ඊශ්‍රායල ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙක් මරුට

0
45

ඊශ්‍රායල ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙක් මරුට

By Anjali Withanage -අගෝස්තු 11, 2025 ප.ව. 12:020

©Al Jazeera

ගාසාහි අල්-ෂිෆා රෝහල ආසන්නයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගොස් තිබේ.

අල් ජසීරා පුවත් සේවය සඳහන් කර ඇත්තේ, වාර්තාකරුවන් වන අනාස් අල්-ෂරීෆ්, මොහොමඩ් ක්‍රෙයිකේ සහ කැමරා ශිල්පීන් වන ඉබ්‍රාහිම් සහර්, මොහොමඩ් නෞෆාල් සහ මෝමෙන් අලිවා යන මාධ්‍යවේදීන් පස් දෙනා මෙලෙස මිය ගොස් ඇති බව ය.

මෙම ප්‍රහාරය “ඉලක්කගත ඝාතනයක්” බවත් මෙය “මාධ්‍ය නිදහසට එල්ල වූ තවත් පැහැදිලි සහ සැලසුම්සහගත ප්‍රහාරයක්” බවත් අල් ජසීරා පුවත් සේවය සඳහන් කරයි.

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව (CPJ) අනුව, 2023 ඔක්තෝම්බර් මාසයේදී ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ප්‍රහාරය ආරම්භ වූ දා සිට මාධ්‍යවේදීන් 186 දෙනෙකු මිය ගොස් ඇත. (Mawbima lk News)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here