
ඒ හඬ ගැඹුරු හැඟීම් දනවන හඬ පෞරශ්වයකි ඒ හඬදසක ගණනාවක් අප රටේ දහසක් ගණනාවක්ම වූ රසික කැළ නැළ වුයේය.ඒ හඬ නැගු කෝකිලයා කාටත් නොකියාම අද උදැසන සැඟවී ගොසිනි. මේ පුවත අසන අප රටේ මෙන්ම ලොව පුරාවෙසෙන බොහෝ රැසික පිරිස් අපමණ ශෝකයට පත්වනු වනු නියතය.ඔහුගේ හඬ ගුවනේ කාලාන්තරයක් රැව් දෙනු නියතය.
ලාංකීය සංගීත කේෂ්ත්‍රයට ඉමහත් මෙහෙවරක් සිදු කළ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි අද මාර්තු 28 අලුයම අභාවප්ප්‍රප්ත විය. ඔහු මිය යනවිට වයස අවුරුදු 81 විය.කළක් තිස්සේ අසනිඅපයෙන් ඔත්පලව සිටි ඔහු සෞන්දර්ය හා රංග කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවයා ලෙස කටයුතු කරමින් සිටියේය.
හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි නම් වූ ඔහු ඉපිද තිබුණේ 1942 පෙබරවාරි 15දින ගොතටුවහිදීය
මහාචාර්ය නන්දසිරි මහතා ගොතටුව ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු සහ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙකු වන එච්. එම්. විලියම් පෙරේරා සහ ගෘහණියක් වූ දෝන අමලින් කටුගම්පොලට දාව තුන්වන දරුවා ලෙස උපත ලැබීය. ඔහු .මුලික අධ්‍යාපනය සාමාන්‍ය පෙළ දක්වා ගොතටුව මහා විද්‍යාලයෙන් සහ දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කර ඇත. අනතුරුව ඔහු උසස් පෙළ සඳහා මහාබෝධි මහා විද්‍යාලයටත් අවසානයේ ඉංග්‍රීසි ඉගෙනීම සඳහා ස්ටැෆර්ඩ් විද්‍යාලයටත් ඇතුළත් වි තිබුණි.
පාසල් කාලය තුළ ඔහු ක්‍රීඩකයෙකු මෙන්ම එල්ලේ ක්‍රීඩකයෙකු ලෙස දස්කම් දක්වා තිබු බව වාර්තාවේ.කුඩා කල සිටම විවිධ හැකියාවන් වලින් හෙබි තරුණයෙකු විය. ඔහු හොඳ කෙටි දුර ධාවකයෙකු වූ අතර මීටර් 100 ඉසව්වෙන් කුසලාන දිනා ගෙන තිබු බව වාර්තාවල සඳහන් වේ. නන්දසිරිට වැඩිමහල් සහෝදරියක්, වැඩිමහල් සහෝදරයෙක්, බාල සොහොයුරියක් සහ නිමල් චන්ද්‍රසිරි නමැති බාල සහෝදරයෙක් වේ.
1971 දෙසැම්බර් 18 දින ගායිකා මල්කාන්ති පිරිස් සමඟ විවාහ විය.සංගීත කේෂ්ත්‍රයේ විවිධ කුසළතාවන්ගෙන් පිරිපුන් පවලකට අයත් මල්කාන්ති ඔහුට මුණගැසෙන්නේ 1967 වසරේ ‘මාර පරාජය’ නම් වූ වෙසක් නාට්‍යයක සංගීතයට සහභාගී වූ අතරතුරදීය.ඔවුන් විවාහ වීමට පෙර සහ පසුව ගීත සඳහා සහයෝගයෙන් කටයුතු කර තිබුණි. ඔවුනට දරුවන් දෙදෙනෙකු සිටි අතර 1971 දී සංජය මාධව පුතා ඉපද දින තුනකට පසු පුතා මියගිය ගොස් තිබුණි.ඔවුන්ගේ දෙවන දරුවා 1974 පෙබරවාරි 14 වන දින උපත ලැබූ නිශාමනී අනුරාධා දියණියයිඇය පියාගේ අඩිපාරේ යමින් සංගීත කේෂ්ත්‍රයේ කටයුතු කරමින් සිටී.
ඔහු මුලින්ම සිංහල ගුවන්විදුලියට පැමිණෙන්නේ 1955 දී වයස අවුරුදු 13 කුඩා අවදියෙහි දීය.ළමා පිටියෙන් ඇරඹුණු මේ කා ලය තුල මඩවල එස් රත්නායක, නන්ද ජයමාන්න, කරුණාරත්න අබේසේකර, සනත් විමලවීර යන මහත්ම මහත්මීන් සමඟ ඔහුට වැඩ කිරීමට අවස්ථාව ලැබුණි. වයස අවුරුදු 17 දී ඔහු ඩී.ආර්. පීරිස් යටතේ තබ්ලා වාදනය හැදෑරීමට පටන් ගත් අතර එහිදී ඔහු බොරැල්ල තරුණ බෞද්ධ ශාලාවේ පැවති මෙම පන්තියේ පීරිස්ගේ පළමු ශිෂ්‍යයා වශයෙන් හැදින්වූ බව කියවේ. ඔහුගේ විවිධ ගුවන්විදුලි හා එළිමහන් වැඩසටහන්වලට නන්දසිරි සම්බන්ධ කළ ඔහුට මසකට වරක් ගුවන්විදුලි ජන ගායන වැඩසටහන්වලට සහභාගි වීමට ලැබුණි. 1960 දී වයස අවුරුදු 19 දී නන්දසිරි භාත්ඛණ්ඩේ සංගීත ආයතනයේ ඩිම්ඩ් විශ්ව විද්‍යාලයේ වැඩිදුර සංගීත අධ්‍යාපනය කරගෙන යාම පිණිස ඉන්දියාවට ගියේය. ඇකඩමියේ ඔහුගේ ගුරුවරුන් වූයේ උස්තාද් අහමඩ් ජන් තිරක්වා, ජී. එන්. නට්ටු, උස්තාද් මොක්ෂුත් අලි, පණ්ඩිත් හරි ශංකර් මිස්රා සහ උස්තාද් රහීම්මුදීන් ඛාන් දාගා ය. ඉන්දියාවේ සිටියදී නන්දසිරි ලක්නව් ගුවන් විදුලියේ එන ගීත කිහිපයක් රචනා කළේයයි ද වාර්තාවල සඳහන් වේ.
1965 දී ඔහු නැවත ලංකාවට පැමිණ ගුවන් විදුලියට සම්බන්ධ වී ගායන දිවිය ආරම්භ කළේය. ඔහු රජයේ සංගීත විද්‍යාලයට තේරී පත්වූ අතර 1967 සැප්තැම්බර් 7 වන දින අම්පාර උහන මහා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කර තිබුණි 1974 දී කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස ආචාර්ය මණ්ඩලයට එක් විය. ඔහු 1988 සිට 1992 දක්වා එම විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.නන්දසිරි ගායන සංගීතය පිළිබඳ “නිපුන්” විභාගයට පෙනී සිටි අතර 1992 දී “නිපුන්” විභාගයෙන් පළමු පන්තිය ලබා මෙම කාර්යය ඉටු කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් විය.
ලාංකේය සංගීතයේ ප්‍රමුඛතම ගායකයෙකු ,සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන සනත් නන්දසිරි දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන ඔහුගේ මෙම සේවා කාලය තුළදී සංගීත නිර්මාණ සඳහා සම්මාන කිහිපයක්ම ලබා ඇත. රූපවාහිනියේ ප්‍රථම රූපවාහිනී කතාමාලාව වූ සඳමාලිගේ කතාවට සංගීතය නිර්මාණය කළේද ඔහු හාර්මෝනියම්, වයලීනය තබ්ලා වාදනයෙන් මුල් කාලයේ සිය දිවිය ඇරඹු ඔහු 1955-2023 ක්‍රියාකාරී වසර තුල ගැයූ ගී ගණන දහස් ගණනකි.කැසට් පටි හා සීඩී තැටි නිෂ්පාදකයන්වූ තරංගා ,නිල්වලා රන්සිළු ආයතන මොහුගේ ගී නිර්මාණ සිය ගණනක් 1960-70 දශකයන්හිදී එම ලේබල් යටතේ එළිදක්වා තිබුණි.
නාට්‍ය හා චිත්‍රපට පසුබිම් ගායකයෙකු වූ ඔහු සංගීත අධ්‍යක්ෂක වරයෙකු ලෙසද කටයුතු කළේය.මුල් කාලයේ දිවයිනේ ජනප්‍රියවූ ගී රැසක් වෙති. “ඇවිලුනු ගිනිදැල් නිවී නිවී යද්දී” ගීතයෙන් අපේ රසික හදවත් මන මෝහනය කල ඔහුගේ ගැඹුරු හඬ පෞරුෂයෙන් නොගැයුණු වේදිකාවක් ගුවන් නාළිකාවක් රුපවාහිනී නාළිකාවක් නැතිතරම්ය.ඔහු දිවයිනෙන් බැහැරව විදෙස් සංචාර රැසකටම සහභාගී වූ අතර ලන්ඩනයට වාර ගණනාවකට පැමිණ මෙහි වෙසෙන රසිකයන් මෝහනයට පත් කරන්නටද හැකිවූ බව අපේ මතකයේ තවමත් රැඳී පවති.
ඔහු ගැයූ ජනප්‍රිය ගී අතර දුලීකා, දු අනුරාධා ,එදා මෙදා , මා හද අසපුව,දේදුන්නේ පාට පාටින් ,එකමල් යායක ගමේ කොපි කඩේ දෙන්න දෙපැත්තේ යන ගී අප රටේ ඉතා ජනප්රියවිය, මෙවැනි කෙටි සටහනකින් ඔහුගේ ගී හා සේවාව ගැන සටහන් ලිවී ම උගහටය. ඔහු සංගීත පසුබිම් ගායනය කල චිත්‍රපටි ගණන සිය ගණනකට ආසන්නවේ.
ඔහුගේ බිරිදගේ (මල්කාන්ති) පවුලෙහි දිවයිනේ සංගීත අම්භබරයේ රැඳුණු විශාල පිරිසක්සිටිති. ඒ අතර සහෝදරියන් තිදෙනෙක්සහ සහෝදරයන් දෙදෙනෙක්වෙති. ඔවුන් නිර්මලා, නිරංජලා, සකුන්තලා කුමාර්, සහ මනෝජ්.පිරිස් ය.සංගීතවේදී අබේවර්ධන බාලසූරිය.විජේරත්න රණතුංග මෙම පවුල හා සබැඳි අනෙක් අයවෙති. මනෝජ් පීරිස් ශ්‍රී ලංකාවේ කීර්තිමත් තබ්ලා වාදකයෙක් සහ සංගීතවේදියෙකි.
හඬදසක ගණනාවක් අප රටේ දහසක් ගණනාවක්ම වූ රසික කැළ නැළ වුයේය.ඒ හඬ නැගු කෝකිලයා කාටත් නොකියාම අද උදැසන සැඟවී ගොසිනි. මේ පුවත අසන අප රටේ මෙන්ම ලොව පුරාවෙසෙන බොහෝ රැසික පිරිස් අපමණ ශෝකයට පත්වනු වනු නියතය.ඔහුගේ හඬ ගුවනේ කාලාන්තරයක් රැව් දෙනු නියතය.
හඩින් රටක් සැනසූ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි කලාකරුවාණෙනි,
ඔබට අමා මහ නිවන් සුව !
ශාන්ත සේනාධීර – ලංකා නිවුස් යුකේ.
(මෙහි පළවන සේයාරූ අන්තර් ජාලයෙන් ලබාගත් අතර ඒවායේ අයිතිය ඒ හිමිකරුවන් සතුය.)