19න් පහළ ක්‍රිකට් සත්කාරත්වය අහිමිවෙයි

0
237

19න් පහළ ක්‍රිකට් සත්කාරත්වය අහිමිවෙයි
(යොහාන් භාසුර)
LANKADEEPA LK NEWS
කතෘ මණ්ඩලය 2023 නොවැම්බර් මස 21

ශ්‍රී ලංකවේදී ලබන ජනවාරි මස පැවැත්වීමට නියමිතව තිබූ වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (යොවුන් ලෝක කුසලානය) සත්කාරත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර දකුණු අප්‍රිකාවට පිරිනැමීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (21) පස්වරුවේ තීරණය කළේය.

අහමදාබාද්හිදී දැන් පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාව විශේෂ සමුළුවේදී මෙම තීරණයට එළඹි අතර එම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට දේශපාලන බලපෑම් ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැනවූ තහනම ද තව දුරටත් බලපැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here