
සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය විවෘත කෙරේ
By Anjali Withanage -අප්‍රේල් 5, 2025
ඉන්දියානු සහයෝගීතාවෙන් සිදු කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය මාර්ගගත ක්‍රමය ඔස්සේ මීට සුළු මොහොතකට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ.
ඒ, ජනාධිපති කාර්යාලයේදී ය.
තව ද, විදෙස් රාජ්‍ය නායකයෙකුට පිරිනැමෙන ශ්‍රී ලංකා රජයේ ඉහළ ම ගෞරව සම්මානය වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභීධානය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමන ලදී.
ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමේ නිල රාජ්‍ය උත්සවය මේ වනවිට පැවැත්වේ. (MAWBIMA LK NEWS)