අසිරිමත් සැමරුමක්! ජනතා විමුක්ති පෙරමුණේ -60 වැනි ලන්ඩනයේ සංවත්සරය

0
54

60 වැනි ලන්ඩනයේ සංවත්සරය

Gamini Muthukumarana

31/05/25

ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය ඊයේ මැයි 31 සවස ලන්ඩනයේ දී ඉතා අසිරිමත්ව පැවත්විණ. ජනතා විමුක්ති පෙරමුණ ඇරඹුණු මුල්කාලයේ පටන් එහි දේශපාලන කටයුතු ලන්ඩනයට ද තරමක් හුරුපුරුදුය. පක්ෂ ඉතිහාසයේ පලමු ජාත්‍යන්තර ශාකාව තිබුණේද ලන්ඩනයේය.

ඒ 70 දශකයේ අගය. 1977 සිරගෙදරින් නිදහස ලැබීමෙන් පසු රෝහණ විජේවීර සහෝදරයා වරක් මේ ලන්ඩන් සහෝදරවරු හමුවෙන්නට ද ගියේය. ජවිපෙ ඉතිහාසය තරමටම පැරණි සාමාජිකයෝ ලන්ඩනයේ ජීවත් වෙති. ඉතිහාසයේ පටන් අද දවසේත් ඔවුහු ස්වකීය පක්ෂය පෝෂණය … See more

අසිරිමත් සැමරුමක්!

ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය ඊයේ මැයි 31 සවස ලන්ඩනයේ දී ඉතා අසිරිමත්ව පැවත්විණ. ජනතා විමුක්ති පෙරමුණ ඇරඹුණු මුල්කාලයේ පටන් එහි දේශපාලන කටයුතු ලන්ඩනයට ද තරමක් හුරුපුරුදුය. පක්ෂ ඉතිහාසයේ පලමු ජාත්‍යන්තර ශාකාව තිබුණේද ලන්ඩනයේය. ඒ 70 දශකයේ අගය. 1977 සිරගෙදරින් නිදහස ලැබීමෙන් පසු රෝහණ විජේවීර සහෝදරයා වරක් මේ ලන්ඩන් සහෝදරවරු හමුවෙන්නට ද ගියේය. ජවිපෙ ඉතිහාසය තරමටම පැරණි සාමාජිකයෝ ලන්ඩනයේ ජීවත් වෙති. ඉතිහාසයේ පටන් අද දවසේත් ඔවුහු ස්වකීය පක්ෂය පෝෂණය කරමින් සිටිති.

මේ සාමාජිකයෝ පක්ෂය වෙනුවෙන් මෙතරම් කැප වෙන්නේ ඔවුන් මහා සිහිනයක් පසුපස හඹා යමින් සිටිනා හෙයිනි. ජ වි පෙ ඉතිහාසයේ ගෙවුණු බොහෝ දුෂ්කර කාල වල 1970 හා 80 දශකවල හා පසු කාලයේත් මේ ලන්ඩන් සහෝදරවරු ස්වකීය පක්ෂය නගා සිටුවන්නට දායක වූහ. ගෙවුනු කාලයේ ජ වි පෙ ගමන් මග වෙනුවෙන් වැඩිම ආධාර උපකාර කල සහෘද කැලක් සිටින්නේ ලන්ඩනයේය. ඔවුන් සවකීය පක්ෂය පෝෂණය කිරීමට අමතර රැකියාවල් හා විවිධ දේවල් කරති. ජ වි පෙට මෙතරම් මුදල් කොහෙන් දැයි විමසූ අවලාද මඩ ගසන නීලකාස හොරුන් නොදන්නා රහස නම් මේ විදෙස්ගත සාමාජිකයාගේ පරිත්‍යාගයි.

ලන්ඩනයේ මා දන්නා අපූරු ජ වි පෙ පැරණ්නෝ සිටිති. ඔවුන් අතරින් කිහිප දෙනෙකු අද 60 වන සංවත්සරයේ වේදිකාවට කැඳවා අසුන් ගන්වා සිටියහ. 1971 අරගලය පටන් ගන්නට පෙර ජ වි පෙට වැඩිම මුදල් ආධාරයක් පිරි නැමූ සොයුරා ද එහි සිටියේය. එකල රෝහණ විජේවීර සහෝදරයා පුස් බයිසිකලයක නංවා ගෙන කුසගින්නට වඩේ කමින් තේ බොමින් කොළඹ මංමාවත් පුරා කම්කරුවන් හමුවෙන්නට ගිය සොයුරා ද එහි විය. ඒ අතර ජ වි පෙ ඉතිහාසයේ විවිධ සිදුවීම් හා බැදුනු පැරණ්නන් එහි විය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ විචිත්‍රවත් ඉතිහාස කතාවය…

අද සිය පක්ෂයේ 60 වැනි සංවත්සරයට පැරණි මෙන්ම නවක සොයුරු සොයුරියෝ ද ජ වි පෙ හිතාදරයෝ ද පැමිණ සිටියහ. ජවිප ඉතිහාසයේ සුවිශේෂි නිමේෂයන් විදහා දක්වන ජායාරූප පෝස්ටර්ස් හා දිවි පිදූ සගයන්ගේ ජායාරූප ද සැමරුම් ශාලාවේ ප්‍රදර්ශනය ට එක් කර තැබුවේ අප හදවත් ඒ පක්ෂ අතීතය හා දිවි කැප කළ සහෝදරත්වයට ආදරය හා ගෞරවය මුසු කරමිනි. එවා බොහෝ හැඟුම්බරය. ඒවා විශාල සිහිනයක් පසුපස හඹා ගිය මිනිසුන්ගේ කතාය….

1965 වැනි ඈත කාලයක පටන් ඔවුන්ට තිබුණේ පොදු පරමාර්ථයන්ය. සමාජවාදී විප්ලවය ඔවුන්ගේ නිවහන විය. ඔවුහු ජ වි පෙ නැමති මේ දේශපාලන ප්‍රවාහය ගොඩනගමින් වඩා හොඳ සමාජ ආර්ථික රටාවක් පිළිබඳ විශ්වාස කලහ. ජනතා විමුක්ති පෙරමුණේ 60 වසරක දේශපාලනයෙන් වැඩිම කාලයක් ගෙවා දැමුනේ සමාජවාදය වෙනුවෙන් අරගල කල මරණීය දේශපානයකි. ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ ලැබුනු කාලයේ වුවද පාලකයන් ජ වි පෙ වෙත මුදාහැරියේ අනේක විධ මර්ධන පීඩාවන්ය. 94 න් පසු කාලයේ ජ වි පෙ සාමාජිකයින් කිහිප දෙනෙකුම නරුම දේශපාලකයන් විසින් ඝාතනය කල අවස්ථාවන් තිබිණ. ජ වි පෙ ගමන නවතා ලන්නට ඔවුහු නොකල කුමන්ත්‍රණයක් නැත.

වසර හැටක් පුරා ජ වි පෙ ඉදිරියට ගියේ රෝසමල් ඇතිරූ සුමට මගක නොවේ. අවි දැරූ සන්නද්ධ සටන් දෙකකට මුහුණ දීමට සිදු විය. ඒ ගමන්මග තුල සාධනීය ලක්ෂණ මෙන්ම නිෂේධනීය දේවල්ද තිබුණේය. මාක්ස් ලෙනින්වාදීන් ලෙස බොහෝ අඩුපාඩු දුර්වලතා තේරුම් ගනිමින් ඒවා නිවරදි කරගනිමින් සිටී. සමස්තයක් විදියට ජ වි පෙ මේ ගෙවුනු කාලය තුල විවිධ උපක්‍රම තෝරා තිබේ. ජ වි පෙ බහුජන දේශපාලන මාවත තෝරා ගැනීමට සමත්වීම ඔවුන් ලද සුවිසල් ජයග්‍රහණයකි.

අපේ රටේ පාලකයෝ 76 වසරක් තිස්සේ ප්‍රාර්ථනා කළේ “සදාකාලික බලයේ සිටින සිහිනයකි. ජාතිවාදය හා ආගම්වාදී ගෝත්‍රික මතවාද තුළින් ජනතා සිත්සතන් තවත් බොහෝ කලක් රැවටිය හැකි යැයි ඔවුන් සිතූහ. ඉතිහාසය එකම තැන හැමදාමත් භ්‍රමණය වනු ඇතැයි ඔවුන් සිතූහ. එහෙත් ජ වි පෙ දේශපාලන හා සමාජ විද්‍යාව මැනවින් දැන සිටියහ. ඉතිහාසය නැමති රෝදය එකතැන භ්‍රමණය වෙමින් නොරැඳෙන බව ජ වි පෙ දැන සිටියහ. එය නිර්භීත හා අධිෂ්ඨානශීලී ගමනක් විය. 60 වසරකට පසු ලංකා ඉතිහාසය ප්‍රතම වරට “ජනතාවගේ ජනාධිපතිවරයෙකු හා ජනතා ආණ්ඩුවක්“ පත්කර ගෙන ඇත. මේ ජයග්‍රහණ පසුපස දිවි පිදූ දහස් ගණනක් අතීත සොයුරු සොරියන්ගේ ලේ දහදිය කදුළු මුසුව ඇත. මෙය ඇරඹුමක් පමණි. අභියෝග ඇත්තෙ මෙතැන් පටන්ය. නොසිතූ විරූ ලෙස බලය අහිමිවූ හොරුන් දූෂිතයින් දැන් ආණ්ඩුවට එරෙහිව අවලාද පිට අවලාද ගසමින් ජනතාව රැවටීමට විවිධ කුමන්ත්‍රණ වල යෙදී සිටී.

අපට ගමන නිමා කල හැකි වන්නේ ජනතා ජයග්‍රහන ඔස්සේ පමණි. ජනතාව පීඩිත බවින් මුදවා ගැනීමේ අභිලාෂය මල්පල ගැන්වීමට “මාලිමා” ආණ්ඩුව ක්‍රියා කරනු ඇතැයි මේ අසිරිමත් නිමේෂයේ අපි විශ්වාස කරන්නෙමු. රජවරුන් තැනූ ඉතිහාසය වෙනුවට ජනතාව විසින් නිර්මාණය කරන ඉතිහාසයක් අනාගතයේ ගොඩ නැංවිය යුතුය. මේ ගැන ඊයේ සංවත්සරය ඇමතූ දර්ශන හෙට්ටිආරච්චි සහෝදරයා ඉතා සාරවත් ලෙසින් පැහැදිලි කළේය.

80 දශකයේ ජ වි පෙ මහා දේශපාලන ජනරැළි වලදී පක්ෂ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ලාංකික ජනතාව මත මෙවන් සිහිනයක් දැල්වූ බව සදහන් කරන්නට කැමැත්තෙමි.

“ජනතාව කවද හරි දවසක මේ රටේ පාලන බලය අපට බාර දෙනව කියල අපි විශ්වාස කරනව. ඒ වගේම අපි විශ්වාස කරනව ජනතාව අපට බලය දුන්නට පස්සෙ ඒ බලය නැවත වරක් මේ රට පාලනය කරපු හොරුන්ට දූෂිතයින්ට බාර දෙන්නෙ නැහ කියල. අපේ පාලනයක් කියන්නෙ ජනතාව වෙනුවෙන් වැඩ කරන, ජනතාවගෙ හිත සුව පිනිස කල්පනා කරල වැඩ කරන රජයක්. අන්න එදාට මේ රටේ තියෙන හැම මැතිවරණයකදිම ජනතාව අපට බලය ලබා දෙනව කියල අපට විශ්වාසයි“

ජනතා ජයග‍්‍රහණ දිගුකල් දිනේවා !

Gamini Muthukumarana

All reactions:

1Lanka News UK

Like

Comment

Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here