අපේ චරිත් සහ යානිකා අවුරුදු 30 න් පහළ ආසියාවේ විශිෂ්ටයන් අතරට

0
47

අපේ චරිත් සහ යානිකා අවුරුදු 30 න් පහළ ආසියාවේ විශිෂ්ටයන් අතරට

May 16, 2025

ෆෝබ්ස් සඟරාව විසින් පළ කරන ලද ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ටයන් 30 දෙනාගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුගේ නම් ද ඇතුළත්ව තිබේ.

ඒ අද Wild Cookbook YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියකු වන චරිත් එන්. සිල්වා සහ ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායිකාවක වන Silver Aisle හි නිර්මාතෘ යානිකා අමරසේකර යන දෙදෙනායි.

Wild Cookbook නාළිකාව පසුගිය මාර්තු 28 වැනිදා සිය ග්‍රාහකයින් මිලියන 10 පසුකර ගියේය. ඒ අනුව මිලියන 10ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික නාළිකාවේ හිමිකරුවා බවට චරිත් එන්. සිල්වා පත්වෙමිනි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button එක හිමි කර ගැනීමට ද ඔහුට හැකි විය. 2020 වසරේ දී දියත් කරන ලද මෙම යූටියුබ් නාලිකාවේ වීඩියෝ 600කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති අතර, එය බිලියන 4කට වැඩි නැරඹුම් ලබාගෙන ඇත. චරිත්ගේ සුවිශේෂී ඉවුම් පිහුම් ශිල්පීය ක්‍රම සහ එය ඉදිරිපත් කරන ආකාරය ඔහුගේ ජනප්‍රියත්වයට ප්‍රධානම හේතුවක් විය.

මේ අතර, යානිකා අමරසේකර Retail & Ecommerc අංශයෙන් 2025 Forbes 30 Under 30 ආසියා ලැයිස්තුවට නම් කර තිබේ. විවාහ උත්සව සඳහා තෑගි වෙන් කිරීමට ශ්‍රී ලංකාවේ පළමු වරට ආරම්භ කළ ඩිජිටල් වේදිකාව වන Silver Aisle නිර්මාතෘවරිය ඇයයි. 2019 වසරේදී ආරම්භ කළ මෙම ඩිජිටල් වේදිකාව මේ වන විට ජීවිතයේ සියලු අවස්ථාවන් සඳහා තෑගි වෙන් කිරීම හා බෙදා හැරීම, භෝජන සහ නිවාඩු පැකේජ සහ අශ්වයින් පැදීම, ගොල්ෆ් සහ මැටි භාණ්ඩ සැකසීම ආදී විවිධ අංශ යටතේ සේවාවන් සපයන පුළුල් ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.

ඇය ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ව්‍යාපාරික පාසලෙන් ව්‍යවසායකත්වය, නවෝත්පාදන සහ කළමනාකරණය පිළිබඳ MSc උපාධියක් සහ දේශපාලන ආර්ථිකය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් සහ කැලිෆෝනියාවේ UC Berkeley හි ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හිමිකර ගෙන ඇත.

(DIVAINA LK NEWS)

May be an image of 2 people, people smiling and text that says "අපේ චරිත් සහ යානිකා අවුරුදු 30 න් පහළ ආසියාවේ විශිෂ්ටයන් අතරට May 16. 2025 Share f x A"

Like

Comment

Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here