
මැතිවරණය පැවැත්වෙන දිනයේ වෙනසක් නෑ – මැතිවරණ කොමිසම
04 April 2025
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත දිනයේදීම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසයි.
මැයි මස 06 වැනිදා පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන බව මීට පෙර ප්‍රකාශයට පත් කළ අතර එම දිනය කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ඔහු සඳහන් කළේය.
නිල ඡන්ද දැන්වීම පත්‍රිකා එළැඹෙන 16 වැනිදා තැපෑලට භාර දීමට පියවර ගන්නා අතර අප්‍රේල් මස 20 වැනිදා විශේෂ බෙදා හැරීමේ දිනයක් ලෙස සලකා කටයුතු කරන බවද සභාපතිවරයා පැවසීය.
අද (04) කොළඹ දී මාධ්‍යට අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,
“පළාත් පලාන ඡන්ද විමසීම සඳහා වන නිලධාරී සංගණනය අවසන් අධියරේ පවතිනවා. සමහර රාජ්‍ය නිලධාරීන්ගෙන් ගුරුවරුන්ගෙන් අයදුම්පත් ලැබී තියෙනවා. ඒත් මම ඉල්ලා සිටින කැමතියි මෙතෙක් මාර්ගගතව හෝ අයදුම්පත් ඉදිරිපත් කර නොමැති සියලු රාජ්‍ය සේවකයින්ගෙන් හැකි ඉක්මනින් එම අයදුම්පත් ඉදිරිපත් කරන්න කියලා. ගුරුවරුන් හැකි ඉක්මනින් විදුහල්පතිවරු මාර්ගයෙන් අදාළ අයදුම්පත්‍රය ඔවුන්ට අයත් දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාලයට භාර දෙන්න. ඉදිරි දින කිහිපයේදී යළිත් නිවාඩුව ආරම්භ වෙනවා. ඒ නිසා ඉක්මනින් එම ඉල්ලුම්පත් භාර දෙන්න කියලා මම යළිත් ඉල්ලීමක් කරනවා.”
මේ අතර රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධව ගැසට් පත්‍රය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.
සියලුම රාජ්‍ය ආයතනවල ලේකම්වරු ඇතුළු මැතිවරණයට සම්බන්ධ උසස් නිලධාරීන්ට මේ සඳහා ආරාධනා කර ඇති බවද ඔහු මෙහිදී පැවසීය. (ADA DERANA LK NEWS)