
ලන්ඩන් කොළම – ලංකා නිවුස් යු කේ.
මේ අවනඩුව කවදා විසඳේ ද ?
අපි කුසගින්නේ වෙලෙන පලස්තීනයේ ගාසාව කෑම සොයා අයදින ජනකායකට බෝම්බ ප්‍රහාර එල්ල කරන අළුගෝසුවන් ගැන අපි කවි ලියමු.රෝමය ගිනි ගනිද්දී වීනාවදනයේ යෙදුනාසේ ලොවම එම ක්‍රියාව හෙළා දැමුවද ඔවුන්ට ආහාර වේලක් බෙදා දමන්නට ඉඩනොදී දෙපිලකට බෙදී වසර ගණනක් තිස්සේ ඇණ කොටාගනිමින් රටක් දුහුවිලි කරමින් සිදු කරණ මේ විනාශය නවත්තපියව්.මේ විනාශය.මනුෂත්වය තඹ දොයිතුවකට අද දමමින් තවමත් ගාසවේ රැඳී සිටින සියලුම සතුරන් අවසානයක් දකින්නට වෙරදරණ මෙල්ල කරමින් මෝඩ තකතීරු පාලකයිනි.
බ්‍රිතාන්‍ය ගුවනින් ආහාර පාර්සල් බෙදු පමණින් මේ ප්රශ්නය විසඳේ විද? ගාසා තිරය නිදහස් රාජ්‍ය යක් බවට පමණක් නම් කිරීම එයට ඇති එකම පිළිතුරද?ඇමරිකාවේ බලවතා තවමත් මේ ප්රශ්නය පිලිබඳ දරන්නේ දෙබිඩි පිළිවෙතකි.
ඒ මස්පිඩම ඉල්ලා ශේක්ෂ්පියර් එදා ලියු කතාව අදත් සිහිපත්වන්නේ එය සත්‍යයක්ම වන බැවිනි මට සිතේ.අහර නැතිව කුසගින්නේ වේලෙන කුඩා දරුවන් මව් පියන් මේ විඳින්නේ ඔවුන්ගේ වරදක් නිසාද? ලෙඩ රෝගවලට යන්නට රෝහලක් එහි නැත.ලොවක් එයට එරෙහි වුවත් අමන පාලක රැලක් ලොවේ වෙසෙන තුරු ඔවුන්ට ආයුධ දෙමින් සිය මදිය තර කර ගනිමින් සාමය ගැන කතාකරන හැටි ආහර බිඳක් බෙදන්නට වෙරදරන ඔල මොට්ටල බලවතුන් රජකරන ලොවක අපි සැවොම තවමත් ඔවුන් යලි යලිත් බල ගන්වමින් සාමය එනතුරු බලාසිටිමු.
අද වනවිට ගසාවේ සමතලා නොවූ ගොඩනැගිල්ලක් නැති තරම්ය.ලොවේ එක්සත් ජාතින් සැවොම එක හෙලා මේ කුරිරු යද්ධය නවතපියව් කීවත්,යුධ අපරාධ කළබව නීති පැනවුවත්,ඒ සැම නොසලකාහරින මෙලෙච්ච්ජ පිරිසක් අදත් ලොව යහතින් වැන්ජබෙති.නීතිය පනවා ඇත්තේ බලවතුනට හෝ ඔවුන්ගේ අන්තේවසිකයන හැර අනෙක් අයටය.
“2025 ජූලි 24 වන දින, ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, ගාසා යුද්ධයේදී පුද්ගලයින් 61,800 කට වැඩි පිරිසක් පලස්තීනුවන් 59,866 ක් සහ ඊශ්‍රායල ජාතිකයින් 1,983 ක් මිය ගොස් ඇති බව වාර්තාවල සඳහන්වේ. මේ අතර, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 217 ක්, විද්වතුන් 120 ක්, සහ මානුෂීය ආධාර සේවකයින් 224 කට වැඩි පිරිසක්, UNRWA හි සේවකයින් 179 ක් ඇතුළත් වේ. විද්වතුන් ඇස්තමේන්තු කර ඇත්තේ මියගිය පලස්තීනුවන්ගෙන් 80% ක් සිවිල් වැසියන් බවයි.ස්වාධීන මූලාශ්‍ර තුනකින් මරණ තහවුරු කළ OHCHR විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ නේවාසික ගොඩනැගිලි හෝ ඒ හා සමාන නිවාසවල මියගිය පලස්තීනුවන්ගෙන් 70% ක් කාන්තාවන් සහ ළමුන් බවයි.
තුවාල ලැබූවන්ගෙන් බහුතරය ගාසා තීරයේ ය. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ (GHM) මුළු තුවාල සංඛ්‍යාව යනු යුද්ධය නිසා සෘජුවම සිදු වූ මරණ සංඛ්‍යාවයි. ජනවිකාස බිඳවැටීම තනි තනිව හඳුනාගත් අයගේ උප කුලකයකි. 2024 සැප්තැම්බර් 17 වන දින, GHM විසින් අනන්‍යතා තහවුරු කරන ලද තනි පලස්තීනුවන් 34,344 දෙනෙකුගේ නම්, ස්ත්‍රී පුරුෂ භාවය සහ උපන් දිනය ප්‍රකාශයට පත් කරන ලද අතර සියලු තුවාලකරුවන් හඳුනා ගැනීමට දිගටම උත්සාහ කරයි.”වැළැක්විය හැකි රෝග, මන්දපෝෂණය සහ යුද්ධයේ අනෙකුත් ප්‍රතිවිපාක” වලින් මියගිය අය GHM ගණන් කිරීමට ඇතුළත් නොවේ.[55] ගාසා සෞඛ්‍ය ප්රක්ෂේපණ ක්‍රියාකාරී කණ්ඩායම විසින් කරන ලද විශ්ලේෂණයකින් රෝග සහ උපත් සංකූලතා හේතුවෙන් දහස් ගණනක් අතිරික්ත මරණ පුරෝකථනය කර ඇත. මේ වාර්තාවන්ගෙන් කොටසකි..”
මේ අවනඩුව කවදා විසඳේ ද ?