
ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි
By Anjali Withanage -මැයි 23, 2025
බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.
දකුණත් පිතිකරුවෙකු මෙන් ම දකුණත් මඳවේග පන්දු යවන්නෙකු වන ඇන්ජලෝ මැතිව්ස් 2008 වර්ෂයේ දී තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස පළමුවරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව උදා විය.
ඔහු 2009 වසරේ ජූනි 8 වන දා ඔස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි 20 වරම් ලැබූ අතර 2009 වසරේ ජුලි 4 වන දා පකිස්ථානයට එරෙහිව ඔහුගේ පළමු ටෙස්ට් තරගය සඳහා කර තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර තෙවන ස්ථානයේ ඇන්ජලෝ මැතිව්ස් රැඳී සිටියි.(MAWBIMA LK NEWS)