පළමු T20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

0
30

පළමු T20 තරගයේ ජය ශ්‍රී ලංකාවට
10 July 2025

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්ස තරගය කඩුළු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.

ශ්‍රී ලංකා පිලේ ආරාධනයට අනුව පළමුව පන්දුවට පහරදීමට පල්ලේකැලේ ක්‍රීඩාපිටියට පැමිණි බංග්ලාදේශ පිල කඩුළු 5ක් දැවී ලකුණු 154ක් රැස්කර ගත්තේය.

බංග්ලාදේශ පිල වෙනුවෙන් පර්වේස් හුසෙයින් ලකුණු 38ක් රැස්කර ගත් අතර, මොහොමඩ් නයිම් නොදැවී ලකුණු 32ක් රැස්කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල පන්දුවාර19කදී කඩුළු 3ක් දැවී ලකුණු 159ක් රැස්කරගෙන තරගය ජය ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 51කදී ලකුණු 73ක් රැස්කර ගත් අතර, ඊට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් වේ.

පැතුම් නිශ්ශංක පන්දු 16කදී ලකුණු 42ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමගිනි.( Aruna lk News)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here