අද උදැසන ඉන්දියාවේ සිදුවූ බිහිසුණු  ගුවන් අනතුරින් අවම වශයෙන් 260 පමණ  ජීවිතක්ෂයට පත්වූ අතර  බ්‍රිතාන්‍ය පුරවසියෙකුවන විශ්වාෂ් කුමාර රමේෂ් (45) ඉන්දිවි ගලවා ගනී 

0
43

ලංකා නිවුස් යු කේ.

12/06/25

අද උදැසන ඉන්දියාවේ සිදුවූ බිහිසුණු  ගුවන් අනතුරින් අවම වශයෙන් 260 පමණ  ජීවිතක්ෂයට පත්වූ අතර  බ්‍රිතාන්‍ය පුරවසියෙකුවන විශ්වාෂ් කුමාර රමේෂ් නමැති 45 හැවිරිදි අයෙකු ඉන්දිවි ගලවාගෙන තුවාල ලබා රෝහල් ගතකර ඇති බව ඉන්දියාවේ හින්දුස්ථාන පුවත් වාර් තාවක සඳහන් වේ.  මේ පුවත් මිට ටික වෙලවකට පෙර ලන්ඩනයේ ස්කයි හා බි.බි. සි හා ලොවපුර විදෙස්  පුවත්වල ප්‍රධාන පුවත ලෙස ප්‍රචාරය කරනු ලැබුණී.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් සිට එක්සත් රාජධානියේ ලන්ඩන්හි ගැට්වික් ගුවන්තොටුපොළ දක්වා ගමන් කරමින් තිබුණු මෙම ගුවන් යානය ගුවන් ගතවී  විනාඩි කිහිපයක් ඇතුළත  අනතුරට පත්ව තිබු තර ඒ වන විට එහි මගීන් හා කාර් ය මණ්ඩලයද ඇතුළුව මගින්  242 දෙනෙකු සිට තිබේ.

ගුවන් යානය කඩා වැටුණු ස්ථානයෙන් මළ සිරුරු 204ක් සොයාගෙන තිබුණි .මෙහි  සිටි මගින්  41 දෙනෙකු අණතුරින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව අහමදාබාද්  පොලිස් ප්‍රධානී ජී.එස්. මලික් බීබීසීයට පවසා  තිබුණි.

එම මළ සිරුරු 204ඔවුනට එහිදී හමුව ඇති අතර , ඒ  ගුවන් යානයේ ගමන් කළ මගීන්ගේ ද ගුවන් යානය කඩා වැටුණු ස්ථානයේ සිටි අයගේ ද යන්න මෙතෙක් තහවුරු කර නොමැති බව සඳහන් කර ඇත.

ඉන්දීය මාධ්‍ය මේ වනවිට පවසා ඇත්තේ   මෙම අනතුරින් මෙතෙක් මාධ්‍ය සඳහා තහවුරු කර ගැනීමට හැකිවූ මගියකුවූ  විශ්වාෂ් කුමාර රමේෂ්  සමග රෝහලේදී හදුනාගැනීමට හැකිවූ බව යි. ඔහු තම නම සහ ආසන අංකය පෙන්වන ඔහුගේ බෝඩිං අවසර පත්‍රය ඔවුන්ට දැක ගැනීමට සැලසු බවත් ඔහු සිය සොයුඉර සමග ඉන්දියාවට පැමිණි ඇති බව සඳහන් කර ඇත.ඔහු හිදුස්ථාන පුවත්පත් කලාවවේදියෙකුට පවසා ඇත්තේ “ගුවන්ගත වෙලා තත්පර තිහකට විතර පස්සේ, ලොකු සද්දයක් ඇහුණා. පස්සේ ප්ලෙන් එක කඩාගෙන වැටුණා. ඒ හැමදේ ම ඉතා ම ඉක්මනින් සිද්ධ වුණා,මට මතක එපමණයි යනුවෙනි.” ඔහු පැවසුවේ යැයි ඉන්දීය මාධ්‍ය වාර් තා  කළේ ය.

 2025 ජූනි 12 වන අද දින අහමදාබාද්-ලන්ඩන් ගැට්වික් දක්වා යාමට ගුවන්ගත වූ AI171 ගුවන් යානයේ අනතුරක් සිදු උනා . මේ මොහොතේ, අප විසින් තොරතුරු තහවුරු කර ගනිමින් සිටින අතර හැකි ඉක්මනින් වැඩිදුර තොරතුරු ලබා දීමට බලාපොරොත්තු වෙනවා,” යැයි එයාර් ඉන්දීය  (Air India)ගුවන් සමාගම නිකුත් කළ පණිවිඩයක දැක්වේ.මේ වන විට ඉන්දිනය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා බලවත් කම්පාවට පත්වී අනතුරට පත් මගී ගේ පවුල් වෙත සිය ශෝකය පල කරමින්   පණිවිඩයක් පළකර තිබුණි.ශ්‍රී ලංකාවේ මෙන්ම සෙසු රටවලින් ශෝක පණිවිඩ නිතුත්කර ඇති බව වාර් තාවේ.

සමාජ මාධ්‍යවල හුවමාරු වන වීඩියෝවල  මෙම ගුවන් යානය ගුවන්ගත වී සුළු වේලාවකින් යළි පහළට පැමිණෙන අයුරු සහ එකවර ගිනිදැල්වලින් වැසී පසුව කළු විශාල දුමාරයක් නැගෙන අයුරු දැක්වෙන රූපරාමු  විශාල ප්‍රමාණයක් මේ වනවිට සංසරණය වෙමින් පවතී.

ගුවන්යානා අනතුර නිසා ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ගුවන් මගින් පමණක් නොවන අතර යානය කඩාවැටුණු වෙද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාරයේ ආහාර ගනිමින් සිටි සිසුන්5 දෙනෙකුද, ඒ අසළ සිටි බොහෝ පිරිසක්ද සිටි බව එකී පුවත් වලට අනුව මේ අනතුරට ගොදුරුවූ පිරිස අතර වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here