ප්‍රබල සූර්ය කුණාටුවක්
ARUNA LK NEWS
06/07/23 – an hour ago
පෘථිවියට බලපෑම් ඇතිකරන කුණාටුවක් අද රාත්‍රියේ හෝ හෙට උදෑසන පොළොවට ළඟා විය හැකි බව නාසා විද්‍යාඥන් පවසයි.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එමගින් දීප්තිමත් “අවුරෝරා” ආලෝක දහරා ඇතිවිය හැකි බවය.
මේ හේතුවෙන් විදුලි ග්‍රීඩ් පද්ධතිවලට ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිකළ හැකි බවද නාසා විද්‍යාඥන් වැඩිදුරටත් පවසයි.
සූර්යා සිය ප්‍රබල බලශක්තිය පිටතට නිකුත් කිරීම මෙලෙස සූර්ය කුණාටු ඇතිවීමට හේතුවෙයි.
ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ මෙම මස ආරම්භයේ සිට මේ දක්වා සූර්යාගේ ප්‍රබල කුණාටු කිහිපයක් සිදුව ඇති බවය.