2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ

0
129

By Anjali Withanage

 -සැප්තැම්බර් 21, 2024 පෙ.ව. 9:35

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

ඒ අනුව, අද (සැප්. 21) පෙරවරු 7:00 සිට පස්වරු 4:00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම් කටයුතු සිදු කරති.

මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත ඡන්දදායකයින් සංඛ්‍යාව 17,140,354 කි.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,713 කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිත ය.

ජනාධිපතිවරණයක සඳහා අපේක්ෂකයන් 39 දෙනෙකු ඉදිරිපත් වී තිබූ අතර එක් අපේක්ෂකයෙකු අභාවප්‍රාප්ත වීමත් සමග එය 38 දක්වා අඩු විය.

ඒ අනුව, මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා වැඩි ම අපේක්ෂකයින් සංඛ්‍යාවක් මෙවර ඉදිරිපත් වී තිබේ.

2022 වසරේ රට මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදයෙන් පසු පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here