රටවල් 7ක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා නිකුත් කෙරේ

0
150

රටවල් 7ක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා නිකුත් කෙරේ
MAWBIMA LK NEWS
By Anjali Withanage -නොවැම්බර් 28, 2023 ප.ව. 1:570

චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා ක්‍රමයක් 2024.03.31 දින දක්වා ක්‍රියාත්මක කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මේ සඳහා 2023.10.24 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

මෙම වීසා යෝජනා ක්‍රමය යටතේ ගාස්තු රහිත වීසා ක්‍රමවේදයක් භුක්ති විඳීම සඳහා රාජ්‍යතාන්ත්‍රික, නිල, රාජ්‍ය කටයුතු, සේවා සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමි ඉහත රටවල පුරවැසියෝ සුදුසුකම් ලබති.

අදාළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ, ඉහත නම් කර ඇති රටවල පුරවැසියන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය සඳහා ඉල්ලුම් කළ යුතු බව ය.

මෙම ක්‍රමය යටතේ සංචාරකයන්ට දින 30ක ගාස්තු රහිත වීසා කාලසීමාවක් භුක්ති විඳිය හැකි අතර දින 30ක් ඇතුළතදී ශ්‍රී ලංකාවට මුලින් ම පැමිණෙන දිනයේ සිට ද්විත්ව ප්‍රවේශ පහසුකම සඳහා අවසර ලැබේ.

ගාස්තු අය කිරීමකින් තොරව ලබා දෙන මෙම ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය තවදුරට ත් දිර්ඝ කළ නොහැකි අතර එය දින 30ක කාලසීමාවකට පමණක් සීමා වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ තවදුරට ත් සඳහන් කර තිබේ.

ඒ අනුව, පැමිණි දින 30ක කාලසීමාවක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව ලබා දෙන මෙම ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතියේ කාලසීමාව 2024.03.31 දිනෙන් පසුව අවසන් වනවිට අදාළ ගාස්තු ගෙවීමට යටත්ව වීසා දිර්ඝ කිරීමක් සඳහා අයදුම් කළ හැකිය.

එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, මෙම සුවිශේෂි ගාස්තු රහිත වීසා ක්‍රමය ඉහත නම් කරන ලද රටවල් 7 සඳහා අදාළ වන බව ත් අනෙක් රටවලට ශ්‍රී ලාංකේය ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතියට අදාළ වන සාමාන්‍ය නීති, රෙගුලාසි අනුගමනය කළ යුතු බව ත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here