ඇමරිකාවේ ප්‍රබල භූ කම්පනයක්

0
32

ඇමරිකාවේ ප්‍රබල භූ කම්පනයක්
17 July 2025

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ හේතුවෙන් ඇලස්කා ප්‍රාන්තයේ වෙරළබඩ කලාපයට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

ඇලස්කාවේ සැන්ඩ් පොයින්ට් දූපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 87ක් දුරින් සහ කිලෝමීටර් 20ක් ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය
(ARUNA LK NEWS).

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here