සුපිරි නළු ෂාරුක් ඛාන් අනතුරකට මුහුණ දෙයි – ප්‍රතිකාර සඳහා අමෙරිකාවට රැගෙන යයි

0
46

සුපිරි නළු ෂාරුක් ඛාන් අනතුරකට මුහුණ දෙයි – ප්‍රතිකාර සඳහා අමෙරිකාවට රැගෙන යයි
July 20, 2025

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් මුම්බායි හි ගෝල්ඩන් ටුබැකෝ චිත්‍රාගාරයේ “කිං” චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශනයක් රූගත කරමින් සිටියදී අනතුරකට ලක්ව තිබේ.

අනතුරින් ඔහුගේ මාංශ පේශි ආබාධයකට ලක්ව ඇතැයි බොලිවුඩ් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඒ අනුව ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා අමෙරිකා එක්සත් ජනපදයට ගෙන ගොස් ඇති අතර ඔහුට විවේක ගන්නා ලෙස උපදෙස් දී ඇත.

ඉන්දීය ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය මත ෂාරුක් ඛාන්ගේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල රූගත කිරීම් නැවත ආරම්භ කිරීමට පෙර මාසයක නිවාඩුවක් ගත කර ඇති බවයි.

මේ අනුව ජුලි සිට අගෝස්තු දක්වා කිං චිත්‍රපටයේ රූගත කිරීම සඳහා වෙන් කරවා ගත් ඇතැම් ස්ථාන නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බව වාර්තා වේ.

2026 වසරේ දී එළිදැක්වීමට අපෙක්ෂිත ‘කිං’ චිත්‍රපටයේ රූගත කිරීම් ඉන්දියාවේ සහ යුරෝපයේ සිදු කිරීමට නියමිත බව තිබුණි (Silumaina lk News)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here