නවසීලන්තය සමග අද (අප්‍රේල් 2දා) පැවති පළමු T20 සටනේ ජය ශ්‍රී ලංකාවට

0
293

අප්‍රේල් 2, 2023

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (අප්‍රේල් 2) ඕක්ලන්ඩ්හිදී ආරම්භ වූ පළමු T20 තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ බව වාර්තාවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස් කර තිබුණි .

පුව ලකුණු 196ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 196ක් රැස් කිරිම නිසා කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීය. මේ හේතුවෙන් සුපර් ඕවරය ක්‍රීඩා කිරීමට සිදු අතර සුපර් ඕවරයෙන් තරගයේ ජය ශ්‍රිලංකාවේ කණ්ඩායමට තීරණය විය.

කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීම හේතුවෙන් සුපර් ඕවරය ක්‍රීඩා කිරීමට සිදු වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තීරණාත්මක පන්දු ඕවරය මහීෂ් තීක්ෂණ විසින් යැවු පන්දු තුළින් ලබාගන්නට සමත්ව තිබු බව වාර්තාවල සඳහන්වේ. එහිදී නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 8ක් රැස් කළේ ය.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 9 පන්දු 3ක් තුළදී ලබා ගනිමින් මෙම ජය වාර්තා කිරීමට සමත් විය.

නවසීලන්ත කණ්ඩායමේ නායකයා කාසියේ වාසිය දිනාගත් අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පළමුව පහර දීමට ආරාධනා කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස් කිරීමට සමත්ව තිබුණි.


නවසීලන්ත සංචාරයේදී මෙතෙක් පැවති තරඟ සියල්ලෙන්ම නවසීලන්ත කණ්ඩායම ජය ගත් අතර මෙම අද පැවති ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ලබාගත් පළමු ජයග්‍රහණය වේ.

(මෙම සේයාරුව අන්තර්ජාලයෙන් ලබාගත් එකක් වන අතර එහි හිමිකම් මුල් අයිතිකරුවන් සතු බව කරුණාවෙන් සළකන්න )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here