ඉදිරියේදී තවත් රටවල් කිහිපයකට නොමිලේ වීසා පහසුකම්

0
50

ඉදිරියේදී තවත් රටවල් කිහිපයකට නොමිලේ වීසා පහසුකම්

ARUNA LK NEWS

15 March 2025

ඉදිරියේදී තවත් රටවල් කිහිපයක විදෙස් පුරවැසියන්ට මෙරටට ඇතුළුවීම සඳහා නොමිලේ වීසා පහසුකම් ලබාදෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසයි.

අමාත්‍යවරයා පවසා සිටියේ, මේ වනවිට රටවල් 39ක් සඳහා නොමිලේ වීසා පහසුකම ලබාදී ඇති බවත් ඉදිරියේදී තවත් රටවල් කිහිපයකට එම පහසුකම ලබාදීමට තීරණය කර ඇති බවත්ය.

එලෙස තවත් රටවල් කිහිපයකට එම වීසා පහසුකම ලබාදීම තුළින් නොමිලේ වීසා පහසුකම ලබාදෙන රටවල් සංඛ්‍යාව 40කට වැඩි වැඩිවන බව අමාත්‍යවරයා පෙන්වා දුනි.

අද (15) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් විදේශ අමාත්‍ය විජිත හේරත් ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍ය විජිත හේරත්,

“දැනට අපි රටවල් 39කට මුදල් අය කරන්නේ නැතුව වීසා පහසුකම ලබාදෙන්නේ. free visa Charg පහසුකම ලබාදෙන්න තීන්දු කරලා තියෙනවා කැබිනට් එකේ අනුමත කරලා තියෙනවා. තවත් රටවල් කිහිපයක් එයට ඇතුළත් කිරීමේ යෝජනාවක් තියෙනවා. ඒකත් එක්ක ඒ ගැසට් එක හැදුවට පස්සේ මේ අයවැය විවාදය අවසන් වෙනකොට මේ පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරනවා ඒ ගැන. එතකොට රටවල් 40කට වැඩි ප්‍රමාණයකට ඒ free visa Charg පහසුකම යටතේ අපේ ලංකාවට වැඩිපුර සංචාරකයින් ගෙන්වා ගැනීමේ අවස්ථා ඇතිවෙනවා.”

May be an image of ‎1 person and ‎text that says "‎ඉදිරියේදී තවත් රටවල් කිහිපයකට නොමිලේ වීසා පහසුකම් 15March2025 15 March 2025 YSA BET VSiC REPUSO FREW 김로손판어 عللد OF 0) www www.amna.lk amnalk‎"‎‎

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here