ගෝලීයව සිදුවන භූ කම්පන ගැන මෙරට භූ විද්‍යා අංශය අවධානයෙන්

0
62

ගෝලීයව සිදුවන භූ කම්පන ගැන මෙරට භූ විද්‍යා අංශය අවධානයෙන්

ARUNA LK NEWS

01 April 2025

ගෝලීයව සිදුවන භූ කම්පන ගැන මෙරට භූ විද්‍යා අංශය අවධානයෙන්

මෑතකදී සිදු වූ භූ කම්පන වලින් මෙරටට ඍජු බලපෑමක් නැතත් භූ කම්පන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පවසයි.

සුමාත්‍රා දූපත් ආශ්‍රිතව භූ කම්පනයක් සිදු වුව හොත් එහි බලපෑම මත මෙරටට සුනාමි වැනි තත්වයක් ඇති විය හැකි බව එම කාර්යාංශය සදහන් කලේය.

එම කාර්යංශය පැවසුවේ ගෝලීයව සිදුවන භූ කම්පන තත්ත්වයන් පිළිබඳව නිරීක්ෂණයෙන් ද සිටින බවය.

යම් හෙයකින් මෙරට තුළ භූ කම්පනයක් සිදුවුවහොත් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා පියවර ගෙන ඇති බවද එම කාර්යංශය පැවසීය.

මේ අතර පසුගියදා මියන්මාරයට රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් භූ කම්පනයක් සිදුවූ අතර ඉන් එරටට දැඩි බලපෑම් එල්ල විය.

මේ වන විට භූ කම්පනයෙන් එරට සිදුවූ මරණ ගණන 2,000ද ඉක්මවා ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ අතර ජපානයටද භූ කම්පන අවදානමක් පවතින බව එරට රජය වාර්තා කර දැනුම් දී තිබේ.

එම භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 8-9ත් අතර අගයක් ගත හැකි බවද එරට රජය දැනුම් දී ඇතැයිද ඉන් පුද්ගලයින් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් මිය යා හැකි බවද පුරෝකථනය කර තිබේ

ගෝලීයව සිදුවන භූ කම්පන ගැන මෙරට භූ විද්‍යා අංශය අවධානයෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here