා­ය­මක්ද එදින රාත්‍රිය පුරා සෝදිසි කළද කිසිදු ප්‍රති­ඵ­ල­යක් නොවිණි.

මෙහිදී අවා­ස­නා­වන්ත ලෙස අතු­රු­දන් වී ඇත්තේ හංවැල්ලේ පදිං­චිව සිටි නාවික උප ලුති­නන් අවිෂ්ක ඩිල්ෂාන් වෑවිට, වැලි­මඩ පදිංචි නායක නැවි ක්‍රිෂාන් ධනං­ජය, මාතලේ, නාවුල පදිංචි නායක නැවි චතු­රංග වික්‍ර­ම­රත්න, අලු­ත්ගම, කළු­වා­මෝ­දර පදිංචි නායක නැවි රෝෂන් ෂානක සහ දඹුල්ල, පැල්වෙ­හෙර පදිංචි නායක විදුලි කාර්මික ධනං­ජය කෝලිත මධු­ෂංක දිසා­නා­ය­කය.

එලෙස පස්දෙනා අතු­රු­දන් වීමත් සමඟ නාවික හමුදා මාධ්‍ය ප්‍රකා­ශක කමා­න්ඩර් බුද්ධික සම්පත් සඳ­හන් කළේ එම පිරිස සොයා අන්ත­ර්ජා­තික සහය මෙන්ම නවීන තාක්ෂ­ණ­යද යොදා­ග­නි­මින් අඛණ්ඩ මෙහෙ­යුම් සිදු කරන බවයි.

කෙසේ හෝ ඉකුත් පළමු වැනිදා එක් නාවික නිල­ධා­රි­ය­කුගේ සිරු­රක් චලෙයි කල­පුවේ සිට කිලෝ­මී­ටර් පහක පමණ දුර­කින් යුත් පුදු­මා­ත­ලන් වෙරළ තීරයේ තිබී හමු විය. ඒ අනුව නාවික හමු­දාව එම අතු­රු­දන් පස්දෙ­නාගේ ඥාතින් දැනු­ව­ත්කොට වෙරළේ තිබූ සිරුර හඳුනා ගැනී­මත් සමඟ එය අතු­රු­දන්ව සිටි නායක විදුලි කාර්මික (LL 100748) ධනං­ජය කෝලිත දිසා­නා­ය­කගේ බව ඔහුගේ ඥාතිහු ඉකුත් 3 වැනිදා මුල­තිව්, මාංචෝල රෝහ­ලේදී හඳුනා ගත්හ. ධනං­ජය කෝලි­තගේ අව­සන් කට­යුතු ඉකුත් බ්‍රහ­ස්ප­තින්දා දින ඔහුගේ ගම් ප්‍රදේ­ශය වූ දඹුල්ල, පැල්වෙ­හෙ­රේදී සිදු කෙරුණේ දහ­සක් දෙනාගේ සෝසු­සුම් මධ්‍ය­යේය.

සෙසු නාවික නිල­ධා­රින්ගේ සිරුරු ද සොය­මින් වැඩි­දු­ර­ටත් අඛණ්ඩ මෙහෙ­යුම් සිදු කෙරෙන බව නාවික හමු­දාව සඳ­හන් කරයි. “මචං මම උඹ­ලගේ ගෙවල් පැත්ත බලන් ආවේ… බය වෙන්න දෙයක් නෑ… මොනා­හරි ප්‍රශ්න­යක් තිබ්බොත් කියන්න…” යි පව­ස­මින් වින්ග් කමා­න්ඩර් නිර්මාල් සිය­ඹ­ලා­පි­ටිය සිය මිතු­ර­කුට යැවූ අව­සන් ‘වොයිස්’ පණි­වි­ඩය, ඒ මිතුරා සමාජ මාධ්‍යයේ පළ කර තිබිණි. එම මිතුරා වැඩි­දු­ර­ටත් සට­හන් කරන්නේ නිර්මාල් අව­සන් මොහො­තේත් අස­රණ වුණු සිය ගමේම මිනි­සුන්ට කෑමට ගෙන ආ පාර්සල් බිමට දා එම ස්ථානයේ සිටි මිනි­සුන්ට හානි­යක් නොව­න්නට වග බලා­ගෙන අව­සන් ගමන් ගිය සැබෑ මානව හිත­වාදි ගුවන් නිය­මු­වකු ලෙස ශ්‍රී ලාංකේය විරු නාමා­ව­ලි­යට සිය නමද එක් කර­මින් දිවි පූජා කළ බවයි.

ගුවන් හමුදා සාමා­ජි­කයෝ ගුව­නින් ගොස් දිට්වා සුළි කුණා­ටු­වට කොටු වූවන් මුදා­ගැ­නී­මට මෙන්ම අත්‍ය­වශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා­දී­මට ඉටු කළ මෙහෙය සුළු­පටු නොවේ. එලෙස ගුවන් හමුදා හෙලි­කො­ප්ටර් බළ­ග­ණය ක්‍රියා­ත්මක වීමෙන් ඉම­හත් කාර්ය­භා­ර­යක් සිදු කරද්දී වින්ග් කමා­න්ඩර් නිර්මාල් සිය­ඹ­ලා­පි­ටිය ද එම ගුවන් හමුදා විරු­වන් අතර ප්‍රමුඛ කාර්ය­භා­ර­යක් කර­මින් සිටි නිල­ධා­රි­යෙකි.

ඔහුගේ බිරිය බුද්ධිකා ලක්මිණි ගුණ­රත්න: “මහ­ත්තයා, අව­සන් වතා­වට ගෙදර ඉඳලා රත්ම­ලාන ගුවන් කඳ­වු­රට රාජ­කා­රි­යට ගියේ 27 වැනිදා. එයා එදාම මට කතා කරලා කිව්වා ‘දැන් පුත්ත­ලම, පාල­විය පැත්තේ ආප­දා­වට ලක් වූ අයට සහන සල­ස­නවා කියලා. ඒ මිනිස්සු හරිම අස­රණ වෙලා ඉන්නේ. එයා­ලට අපි ඉන්න­කල් පුළු­වන් විදි­හට උදවු කරන්න ඕනෑ. හරිම කන­ගා­ටු­දා­යක තත්ත්ව­යක් තමයි තියෙන්නේ’ කිව්වා. දුර­ක­තන අව­හි­රතා නිසා ඉන් පසුව අපට කතා කරන්න බැරි වුණා. ඔය අන­තුර වුණු දා රාත්‍රී 7ට විතර මට ගුවන් හමුදා කඳ­වු­රෙන් කෝල් එකක් ආවා මගේ මහ­ත්තයා නැති වුණා කියලා. මට අද­හ­ග­න්න­වත් බැරිව ගියා…” යැයි ඇය හැඬූ කඳු­ළින් පැව­සු­වාය.

වින්ග් කමා­න්ඩර් නිර්මාල්ට සිය දිවි ගමන අව­සන් කර­න්නට වූයේ ‘දිට්වා’ සුළි කුණා­ටු­වෙන් කොටු වූ වෙන්න­ප්පුව, මාර­විල ඇතුළු පෙදෙ­ස්වල ජන­තා­වට අත්‍ය­වශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා­දී­මට ඉකුත් 30 වැනිදා පස්ව­රුවේ කටු­නා­ය­කින් ගුව­න්ගත වූ බෙල් 212 හෙලි­කො­ප්ටර් යානයේ ප්‍රධාන ගුවන් නිය­මුවා ලෙස කට­යුතු කර­මින් සිටි­ය­දීය. එහිදී යානයේ ඇති වූ කාර්මික දෝෂ­යක් හේතු­වෙන් එදින පස්වරු 6ට පමණ යානය මාර­විල, ලුණු­විල පාලම අස­ලදී ගිං ඔයට හදිසි ගොඩ­බෑ­ම­කට යෑමේදී සිදු වූ අන­තු­රින් ඔහුට සිය ජීවි­ත­යෙන් සමු­ග­න්නට වූයේ හද­වත් කම්පා කර­ව­මිනි.

යානය අන­තු­රට පත්වෙද්දී එහි නිර්මාල් සමඟ සහය ගුවන් නියමු පියා­සර ලුති­නන් එරංග චාමර ඒක­නා­යක, ගුවන් අවි­කරු කෝපල් දිනිඳු චාමර ජය­ව­ර්ධන, ගුවන් ඡායා­රූප ශිල්පි අචිර ඉමාෂ සහ තවත් නිල­ධා­රි­යෙක් ගමන් කර තිබිණි. ඔවුන් ගුව­න්ගත වී තිබුණේ මාර­විල ප්‍රදේ­ශයේ ගංව­තු­රට කොටු වූවන්ට අත්‍ය­වශ්‍ය ආහාර පාර්සල් ලබා­දී­ම­ටය. එහෙත් යානයේ හදිසි කාර්මික දෝෂය නිසා එය සිදු කර­ගත නොහැකි වීමත් සමඟ ලුණු­විල පාලම අස­ලට යානය අඩි 75ක පමණ උසක් දක්වා පහත් කර පාලම මත සිටි පිරි­සට ආහාර පාර්සල් කීප­යක් හෙළා, ගංව­තු­රෙන් පිටාර ගල­මින් තිබූ ගිං ඔය දෙසට ගමන් කොට හදිසි ගොඩ­බෑ­මට සූදා­නම් වෙද්දී අන­තු­රට මුහුණ දී තිබිණි. ඒ මොහොතේ පාලම මත සහ මාර්ගයේ සිටි පිරි­සක් අනා­ර­ක්ෂිත ලෙස හැසි­රෙ­මින් ගුවන් යානය වීඩි­යෝ­ගත කර තිබිණි. ඒ අනුව යානය අන­තු­රට පත් වූ සැණින් සමාජ මාධ්‍ය­ව­ලද ප්‍රචා­රය විය.

ගිං ඔයේ පිටාර ගැලූ ජලය සහිත ප්‍රදේ­ශ­යට වැටුණු පස්දෙනා ප්‍රදේ­ශ­වා­සීන්ගේ සහ­යෙන් කඩි­න­මින් මාර­විල මූලික රෝහ­ලට ඇතු­ළත් කෙරු­ණද වින්ග් කමා­න්ඩර් නිර්මාල්ට ජීවි­ත­යෙන් වන්දි ගෙව­න්නට සිදු විය.

වින්ග් කමා­න්ඩර් නිර්මාල්ගේ මර­ණය පිළි­බඳ ඉකුත් 1දා මීග­මුව රෝහලේ ප්‍රධාන විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි ඩබ්ලිව්.ඒ.එස්.ආර්. වික්‍ර­ම­ආ­රච්චි සිදු කළ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යෙන් හෙළි වී තිබුණේ එය දියේ ගිලී හුස්ම හිර වීමෙන් සිදු වූ මර­ණ­යක් බවයි. ඊට අම­ත­රව තද­බල තෙර­පී­ම­කින් ඉළ­ඇට කීප­යක් කැඩී ඇති අතර, බාහිර තුවාල කිසි­වක් පෙන්නුම් නොක­රන බවත් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යෙන් තහ­වුරු විය.

යානය අන­තු­රට පත් වීමට පෙර සිටම එය වීඩි­යෝ­ගත කළ අයගේ වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය­යන්හි එසැ­ණින් සැරි­ස­ර­න්නට විය. ඒ ඔස්සේ ඇතැ­මුන් චෝදනා කළේ යානය එම පාලම මතට හෝ මාර්ගයේ ගොඩ­බෑ­මට තිබූ අව­ස්ථාව එම ස්ථානයේ වීඩි­යෝ­ගත කර­මින් සිටි පුද්ග­ල­යන් නිසා වැළකී ගිය බව­ටයි. එහෙත් ගොඩ­බි­මට එම යානය හදිසි ගොඩ­බෑ­මක් සිදු වූයේ නම් ගිනි­ගෙන සියලු ජීවිත විනාශ වීමට හැකි­යා­වක් තිබූ බව ඒ පිළි­බඳ විශේ­ෂ­ඥ­යන්ගේ මත­යයි.

මේ අන­තුර සම්බ­න්ධ­යෙන් ගුවන් හමු­දා­ප­ති­ව­රයා මාධ්‍ය­යට කීවේ, “මං මේ අන­තු­රට ලක් වූ යානයේ සිටි අනෙක් ගුවන් නිය­මුවා සමඟ කතා කළා. ඔහු කැප්ටන් කෙනෙක්. අත්දැ­කීම් සහිත නිල­ධා­රි­යෙක්. ගුවන් යානා­වල ‘රොට ආර්පී­එම්’ කියලා දෙයක් තියෙ­නවා. ඇත්ත­ටම දිවි ගල­වා­ගත් නිය­මුවා කියන විදි­හට ‘රොට ආර්පී­එම්, එක එක්ව­රම 60 වෙන කල් අඩු වෙලා තියෙ­නවා. එත­කොට උඩ ඉන්න බෑ. එහෙම ‘රොට ආර්පී­එම්’ එක අඩු­වෙන්න ක්‍රම කීප­යක්ම තියෙ­නවා. දැන්ම අපට කියන්න බෑ ඒක අඩු වුණේ මොකක් නිසාද කියලා. එක පරී­ක්ෂ­ණ­යක් කරලා හොයා­ගත යුතුයි. ඒ විදි­හට ‘රොට ආර්පී­එම්’ අඩු වුණ නිසා තමයි ‘ඉම­ර්ජන්සි ලෑන්ඩින්’ එක­කට ගිහින් තියෙන්නේ. ප්‍රධාන ගුවන් නිය­මුවා උත්සාහ කරලා තියෙන්නේ වතු­රට ලෑන්ඩ් කර­න්නයි. ඒ වෙලාවේ මිනිස්සු මාර්ගයේ හිටියේ. ගුවන් යානයේ සිටි අය අතින් සංඥා කර­මින් කිය­නවා පේනවා අයින් වෙන්න කියලා. බැරි වෙලා­වත් යානය මාර්ග­යට වැටුණා නම් ලොකු පිරි­ස­කට අන­තු­රක් වෙන්න තිබුණා. යානය ඒ ප්‍රදේ­ශ­යට ගියේ මලු­වල දාලා කෑම පැකට් 150ක් පමණ දෙන්න. ඒ කෑම පැකට් දීලා ආපහු දකු­ණට හර­වලා යන්න හදද්දි තමයි ‘රොට ආර්පී­එම්’ අඩු වෙලා තියෙන්නේ. එහෙ­මම මීටර් 50ක් විතර යානය වතුරේ ගිහින් තියෙ­නවා. ක්ෂණ­යෙන් ‘ආර්පී­එම්’ එක වැඩි වන ශබ්ද­යත් වීඩි­යෝ­ව­ලින් ඇහෙ­නවා. අපට දැනට පෙනෙන්න තියෙන්නේ යානයේ ඇතිවූ තාක්ෂ­ණික ප්‍රශ්න­යක් තමයි අන­තු­රට බලපෑ හේතුව…” යැයි ගුවන් හමු­දා­ප­ති­ව­රයා පැව­සීය.

අන­තුර පිළි­බ­ඳව සහය ගුවන් නිය­මු­වාද සමාජ මාධ්‍යයේ සඳ­හන් කර තිබූ සට­හ­නක මෙලෙ­සද විය: “කැප්ටන් නිර්මාල් යානය ඇතුළේ හිටපු අපේ අයගේ ජීවිත බේර­ග­න්නට තමයි එයාගේ පැත්තට යානය ඇල කරලා ලෑන්ඩින් එක කළේ. ඒකෙන් තමයි එයා නැති වුණේ. ඔහු එවෙ­ලෙත් කිව්වේ, ‘මිනිස්සු දැන් වින්ද දුක ඇති. තවත් මිනි­ස්සුන්ට දුක් දෙන්න ඕනෑ නැහැ. උඹ­ලව මං බේර­ග­න්නම්. උඹලා හයි­යෙන් අල්ල­ග­නින්’ කියලා. තමන්ගේ ජීවි­තය ගැන­වත් හිතන්නේ නැතිව යානය එයා ඉන්න පැත්තට ක්‍රෑෂ් වෙන්න ඉඩ ඇරියා. ඔහු එකෙන්ම පොරක්. ආපහු ඔහු වගේ අය මේ රටට බිහි­වෙන්නේ නැහැ…” යනු­වෙන් ඉතාම සංවේදි සට­හ­නක් එම ගුවන් නිය­මුවා තබා තිබිණි.

වෙන්න­ප්පුව පොලී­සියේ විම­ර්ශන නිල­ධා­රින් ඉදි­රියේ ප්‍රකා­ශ­යක් ලබා­දුන් යානයේ සහා­යක ගුවන් නියමු ලුති­නන් චාමර ඒක­නා­යක: “ගංව­තු­රට කොටු වී සිටි විශාල ප්‍රමා­ණ­යක් අපි බේර­ගත්තා. ලුණු­විල ප්‍රදේ­ශ­යේදී යානයේ හදිසි කාර්මික දෝෂ­යක් ඇති වුණා. යානය කඩා­වැ­ටී­මත් සමඟ ප්‍රධාන නියමු සිය­ඹ­ලා­පි­ටි­යගේ ජීවි­තය නැති වුණා. වතුරේ අඩි 20ක් විතර යටට යානය ගිලී තිබුණා. මම ෂීට් බෙල්ට් එක ගල­ව­ගෙන යාන­යෙන් පිට­තට පැමි­ණියා. අනෙත් තිදෙ­නාත් උඩට ඇවිත් හිටියා. හැහැයි වින්ග් කමා­න්ඩර් සිය­ඹ­ලා­පි­ටිය මහ­ත්තයා හිටියේ නෑ. මමයි කෝපල් ජය­ව­ර්ධ­නයි කිමි­දිලා යානය ඇතුළේ සිර වී සිටි සිය­ඹ­ලා­පි­ටිය මහ­ත්ම­යගේ ෂීට් බෙල්ට් එක ගල­වලා ඔහු ඉව­තට ගත්තා. ඒ වෙලාවේ ඔහුට සිහිය තිබුණේ නෑ. ඊට පස්සේ ප්‍රදේ­ශයේ තරු­ණ­යන්ගේ සහා­යෙන් වතු­රට ලෑලි දාලා, කඹ දාලා නිවෙ­සක උඩ තට්ටු­වට ඔහුව ගත්තා.” යැයි ඔහු පැව­සීය.

2024 වස­රේදී වින්ග් කමා­න්ඩර් ධුර­යට පත්ව ඇති නිර්මාල් මිය­යෑ­මෙන් පසු ගෘෘප් කපි­තාන් ධුර­යට උසස් කෙරිණි.

සිය­ඹ­ලා­පි­ටිය ආර­ච්චිගේ අසංක සජිත් නිර්මාල් සිය­ඹ­ලා­පි­ටිය 1984 වසරේ පෙබ­ර­වාරි 22 දා උප­න්නෙකි. ඔහුගේ උපන් ගමද අන­තුර වූ වෙන්න­ප්පු­වේම කිරි­මැ­ටි­යාන, තුලා­ව­ලය. නිර්මාල්ට සහෝ­දර සහෝ­ද­රි­යන් දෙදෙ­නෙකි. වැඩි­මල් සොහො­යු­රිය ගුවන් සේවි­කා­වකි. බාල සොහො­යුරා ඔස්ට්‍රේ­ලි­යාවේ පදිං­චිව සිටී. ඔහුගේ මව විමලා වීර­සිංහ විශ්‍රා­මික රාජ්‍ය බැංකු නිල­ධා­රි­නි­යකි. වෙන්න­ප්පුව ජෝෂප් වාස් විද්‍යා­ල­යෙන් අධ්‍යා­ප­නය හැදැ­රී­මෙන් පසු ඔහුගේ සිහි­න­යක් වූ ගුවන් නිය­මු­වකු වීමේ අභි­ලා­ෂය සපල කර­ග­නි­මින් 2005 වසරේ ජූලි හය වැනිදා ගුවන් හමු­දා­වට එක් වී තිබුණේ උසස් පෙළ ජීව විද්‍යා අංශ­යෙන් අධ්‍යා­ප­නය ලැබී­මෙන් පසු­වය. අන­තු­රුව මෙර­ටදී මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලා­දේ­ශයේ බෙල් 412 EPහි සිමි­යු­ලේ­ටර් පුහු­ණුව, ඉන්දි­යාවේ වනා­න්තර සහ හිම මත දිවි ගල­වා­ගැ­නීමේ පාඨ­මා­ලාව සහ එක්සත් ජන­ප­දයේ සිනර්ජි ආර්කි බහු­පා­ර්ශ්වික විෂය කරුණු විශේ­ෂඥ හුව­මා­රු­ව­ටද එක් වූ අයෙකි.

දකුණු සුඩා­නයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙ­යු­ම­ටද එක්ව ඇති ගෘෘප් කපි­තාන් නිර්මාල් නැඟෙ­න­හිර මානු­ෂීය පද­ක්කම, උතුරු මානු­ෂීය පද­ක්කම, විදේශ සේවා පද­ක්කම එක්සත් ජාතීන්ගේ දකුණු සුඩාන පද­ක්කම යන සම්මාන ද දිනා­ගෙන තිබේ. වසර විස්සක ගුවන් හමුදා දිවිය තුළදී VVIP කපි­තා­න්ව­ර­යකු සහ මාස්ටර් ග්‍රීන් ශ්‍රේණි­ගත නිය­මු­වකු ලෙස සේවය කර ඇති අතර බෙල් 412, බෙල් 212, MI 17 සහ ජෙට් රෙන්ජර් ගුවන් යානා මඟින් පියා­සර පැය තුන්ද­හ­ස­කට වඩා ගම­න්කර ඇති ගෘෘප් කපි­තාන් නිර්මාල් පළ­පු­රුදු නිය­මු­වන් කීප­දෙනා අත­රින් ඉදි­රි­යෙන්ම සිටි ගුවන් නිය­මු­වෙකි.

දිට්වා සුළි කුණා­ටු­වෙන් පීඩා විඳි ජීවිත ගල­වා­ගැ­නීම ඇතුළු ඒ වෙනු­වෙන් ගුවන් හමු­දාව දියත් කළ මෙහෙ­යු­ම්ව­ලදී ද ඉම­හත් කාර්ය­භා­ර­යක් කළ 41 හැවි­රිදි නිර්මාල් හත් හැවි­රිදි කුඩා පුතෙ­කුගේ පියෙකි. කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ අන්ත­ර්ජා­තික සබ­ඳතා පිළි­බඳ උපා­ධි­ධ­ර­යකු ද විය. ඊට අම­ත­රව ඔහු ලන්ඩන් මෙට්‍රො­පො­ලි­ටන් විශ්ව­වි­ද්‍යා­ල­යට ද ඇතු­ළුව විද්‍යාව පිළි­බඳ ශාස්ත්‍ර­පති උපා­ධිය හදා­රනු ලැබුවේ Aviation/ Airway Management and Operation යන අංශ­ව­ලිනි. අන­තු­රුව ඔහු එම සර­ස­වි­යේම MSc උපා­ධි­යද සම්පූර්ණ කර තිබුණේ රාජ­කා­රි­යට මෙන්ම අධ්‍යා­ප­න­යට ද මනා සේ කැප වෙමිනි. නිර්මාල් අධ්‍ය­ය­නය කළ කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ශාස්ත්‍ර­පති උපාධි ප්‍රදා­නෝ­ත්ස­වය ඉකුත් 2වැනි­දාට යෙදී තිබිණි. ඒ වන විට ඔහු මෙලො­වින් සමු­ගෙන ගොස් සිටි හෙයින් කොළඹ විශ්වි­ද්‍යා­ලයේ උප­කු­ල­ප­ති­ මහචාර්ය ඉන්දික කරුණාතිලක විසින් නිර්මාල්ට හිමිව තිබූ ශාස්ත්‍ර­පති උපාධි සහ­ති­කය සහ රතු ලෝගුව ඔහුගේ දේහය මත තැන්පත් කිරීම සිදු විය. ඒ මොහොතේ උප­කු­ල­ප­ති­වි­රයා සඳ­හන් කළේ ගෘෘප් කපි­තන් නිර්මාල් රට වෙනු­වෙන් කරන ලද සේවය වෙනු­වෙන් කරන ගෞර­ව­යක් ලෙස එවැනි ක්‍රියා­වක් කළ බවත් එවැනි උපාධි ප්‍රදා­න­යක් සිදු වූයේ තමන් දන්නා ඉති­හා­සය තුළ ප්‍රථම වරට බවයි.

සිය බිරිය සහ කොළඹ රාජ­කීය විද්‍යා­ලයේ ප්‍රාථ­මික අංශයේ ඉගෙ­නුම ලබන කුඩා පුතු සමඟ රත්ම­ලානේ පදිං­චිව සිටි ගෘෘප් කපි­තාන් නිර්මාල් සිය­ඹ­ලා­පි­ටිය පසු­ගිය 4 වැනිදා රට, ජාතිය වෙනු­වෙන් අමිල මෙහෙ­ව­රක් ඉටු කර­මින් පසු සමු ගෙන ගියේ ඉති­හා­ස­යට එක් වූ ගුවන් නිය­මු­වකු ලෙස සදා නොමැ­කෙන නාම­යක් සල­කුණු කර­මිනි.(Silumina Features )

අමිල මල­වි­සූ­රිය

නාවික නිල­ධා­රීන් 5 දෙනාට සිදුවූ ඛේද­වා­ච­කය - සිළුමිණ

silumina.lk

නාවික නිල­ධා­රීන් 5 දෙනාට සිදුවූ ඛේද­වා­ච­කය – සිළුමිණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here