දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද -මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 483කි.
ARUNA LK NEWS
01 September 2024
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (01) පැවැත්වීමට වීමට නියමිතව තිබේ.
තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 08ක් අතැතිව තවත් ලකුණු 430ක් ලබා ගත යුතු වෙයි.
එංගලන්තය සිය දෙවන ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 251ක් රැස් කර ගැනීමට සමත් විය.
ඒ අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 483කි.
එංගලන්තය සිය පළමු ඉනිම සදහා ලකුණු 427ක් රැස්කළ අතර ශ්‍රී ලංකාවේ පළමු ඉනිම ලකුණු 196කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් විය.