
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ
ARUNA LK NEWS
05 October 2023
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (05) ආරම්භවීමට නියමිතයි.
එහි පළමු තරගයට එක්වන්නේ, එංගලන්තය සහ නවසීලන්තයයි.
1975 වසරේදී එංගලන්තයේදී ඇරඹි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13 වැනි අදියර අද ආරම්භ වීමට නියමිතව තිබේ.
ඉන්දියාව සත්කාරකත්වය දරන තරගාවලිය පැවැත්වෙන්නේ ක්‍රීඩාංගණ 10කදී ය.
තරගාවලිය ආරම්භ කරමින් අද තරග බිමට පිවිසෙන එංගලන්තයේ සහ නවසීලන්තයේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ආබාධවලට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් ආබාධයක් හේතුවෙන් අද තරගයට සහභාගී වීම අවිනිශ්චිත බවට සඳහන් වේ.
මේ අතර නවසීලන්ත නිත්‍ය නායක කේන් විලියම්සන් සහ වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුතිගේ සහභාගීත්වය ද අවිනිශ්චිත බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ සඳහන් විය.
දෙරට අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 95ක් පවත්වා තිබේ.