නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ

0
44

April 4, 2025

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් 53 ක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සම් හයක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව මහින්ද සමයවර්ධන, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

මෙම පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මූලික විරෝධතා මතු කරමින් මෙම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට තර්ක කළේය.

ඒ අනුව අදාළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු සඳහන් කළේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගන්නා බවය.

ඒ අනුව අදාළ පෙත්සම් විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරුවරු සඳහන් කළේය.(ADA DERANA LK NEWS)

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම

ට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here