එංගලන්ත 13න් පහළ ‘E. Pro’ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

0
52

එංගලන්ත 13න් පහළ ‘E. Pro’ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

By Rashi -April 12, 2025

එංගලන්තයේ ලැන්කැෂයර් ප්‍රාන්තයේ, වයස අවුරුදු 13 න් පහළ “E. Pro” ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග 06 කින් සමන්විත, තරග සංචාරයක් සඳහා 08 දින දිවයිනට පැමිණියහ.

මෙම කණ්ඩායමේ එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 13 දෙනකු සිටින අතර, පුහුණුකරු සහ කළමනාකාරවරයා වශයෙන් නිලධාරීන් දෙදෙනකුගෙන් ද සමන්විත වේ.

මොවුන් එන්.සී.සී., ඇපෙක්ස්, මාතර සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම, නිලන්ත කුරේ ක්‍රිකට් පුහුණු පාසල සහ සී.සී.සී. පුහුණු පාසල් අතර විස්සයි විස්ස තරග 02 ක් සහ ඕවර 40 තරග 04 ක් පැවැත්වීමට නියමිතය.

මෙම ක්‍රිකට් කණ්ඩායම 08 දින සවස 04.20 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. – 654 දරන ගුවන් යානයෙන් ඔවුන්ගේ දෙමව්පියන් සමග කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටුනායක – ටී.කේ.ජී. කපිල (DIVAINA LK NEWS )

May be an image of 8 people, people playing football and text that says "එංගලන්ත 13. 13න් න් පහළ 'E. Pro' ක්‍රිකට් කණ්ඩායම දිවයිනට By Rashi April 12. 2025 ۲ Share f x"

Like

Comment

Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here