තිස්හයේදි පටන් ගත් ගමන තිස්හයක් තිස්සෙ මම තාම ලියනවා!
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි සුන්දර නිහතමානි ද මැල්

Silumina lk Columns
September 27, 2025
ඉනෝකා සමරවික්‍රම
‘මානිගේ තීරුව NOT OUT 36!’ජනගත කිරීම හෙට (29) සවස 3.30ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී…
‘දවසක් මට ප්‍රධාන කතුවරයා කතා කළා. අපේ ප්‍රධාන කතුවරයා වුණේ දිවයින පුවත්පතේ ආරම්භක කර්තෘවරයා වූ එඩ්මන් රණසිංහ මහත්මයා. ‘අයිසේ! තමුසෙට ඉරිදා පත්තරේට කොලමක් ලියන්න පුළුවන්ද?’ ඔහු මගෙන් ඇහුවා. එතැනින් තමයි මම ‘මානිගේ තීරුව’ ලියන්න පටන් ගත්තේ. ඒ කාලේ මගේ වයස අවුරුදු තිස්හයක් විතර. එතැන් සිට අවුරුදු තිස්හයක් තිස්සේ මම ‘මානිගේ තීරුව’ ලියලා තියෙනවා. එදා මෙදා තුර ජනාධිපතිවරු අට දෙනෙක් ගැන උපහාසයෙන් ලියලා තියෙනවා.”
වසර තිස්හයක් තිස්සේ ‘පත්තරකාරයකු’ ලෙස කටයුතු කරන, කලක් ‘සිළුමිණ’ මුල් පුටුවද හෙබවූ සුන්දර නිහතමානි ද මැල් ‘මානිගේ තීරුව NOT OUT 36!’ ගැන පවසන්නේ එලෙසිනි. එය අපූරු ලියවිල්ලකි. ‘දිවයින’ පුවත්පත ආරම්භයේ සිටම එහි ලේඛකයකු වූ සුන්දරට මේ අලුතින් පැවැරූ කාර්යය එතරම්ම අපහසු වූයේ නැත. ඒ, ළමා වියේ සිටම ලේඛන කටයුතු කළ ඔහුගේ වැඩි කැමැත්ත වූයේද දවසක ‘ලේඛකයකු’ වීම වූ බැවිනි. නොඑසේ නම් ‘ලිවීම’ ඔහුගේ ඇඟේම වූ බැවිනි.
1953 අප්‍රේල් 19 දින උපන් සුන්දර මූලික අධ්‍යාපනය ලබන්නේ මොරටුව විද්‍යාලයේය. ඔහු ගාල්ලේ මහින්ද විද්‍යාලයට ඇතුළත් වන්නේ සිය පියාගේ රැකියා ස්ථානය මාරු වීමත් සමඟය.
“මගේ තාත්තා ලාල් ප්‍රේමනාද මැල් සේවය කළේ ඇම්.ඩී. ගුණසේන සමාගමේ. පසුව ඔහුට එහි ගාල්ලේ කාර්යාලයට ස්ථාන මාරුවක් ලැබුණා. ඒ නිසා අපිත් ගාල්ලට ගියා. එහෙදී ඇතුළත් වුණේ මහින්දෙට. ඒත් සාමාන්‍ය පෙළට කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණා.
“තාත්තා විශ්‍රාම යන විට ඇම්.ඩී. ගුණසේන ආයතනයේ අධ්‍යක්ෂ කෙනෙක්. මගේ අම්මා කුසුමා. මගේ අම්මත් පොත් කිහිපයක් ලියලා තියෙනවා. ඇය පොත් ලියන්න පටන් ගත්තේ වයස අවුරුදු හැත්තෑවේදී. ඇය ඇයගේ ජීවිත කතාව ලිවුවා. මගේ අයියයි මල්ලියි ලේඛන කලාවට සම්බන්ධ නැහැ.
“තාත්තාගෙ නම් කිසිම කැමැත්තක් තිබුණේ නැහැ මම පත්තර කලාවට සම්බන්ධ වෙනවාට. ඔහු කිවුවේ වෙනත් රස්සාවක් කරන ගමන් පොත් ලියන්න කියලා. ඒත් කුඩා කාලයේ ඉඳලම මගෙ කැමැත්ත තිබුණේ පත්තර කලාවට සම්බන්ධ වෙන්න.”
ඔහු පත්තරවලට ලියන්න පටන් ගත්තේ වයස අවුරුදු හයක් තරම් කාලයේ සිටය. පොත් කියවීමත්, පත්තර කියවීමත් ඔහුගේ ලිවීමේ ආසාව තවත් වැඩි කළේය. 1971 කාලයේ රටේ පැවති දේශපාලන තත්ත්වයත් සමඟ පාසල් වැසී ගියේය.
“ඒ කාලේ මම ‘දවස’ පත්තරේ වැඩට ගියා. එතකොට මට වයස අවුරුදු දහඅටක් විතර ඇති. ඒත් නැවත පාසල් පටන් ගත්තාම ආපහු පාසල් ගියා. පසුව ‘මල්ටි ෆැක්ස්’ ආයතනයෙන් ආරම්භ කළ ‘ඉරිදා’ පත්තරයට සම්බන්ධ වුණා. ඊටත් කාලයකට පස්සේ තමයි ‘දිවයින’ පුවත්පතට සම්බන්ධ වුණේ. ඔන්න ඔය අතරේ තමයි මට එඩ්මන් මහත්තයා තීරු ලිපියක් පටන් ගන්න කිවුවේ. ඒ කාලේ මම දිවයින බදාදා අතිරේකයට ලිපි දෙකක් විතර ලියනවා. ඒ ලිපිවල නම ගියේ ‘මානි’ කියලා. ඒ නිසා ‘මානිගේ තීරුව’ කියලා කොලමටත් නම යෙදුවා. මම මගේ මල්ලීට කිවුවා ‘නම නොදා කොලමක් ලියමු කියලා පත්තරෙන් කියනවා’ කියලා. මල්ලි කිවුවා ‘ඒ ඔයා කියලා දැන ගන්න ඕනැ නේ… ඒ නිසා නමක් දාමු’ කියලා. එහෙම තමයි ‘මානිගේ තීරුව’ ඇරඹුණේ.”
සුන්දරට වඩා හොඳින් ‘මානිව’ රටක්ම දන්නේය. රටේ දේශපාලනය පමණක් නොව, සාමාජීය ප්‍රශ්නද ඔහුගේ කොලමෙන් කතා කරන්නේය. කොලම කියවා අවසානයේ පාඨකයාට සිනාවක් නැඟණද කොලම ඔස්සේ හිත බොහෝ දුර යන්නේය.
සුන්දර වසර තිස් හයක් තිස්සේ ‘මානිගේ තීරුව’ ඔස්සේ හරි අපූරු ලිපි ලීවේය. ඇතැම් ලිපි පාඨකයාගේ මතකයේ තවමත් ඇත. ඒ සමඟම ‘මානිගේ තීරුව’ සමඟ සුන්දරගේ හැඩරුවද පාඨක මනසේ වෙනම තැනක ඇත. එහි පළමු කාටූනය අඳින ලද්දේ විනී හෙට්ටිගොඩ විසිනි. ඒ, දිවයින ඉරිදා සංග්‍රහයේ ඇරඹි ‘මානිගේ තීරුව’ සඳහාය. විනී හෙට්ටිගොඩ ඒ කාටූනය ඇන්දේ 1989දීය. අවුරුදු දෙකහමාරකට පසුව එය වෙනස් විය.
“දෙවෙනි එක ඇන්දේ ශාන්ත කේ. හේරත්. ඒක තමයි දිගටම තිබුණේ. ‘ලක්බිම’ පත්තරේ ආරම්භ කළාට පස්සේ ‘මානිගේ තීරුවත්’ ලක්බිමට ආවා. දැන් මානිගේ තීරුවට අවුරුදු තිස් හයයි. අපි හැමදාම එකම විදිහට ඉන්න ඕනැ නෑ නේ. කාලයත් සමඟ වෙනස් විය යුතුයි. අලුත් කාටූනය දර්ශන කරුණාතිලකගේ.
“අවුරුදු තිස් හයක් තිස්සේ මම වැඩ කළේ පත්තරේ වුණාට, ඒක ‘රස්සාවක්’ කියලා කවදාවත් මට දැනිලා නෑ. ඒ වගේම, මම කවදාවත් ‘වැඩ කරනවා’ කියන හැඟීමකින් වැඩ කළෙත් නෑ. රස්සාව ගැන මම තෘප්තිමත්.”
සැබවින්ම ඔහු අපූරු ලේඛකයෙකි. ඇතැම් දිනවල ‘මානිගේ තීරුවේ’ ලියවෙන දේ රටේ බරපතළ ලෙස සාකච්ඡාවට භාජනය වන දේවල්ය. එහෙත් ඔහු ඒ සියල්ල ලියන්නේ තමන්ටවත් නොදැනෙන ලෙසය. කොහොමද එහෙම ලියන්නේ? එහෙම ඇහුවාම මානි කිවුවේ මේ වගේ දෙයකි:
“මානිගේ තීරුවේ බිරිය, පුතා, මුනුපුරා ඉන්නවා. මට එක මුනුපුරෙක් නෙමෙයි; දෙන්නෙක් ඉන්නවා. ‘මානිගේ තීරුව’ ලියන්න පටන් ගත්ත කාලේ මේක ඉතාම ජනප්‍රියයි. අවුරුදු දහයක් පහළොවක් විතර යන කල් ඒ තත්ත්වය තිබුණා. ඒකට හේතුව තමයි ඒ යුගයේ තාක්ෂණය එතරම් දියුණු නෑ. දැන් නම් පත්තර බලන්නෙත් බොහෝම අඩු පිරිසක් නේ. එහෙත් රූපවාහිනිය, ගුවන්විදුලිය විතරක් තිබුණ කාලෙක පත්තරවලට මේ සමාජයේ හොඳ තැනක් තිබුණා. මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ලියුම්වලින් තමා ඒ යුගයේ බොහෝ ප්‍රතිචාර ලැබුණේ. දැන් නම් මුහුණු පොතේ ‘කමෙන්ට්’ දාන එක නේ කරන්නේ. සමහර වෙලාවට අසභ්‍ය වචනයෙන් බැණලා ලියලාත් තියෙනවා. මම මේවට ප්‍රතිචාර දක්වන්නේ නෑ; ඒ අයව ‘බ්ලොක්’ කරන්නෙත් නැහැ. මම කා සමඟවත් තරහක් නෑ. ඒ තමයි මගෙ හැටි.”තිස්හයේදි පටන් ගත් ගමන තිස්හයක් තිස්සෙ මම තාම ලියනවා!
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි සුන්දර නිහතමානි ද මැල්
September 27, 2025 12:30 am 0 comment
ඉනෝකා සමරවික්‍රම
පෑනෙන් ජනතාවට කතා කරන, එක එල්ලේ කියන්න බැරි දේවල් හාස්‍යයෙන් ජනතාවට කියන, රටේ දේශපාලනය උපහාසයට ලක් කරන ‘මානිගේ තීරුව NOT OUT 36!’ ජනගත කිරීම හෙට (29) සවස 3.30ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙහිදී මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හා හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය දෙසුම් පවත්වති.

See insights
All reactions:
6You, Ashika Sandaruwan, Saman Nandalal and 3 others