
19න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 81ක ජයක්
21 January 2025
කාන්තා 19න් පහළ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 81කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණි.
තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවි රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 166කි.
එහිදි කණ්ඩායම් නායිකා මනුදි නානායක්කාර පන්දු 31දි ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වුණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 19 පන්දු 4ක් තුළ සියලුදෙනා දැවි රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 85ක් පමණි.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවු චමෝදි ප්‍රබෝධා කඩුලු 03 ක් දවාගත් අතර ලිමන්සා තිලකරත්න සහ අසෙනි තලගුනේ කඩුල් 02 බැගින් දවාගත්හ.(Aruna lk News)