
ඇමති විජිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය අමතයි
25 February 2025
විදේශ අමාත්‍ය විජිත හේරත් අද (25) ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරය ඇමතුවේය.
අමාත්‍ය විජිත හේරත් සිය දේශනයේදී ශ්‍රී ලංකාව මානව හිමිකම් සඳහා දක්වන කැපවීම යළිත් තහවුරු කළේය.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය වැනි දේශීය ආයතන ශක්තිමත් කරන බවත් විදේශ අමාත්‍ය විජිත හේරත් ජිනීවා මානව හිමිකම් සැසිය අමතමින් පෙන්වා දී තිබේ.
“අපගේ අරමුණ වන්නේ ව්‍යවස්ථාමය රාමුව තුළ දේශීය යාන්ත්‍රණයන් විශ්වාසදායක සහ ශක්තිමත් තත්ත්වයට පත් කිරීමයි” යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලාංකීය සමාජය තුළ ආතතීන් ඇති කරන ජාතිවාදය සහ ආගම්වාදය නිසා හටගන්නා ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනය කිරීමට බලයලත් සත්‍ය සහ සංහිඳියා කොමිසමක් සඳහා වන වැඩපිළිවෙලක් ද ඊට ඇතුළත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.(ARUNA LK NEWS)