හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රශ්න රැසක් නිමා කරමින් අවසන් ගමන් යයි

0
36

Lanka News UK

15/08/25

.හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රශ්න රැසක් නිමා කරමින් අවසන් ගමන් යයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අගෝස්තු 15 වන අද දින අභාවප්‍රාප්ත වී තිබුණේ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිදිය. ඔහු මිය යන විට 57 වන වියේ පසු විය.හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ අනුරුද්ධ රත්වත්තේගේ පුත්‍රයෙකුවූ ඔහු ආන්දෝලනාත්මක සිදුවීම් රාශියකට සම්බන්ධවූ දේශපලකයෙකුවේ.

2012 වසරේ ඔහු පාතදුම්බර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත්වී දේශපාලන දිවිය ඇරඹු ඔහු 2015 සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණවලින් ඔහු යළි පාර්ලිමේන්තුවට තේරී පත්විය.එම කාලය අතරතුර ඔහු මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයද ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඔහු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, සිරකරු පුනරුත්ථාපන, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත යන රාජ්‍ය අමාත්‍ය ධූර හා .2024 වසරේ ජනවාරි 29 වන දා ඔහු වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්විය.

2001 දෙසැම්බර් 05 දා පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී මහනුවර, උඩතලවින්නේදී මුස්‌ලිම් ජාතික තරුණයන් 10 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා විය.T56 ගිනිඅවිවලින් ඝාතනය කර තිබූ මෙම පුද්ගලයන්ගේ සිරුරු වෑන් රථයක තිබී සොයා ගනු ලැබිණි.
මෙම සිද්ධියට සැකපිට එවකට හිටපු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු වූ අනුරුද්ධ රත්වත්තේ, ඔහුගේ පුත් ලොහාන් රත්වත්තේද හා චානුක රත්වත්තේද ඇතුළු සැකකරුවන් 15ක් අත්අඩංගුවට පත් විය..මේ දෙදෙනා ඇතුළු විත්තිකරුවන් 15 දෙනකුට මිනීමැරීම සම්බන්ධව අධිචෝදනා ගොනු කරනු ලැබූ අතර .2006 වසරේ ජනවාරි 20 දා මහාධිකරණය විසින් රත්වත්තේවරු තිදෙනා ඇතුළු චූදිතයන් 10 දෙනෙක් චෝදනාවලින් නිදොස් කරනු ලැබූහ.මහාධිකරණය මරණ දඬුවම නියම කරනු ලැබූ චූදිතයන් පස්දෙනා එම තීරණය පිළිබඳ නැවත සලකා බලන ලෙස ඔවුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනු කෙළ්ය.මේ අනුව අභියාචනාකරුවන්ගේ ඇපල තීන්දුව පිළිගනු ලැබූ අතර මහාධිකරණ නඩු තීන්දුව නිෂ්ප්‍රභ කරමින් අදාළ විත්තිකාර අභියාචකයන් පස්දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබුණි..

2021 සැප්තැම්බර් මස ලෝහාන් රත්වත්තේ යළි ආන්දෝලනයකට ලක්වූයේ, වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල සංචාරවලදී කළ බව කියන නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙනි.සිරකරු දිනය යෙදුණු සැප්තැම්බර් 12 වන දා පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය ඇමැතිවරයා පිස්තෝලය පෙන්වා සිරකරුවන් දණගස්වා ඇතැයි කියන සිද්ධිය මහත් ආන්දෝලනයට ලක්විය.

රාජ්‍ය ඇමැතිවරයා විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින විශේෂ සිර මැදිරිය වෙත ගොස් ඉන් සිරකරුවන් අට දෙනකු පිටතට ගෙන ඔවුන් දණ ගස්වා තිබුණු බව මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරිණි.මේ සිද්ධිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට පවා සැළකර තිබුණි.

තව දුරටත් ලොහාන් රත්වත්තේ ගැන මෑතකදී යළි කතා බහට ලක්වු කරුණක් වුයේ , ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වෙඩි වැදී මිය යාම හේතුවෙනි.එම සිද්ධිය පිළිබඳ විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබමින් සිටි .ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා මහනුවර, කටුගස්තොට, මහයියාව ප්‍රදේශයේ ලොහාන් රත්වත්තේට අයත් කාර්යාලයක් ආසන්නයේ නිවසකදී වෙඩි වැදී මිය ගොස් තිබුණේ, ඔක්තෝබර් 20 වන දා දහවල් කාලයේදී ය.ඔහු ළග ගීනි අවියක්ද සොයා ගෙන තිබුණි.

ලොහාන් රත්වත්තේ පිළිබඳ ආසන්නතම වරද වුයේ නීතිවිරෝධීව එකලස් කළ වාහනයක් භාවිත කිරීම සම්බන්දවය.ඒ
සම්බන්ධයෙන් ඔහු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇපමත සිටියයේය.. ඒ නඩුව කැඳ නියමිතව තිබුණේ , නොවැම්බර් 7 වනදාය..තවද ආසන්නතම ආන්දෝලනය වූයේ නීතිවිරෝධීව එකලස් කළ වාහනයක් භාවිත කිරීම ය.මේ සම්බන්ධව ඔහුගේ බිරිඳද අත් අඩංගුවේ කලක් පසුවිය.

තව දුරටත් ලොහාන් රත්වත්තේ ගැන මෑතකදී යළි කතා බහට ලක්වු කරුණක් වුයේ , ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වෙඩි වැදී මිය යාම හේතුවෙනි.එම සිද්ධිය පිළිබඳ විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබමින් සිටි .ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා මහනුවර, කටුගස්තොට, මහයියාව ප්‍රදේශයේ ලොහාන් රත්වත්තේට අයත් කාර්යාලයක් ආසන්නයේ නිවසකදී වෙඩි වැදී මිය ගොස් තිබුණේ, ඔක්තෝබර් 20 වන දා දහවල් කාලයේදී ය.ඔහු ළග ගීනි අවියක්ද සොයා ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here