BREAKING NEWS: දේශබන්දු රිමාන්ඩ්

0
102

By

 Anjali Withanage

 –

මාර්තු 19, 2025 ප.ව. 2:18

0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (මාර්තු 20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහු අද (මාර්තු 19) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු එහිදී මෙම නියෝගය ලබා දී ඇත.

mawbima.lk සිදු කළ විමසීමකදී පොලිසිය මේ බව සඳහන් කළේ ය.

2023 දෙසැම්බර් 31 වන දා මාතර, වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 28 වන දා වරෙන්තු නිකුත් කළේ ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය මාර්තු 16 වන දා නියෝග කෙරිණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here