ARUNA LK NEWS
23 June 2024
සංචාරකයින් 966, 604ක් වසරේ මේ දක්වා කාළය තුළ මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ජුනි මාසයේ මේ දක්වා පමණක් සංචාරකයින් 69825 ක් පැමිණ ඇතැයිද එම අධිකාරිය පවසයි.
ජනවාරි මාසයේදී සංචාරකයින් 208253ක්, පෙබරවාරි මාසයේදි සංචාරකයින් 218350ක්, මාර්තු මාසයේදී සංචාරකයින් 209181ක්, අප්‍රේල් මාසයේදී සංචාරකයින් 148867ක්, මැයි මාසයේදි සංචාරකයින් 112128 ක් ලෙස මෙරටට පැමිණ තිබේ.
රුසියාව, ඉන්දියාව, ජර්මනිය, බ්‍රිතාන්‍යය, චීනය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව ආදී රටවලින් මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ ඇතැයිද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි
2023 වසරේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දාහතර ලක්ෂ අසූහත්දහස් තුන්සිය තුනකි.