By Mawbima -අප්‍රේල් 11, 2025
කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට එළැඹෙන මැයි 6 වන දා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද (අප්‍රේල් 11) නියෝග කර තිබේ.
ඒ, එම පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස නියෝගයක් නිකුත් කරමින් ය.
මෙම නියෝගය ලබා දී ඇත්තේ, නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ මෝසමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනි.
කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු පැවැත්වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අප්‍රේල් 7 වන දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබිණි.
කොළඹ ඇතුළු ආයතන 18ක පළාත් පාලන ඡන්දය පැවැත්වීමට තිබූ අතුරු තහනම ඉවතට