Lanka News UK- March 2026 -ලංකා නිවුස් යුකේ මාර්තු-අන්තර් ජාල පුවත්පත

0
3

Lanka News UK March 2026 issue – Online Newspaper
Please share this with your friends and relatives.
Visit our website: www.Lanka News UK .com
Editor : Shanthi Senadheera – +44 7956129642 Text or phone
lanaknewsuk1@gmail .com
shanthi.senadheera@yahoo.co.uk

ඉරාන නාවිකයින් බේරා ගැනීම: ජනපති අනුරට දෙස්, විදෙස් පැසසුම්

ඒ ප්රහාරයෙන් ඉරාන නාවිකයින් 80ක්වත් මරුමුවට පත්වුණා. ප්රහාරයෙන් දිවි ගලවාගත් නාවිකයින් 32 දෙනෙක් ශ්රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කළා.අමෙරිකාවෙන් බලපෑම්මේ අතර විශේෂ වාර්තාවක් පළ කරමින් රොයිටර් පුවත් සේවය කියන්නේ, ඉරාන නැවු දෙකෙන් බේරාගත් ඉරාන නාවිකයින් පිරිස යළි ඉරානයට පිටත්කරන්න එපා කියල ඇමෙරිකා එක්සත් ජනපදය ශ්රී ලංකාවට බලපෑම් කරමින් ඉන්න බව. ඒ වගේම මේ ඉරාන ජාතිකයින් පිරිස සතුරු පාර්ශවයට සම්බන්ධ කරගැනීමේ හැකියාව ගැන ඉන්දියාවේ ඉන්න ඊශ්රායල තානාපතිවරයා කොළඹ ඇමෙරිකානු තානපාති කාර්යාලයේ නිලධාරියෙකුගෙන් විමසීමක් කළ බවත් රොයිටර් වාර්තාවේ දැක්වෙනවා.මුළු ලෝකයම ඉරානයට පිටුපාද්දී ඉරාන නාවිකයින් බේරා ගැනීමට ඉදිරිපත් වීම ගැන අදහස් දක්වමින් දේශපාලන විශ්ලේෂකයෙක් වන Carl Zha ශ්රී ලංකාව විග්රහ කරලා තිබුණේ ”ඉන්දීය සාගරයේ සැබෑ භාරකරු” හැටියට.
  • ඉරාන නාවිකයින් බේරා ගැනීම: ජනපති අනුරට දෙස්, විදෙස් පැසසුම්
  •  
  • ඩොනල්ඩ් ට්රම්ප් සහ බින්යමින් නෙතනියාහු කියන යුද උන්මත්තකයෝ දෙන්නෙක් මුළු ලෝකයම යුද ගිනිදැල්වලින් වහගනිද්දී, ශ්රී ලංකාව අසල ඉන්දීය සාගරයේ කොටු වෙලා හිටපු 200 කට අධික ඉරාන ජාතික නාවිකයින් බේරා ගන්න ගත්ත තීරණය ගැන ශ්රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක දෙස්, විදෙස් ප්රශංසාවට ලක්වෙමින් ඉන්නවා.
    ජාත්යන්තර නීතිය, මානව හිමිකම් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුට්ටුවකට මායිම් නොකරමින් වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ පැහැරගෙන ගිහින්, ඉරානයේ ආධ්යාත්මික නායකයා ඇතුළු සමස්ථ නායකත්වය බෝම්බ දාල ඝාතනය කරලා, ඊලඟට කියුබාවටත් වැඩේ දෙනවා කියල පාරම් බාමින් ට්රම්ප් උමතුවෙන් හැසිරෙන වෙලාවක ශ්රී ලංකාවේ ජනාධිපතිවරයා ගත් මේ පියවර දිරිමත් සහ ප්රතිපත්ති ගරුක තීරණයක් විදියට විශේල්ෂකයින්ගේ සහ සමාජ මාධ්යවල අගය කිරීමට ලක්වෙලා තියෙන බව තුර්කියේ TRT World පුවත් ආයතනය වාර්තා කරනවා.

    IRIS Bushehr නෞකාවේ සිටි ඉරාන නාවිකයින් පිරිස බේරාගෙන කොළඹට ගෙනවිත්, නෞකාව ත්රිකුණාමලයට අරගෙන යන්න ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ මාලිමාව ආණ්ඩුව තීරණය කළේ, අමෙරිකානු සබ්මැරීනයක් ශ්රී ලංකාව අසල ජාත්යන්තර මුහුදේදී ඉරානයේ IRIS Dena යුද නෞකාව ගිල්වා දැමුවාට පස්සේ. ඒ ප්රහාරයෙන් ඉරාන නාවිකයින් 80ක්වත් මරුමුවට පත්වුණා. ප්රහාරයෙන් දිවි ගලවාගත් නාවිකයින් 32 දෙනෙක් ශ්රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කළා.

    අමෙරිකාවෙන් බලපෑම්
    මේ අතර විශේෂ වාර්තාවක් පළ කරමින් රොයිටර් පුවත් සේවය කියන්නේ, ඉරාන නැවු දෙකෙන් බේරාගත් ඉරාන නාවිකයින් පිරිස යළි ඉරානයට පිටත්කරන්න එපා කියල ඇමෙරිකා එක්සත් ජනපදය ශ්රී ලංකාවට බලපෑම් කරමින් ඉන්න බව. ඒ වගේම මේ ඉරාන ජාතිකයින් පිරිස සතුරු පාර්ශවයට සම්බන්ධ කරගැනීමේ හැකියාව ගැන ඉන්දියාවේ ඉන්න ඊශ්රායල තානාපතිවරයා කොළඹ ඇමෙරිකානු තානපාති කාර්යාලයේ නිලධාරියෙකුගෙන් විමසීමක් කළ බවත් රොයිටර් වාර්තාවේ දැක්වෙනවා.

    මුළු ලෝකයම ඉරානයට පිටුපාද්දී ඉරාන නාවිකයින් බේරා ගැනීමට ඉදිරිපත් වීම ගැන අදහස් දක්වමින් දේශපාලන විශ්ලේෂකයෙක් වන Carl Zha ශ්රී ලංකාව විග්රහ කරලා තිබුණේ ”ඉන්දීය සාගරයේ සැබෑ භාරකරු” හැටියට.

    මේ අතර IRIS Dena නෞකාව ගිල්වා දැමීම ගැන ලිපියක් පළකරමින් අල් ජසීරා පුවත් සේවය ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි දැඩි ලෙස විවේචනය කරලා තිබුණා. මෙතෙක් කලක් ඉන්දීය සාගරයේ භාරකරු ලෙසින් පෙනී සිටි ඉන්දීය අගමැතිවරයාට අඩුම තරමින් තමන්ගේ නිවසට ආපු අමුත්තාවත් බේරාගන්න බැරි වුන බව අල් ජසීරා පවසනවා. IRIS Dena ඇමෙරිකානු ප්රහාරයට ලක්වුණේ ඉන්දියාවේ ආරාධනයෙන් ඉන්දියාවේ සති දෙකක නාවික අභ්යාස වැඩසහනකට සහභාගි වෙලා ආපසු යමින් සිටියදී.
    BBC ආයතනය, ගාඩියන්, Telegraph, ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත් ඇතුළු බොහෝ ජාත්යන්තර ජනමාධ්ය ශ්රී ලංකා ආණ්ඩුවේ ක්රියාව වාර්තා කරලා තිබුණ. ඒ වගේම ඉරාන නෞකාවට පහර දීමෙන් පස්සේ ඇමෙරිකාව නාවිකයින් බේරා ගැනීමට ඉදිරිපත් නොවීම නීත්යානුකූල ද කියල Independent පුවත්පත ප්රශ්න කරනවා.

    කොහොමත් කොයි තරම් පුංචි රටක් වුණත් ලංකාව අනිවාර්යයෙන්ම සතියකට දෙකකට සැරයක් ජාත්යන්තර පුවත් අතරට එනවා. ඒක මම කාලාන්තරයක් තිස්සේ දැකපු දෙයක්. ඒ බැඅි එක හොඳ දෙයක් වෙන්නත් පුළුවන්, දිත්වා කුණාටුව හෝ පාස්කු ප්රහාරය වගේ ඛේදනීය පුවතක් වෙන්නත් පුළුවන්.

    ඒ නිසා විදේශිකයින් සිය ගණනකගේ දිවි බේරාගැනීමේ මානුෂීය මෙහෙයුමක් ගැන ලංකාව ජාත්යන්තර ප්රසාදයට ලක්වීම ගැන හදවතින්ම සතුටුයි.

    මේ සිද්ධියේදී සාමාන්යයෙන් ලංකාවේ අහන්න, දකින්න නොලැබෙන දේකුත් දකින්න ලැබීමත් සතුටක්; මේ දවස්වල මාලිමා ආණ්ඩුවේ දැඩි විවේචකයෙක් වෙලා ඉන්න චම්පික රණවකත්, නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාත් ජනාධිපති අනුර ගේ පියවර අගය කරලා තිබුණ. ඇත්තෙන්ම ඒකත් ලංකාවේ දේශපාලනයේ පැහැදිලි වෙනසක්.

    මානුෂිකත්වය පෙරදැරිව ඉරාන නාවිකයන්ට අදාළව රජය ගනු ලැබූ තීරණය අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයත් සඳහන් කරලා තිබුණ.

    රටක් වශයෙන් අප එහි දී ප්රදර්ශනය කර ඇත්තේ මානුෂිකත්වය පෙරටු කරගත් ශිෂ්ට සම්පන්න රාජ්ය තාන්ත්රික ක්රියා පිළිවෙතක්,” බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.

    සරෝජ් පතිරණ 
     
  • යකඩ මිනිසා ලෙසින් හැඳින්වූ ඉරානයේ හිටපු ජනාධිපති
  • ඝාතන තැත වරදියි.
  • අහමඩිනෙජාඩ් ඇමෙරිකානු – ඊශ්රායෙල් බෝම්බවලින් මියගිය බවට පුවතක් හෙළිකර ලොවපුරා පලකරනු ලැබූ අතර එම පුවත පලවී දිනකට පසුව ඔහු තවත් නිරුපද්‍රිතව සිටින වීඩියෝවක සමාජ මාධ්‍යවල පලවී තිබුණි.
  • මානව හිමිකම් චෝදනා හමුවේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුදකලා කිරීමට බටහිර බලවතුන් උත්සාහ කළ අවස්ථාවලදී, අහමඩිනෙජාඩ්ගේ ඉරානය නිරන්තරයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියේය.
  • මහමුද් අහමඩිනෙජාඩ් යනු බටහිර බලවතුන්ට ”‍කළු චරිතයක්”‍ වුවද, තුන්වන ලෝකයේ රටවල් බොහොමයකට ඔහු අධිරාජ්‍ය විරෝධී වීරයෙකු විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටකට ආර්ථික හා දේශපාලනික වශයෙන් අභියෝගාත්මක කාලසීමාවකදී ඔහු අතහිත දුන් නායකයෙකි.
  • 1956 වසරේ ඉරානයේ අරදාන්හි උපත ලැබූ මහමුද් අහමඩිනෙජාඩ්, දේශපාලනයට පිවිසීමට පෙර සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළ අයෙකි. ඔහු ලෝකයේ අවධානයට ලක්වන්නේ 2005 වසරේදී ඉරානයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමත් සමඟයි.
  • සරල බව: ඔහු ජනාධිපති මන්දිරයට වඩා තමන්ගේ පැරණි නිවසේ විසීමට ප්‍රිය කළ, රජයේ ඉහළ වැටුප් ප්‍රතික්ෂේප කළ නායකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් විය.
  • මතභේදාත්මක ස්ථාවරය: ඊශ්‍රායලයට එරෙහිව ඔහු දැක්වූ දැඩි මතවාදී ස්ථාවරය සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ වෙනුවෙන් පෙනී සිටීම නිසා බටහිර රටවල් සමඟ නිරන්තර ගැටුම් ඇති කරගත්තේය.
  • ශ්‍රී ලංකාව සහ ඉරානය: අහමඩිනෙජාඩ් යුගයේ ස්වර්ණමය සබඳතා
  • අහමඩිනෙජාඩ් පාලන සමය (2005-2013) ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සබඳතාවල තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස සැලකේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය නිම කිරීමට සහ ඉන් පසු සංවර්ධන කටයුතු සඳහා ඔහු ලබාදුන් සහය අතිමහත්ය.
  • 1. 2008 ඓතිහාසික සංචාරය
  • 2008 වසරේදී අහමඩිනෙජාඩ් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය. මෙය දෙරට අතර මිත්‍රත්වය තහවුරු කළ ප්‍රධාන අවස්ථාවකි.
  • 2. උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය
  • ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් කළ උමා ඔය ව්‍යාපෘතිය සඳහා මූල්‍ය හා තාක්ෂණික දායකත්වය ලබාදීමට අහමඩිනෙජාඩ් රජය එකඟ විය. මෙය ඔහුගේ පාලන සමයේ ශ්‍රී ලංකාවට ලැබුණු විශාලතම ආධාරයකි.
  • 3. තෙල් සහ බලශක්ති සහයෝගීතාව
  • එකල ශ්‍රී ලංකාවට අවශ්‍ය බොරතෙල් ලබාගැනීමේදී සහනදායී ණය ක්‍රම ලබාදීමටත්, සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීමටත් ඔහු මූලිකත්වය ගත්තේය.
  • 4. ජාත්‍යන්තර සහයෝගය
  • මානව හිමිකම් චෝදනා හමුවේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුදකලා කිරීමට බටහිර බලවතුන් උත්සාහ කළ අවස්ථාවලදී, අහමඩිනෙජාඩ්ගේ ඉරානය නිරන්තරයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියේය.
  • මහමුද් අහමඩිනෙජාඩ් යනු බටහිර බලවතුන්ට ”‍කළු චරිතයක්”‍ වුවද, තුන්වන ලෝකයේ රටවල් බොහොමයකට ඔහු අධිරාජ්‍ය විරෝධී වීරයෙකු විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටකට ආර්ථික හා දේශපාලනික වශයෙන් අභියෝගාත්මක කාලසීමාවකදී ඔහු අතහිත දුන් නායකයෙකි.
  • ඔහුගේ මරණය පිළිබඳව පැතිර යන පුවත් සත්‍ය වුවහොත්, එය මැදපෙරදිග දේශපාලනයේ මෙන්ම ලෝක දේශපාලන සමතුලිතතාවයේද විශාල වෙනසක් ඇති කරනු නොඅනුමානය.
  • (මුහුණු පොතෙන් උපුටා ගත පුවතකි.)
  • යුද උණුසුම සමඟ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළට
  • March 7 2026 Lankalokaya.lk
  • මැදපෙරදිග කලාපයේ මේ වන විට උත්සන්න වී ඇති අමෙරිකානු-ඉරාන යුදමය වාතාවරණය සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි අසාමාන්‍ය ලෙස සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා වී ඇති බව නවතම විදෙස් වාර්තා පෙන්වා දෙයි.
  • ඩොලර් 93 සීමාව ඉක්මවීම
  • ජාත්‍යන්තර වෙළෙඳපොළ දත්තවලට අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඊයේ (06) පැවති අගයට වඩා 9%ක දැවැන්ත ප්‍රතිශතයකින් එකවර ඉහළ ගොස් ඇත. ඒ අනුව මේ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 93 සීමාව ඉක්මවා ගොස් තිබේ.
  • වසර දෙකකට පසු වාර්තා වූ ඉහළම අගය
  • ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි, මෙලෙස බොරතෙල් මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වන්නේ වසර දෙකකට පමණ පසුවය. මීට පෙර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි මෙවැනි ඉහළ යාමක් අවසන් වරට වාර්තා වී තිබුණේ 2023 වසරේ සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා වූ කාලසීමාවේදීය.
  • මිල ඉහළ යාමට බලපෑ ආසන්නතම හේතු
  • අමෙරිකාව විසින් ඉරාන යුද නෞකාවලට එල්ල කළ ප්‍රහාර සහ ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ප්‍රහාර මාලාව හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානයක් වන මැදපෙරදිග කලාපයේ තෙල් සැපයුම් ජාලය දැඩි අවදානමකට ලක්ව ඇත.
  • විශේෂයෙන්ම, ලෝකයේ ඛනිජ තෙල් ප්‍රවාහනය කරන ප්‍රධානතම මුහුදු මාර්ගයක් වන “හෝමූස් සමුද්‍ර සන්ධිය” Strait of Hormuz ආශ්‍රිතව නැව් ගමනාගමනයට බාධා එල්ල වේයැයි යන දැඩි භීතිය ආයෝජකයින් සහ ගැනුම්කරුවන් තුළ ඇති වීම මෙම මිල ඉහළ යාමට සෘජුවම බලපා තිබේ.
  • ගෝලීය ආර්ථිකයට සහ ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම
  • මෙම යුදමය තත්ත්වය සහ තෙල් මිල ඉහළ යාම තවදුරටත් වර්ධනය වුවහොත්, ලෝකයේ ප්‍රවාහන හා නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ගෝලීය උද්ධමනය යළි හිස එසවිය හැකි බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.
  • එසේම, ඛනිජ තෙල් ආනයනය මත සම්පූර්ණයෙන්ම යැපෙන ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට සහ දේශීය ඉන්ධන මිල ගණන් කෙරෙහි ද මෙමඟින් දැඩි පීඩනයක් එල්ල වීමේ අවදානමක් පවතී. 

එංගලන්තය ඉරානයට එරෙහි යුද්ධයට සම්බන්ධ වෙයි

මහා බි්‍රතාන්‍ය (UK), ඉරානය ට එරෙහි යුද්ධයට සම්බන්ධ වන බව නිල වශයෙන් ප්‍රකාශ කලා. UK සතු යුධ ශක්තිය කෙබඳුද?

UK අගමැති, තම ජනතාවගේ හා හමුදා සාමාජිකයන් ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉරානයට එරෙහි යුද්ධයට සම්බන්ධ වීමට තීරනය කල අතර, මේ වන විට යුධ ගුවන් යානා කටාරය වෙතත්, යුධ හෙලිකොප්ටර් යානා කීපයක් සයිප්‍රස් වෙතත්, යුධ නැව් මද්‍යධරණී මුහුද වෙතත් යැවූ බව නිල වශයෙන් ප්‍රකාශ කලා. තවද ඔවුන්ගේ කඳවුරු ඇමරිකානු හමුදා සඳහා භාවිතා කිරීමටද අවසර ලබා දී තිබෙනව.
බි්‍රතාන්‍යය (United Kingdom) සතු යුධ ශක්තිය ලෝකයේ ප්‍රමුඛ පෙළේ පවතින අතර, එහි ප්‍රධාන අංශ කිහිපයක් දැක්විය හැකියි,

1. නාවික බලය (Royal Navy)

බි්‍රතාන්‍යය සතු ප්‍රබලම අවියක් වන්නේ ඔවුන්ගේ නාවික හමුදාවයි. මෙහිදී ප්‍රධාන වශයෙන්:
ගුවන් යානා වාහක නෞකා: HMS Queen Elizabeth සහ HMS Prince of Wales
යන දැවැන්ත නෞකා දෙක ඔවුන් සතුයි. මේවා මත සිට F-35B වැනි නවීනතම ප්‍රහාරක යානා මෙහෙයවිය හැකියි.
ප්‍රහාරක සබ්මැරීන: Astute-class
වැනි ඉතාමත් නිහඬ, හඳුනාගත නොහැකි මට්ටමේ නවීන සබ්මැරීන ඔවුන් සතුයි.
න්‍යෂ්ටික බලය: Vanguard-class සබ්මැරීන මගින් ක්‍රියාත්මක වන Trident මිසයිල පද්ධතිය බි්‍රතාන්‍යයේ ප්‍රධානතම න්‍යෂ්ටික ආරක්ෂක පවුරයි.
2. ගුවන් බලය : (Royal Air Force – RAF) RAF සතු තාක්ෂණය ඉතා ඉහළ මට්ටමක පවතී:
F-35 Lightning-II :රේඩාර් වලට හසු නොවන : (Sealth) පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානා.
Eurofighter Typhoon: ඉතා වේගවත් සහ ඕනෑම කාලගුණයකදී සටන් කළ හැකි බහුකාර්ය ප්‍රහාරක යානා.
ඩ්‍රෝන තාක්ෂණය: නිරීක්ෂණ සහ ප්‍රහාරක කටයුතු සඳහා Reaper වැනි උසස් ඩ්‍රෝන යානා භාවිතා කරයි.

3. ගොඩබිම බලය (British Army) බි්‍රතාන්‍ය යුධ හමුදාව සංඛ්‍යාත්මකව කුඩා වුවත්, ඔවුන් සතු පුහුණුව සහ උපකරණ ප්‍රබලයි: Challenger 3: දැනට ලෝකයේ පවතින ප්‍රබලතම ප්‍රධාන යුධ ටැංකියක් ලෙස මෙය සංවර්ධනය වෙමින් පවතී.
විශේෂ බලකා (SAS) ලොව දක්ෂතම සහ රහසිගතම මෙහෙයුම් සිදුකරන විශේෂ බලකායක් ලෙස (Special Air Service) සැලකේ.

4. තාක්ෂණය සහ බුද්ධි තොරතුරු
බි්‍රතාන්‍යයේ ශක්තිය රඳා පවතින්නේ හමුදා බලය මත පමණක් නොවෙයි:
GCHQ සහ M16: ලොව පුරා පැතිරුණු බුද්ධි තොරතුරු ජාලය මගින් සතුරාගේ සැලසුම් කල්තියා හඳුනා ගැනීමට ඔවුන්ට හැකියාව ඇත.
Cyber Warfare
: සයිබර් ප්‍රහාර වැළැක්වීමට සහ එල්ල කිරීමට ඔවුන්ට විශේෂිත ඒකක පවතී

දෙවන ලෝක යුද්ධය ට පසු ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැමූ, ලොව වටා වැඩිම දුරක් යාත්‍රා කල, බලසම්පන්න ඉරාන යුධ නැව – IRIS Dena

ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena (75) යනු මෑත කාලයේදී වැඩි අවධානයට ලක්වූ, ඉරානය තුළම නිෂ්පාදනය කරන ලද ”‍Mowj (Mowj Class) ගණයට අයත් නවීනතම ෆ්‍රිගේට් (Frigate) වර්ගයේ යුධ නෞකාවකි-

මෙම නෞකාව පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් පහතින් දැක්වේ-

තාක්ෂණික පසුබිම සහ නිෂ්පාදනය
නිෂ්පාදනය: මෙය ඉරානයේ නාවික කර්මාන්ත ශාලා (Marine Industries Organization
) මගින් දේශීය තාක්ෂණය භාවිතයෙන් නිපදවන ලද්දකි-
සේවයට එක්වීම: 2021 ජූනි මාසයේදී ඉරාන නාවික හමුදා බලඇණියට නිල වශයෙන් එක් විය-

කාර්යභාරය: මතුපිට යුධ කටයුතු (Surface Warfare&
ගුවන් ආරක්ෂණ Anti-Aircraft) සහ සබ්මැරීන නාශක (Anti-submarine)
මෙහෙයුම් සඳහා මෙය නිර්මාණය කර ඇත-

නෞකාවේ හැකියාවන් සහ ආයුධ පද්ධති
Dena නෞකාව විවිධ නවීන ආයුධවලින් සමන්විතය:
මිසයිල පද්ධති: නෞකා නාශක මිසයිල (Anti-ship cruise missiles) සහ ගුවන් ඉලක්ක වෙත එල්ල කළ හැකි මිසයිල පද්ධති මෙහි අඩංගු වේ-

ගෝලායුධ: මිලිමීටර් 76 ප්‍රධාන තුවක්කුවක් සහ තවත් කුඩා ප්‍රමාණයේ ස්වයංක්‍රීය තුවක්කු පද්ධතිවලින් මෙය සමන්විතයි-

ටෝර්පිඩෝ (Torpedoes): සබ්මැරීන ප්‍රහාර වැළැක්වීම සඳහා ටෝර්පිඩෝ විදිනයන් ස්ථාපනය කර ඇත-
රේඩාර් පද්ධති: එකවර ඉලක්ක කිහිපයක් හඳුනාගත හැකි දේශීයව නිපදවන ලද නවීන රේඩාර් සහ ඉලෙක්ට්‍රොනික යුධ උපකරණ (^Electronic warfare systems) මෙහි ඇතුළත් වේ-

සුවිශේෂී මෙහෙයුම් (360 මෙහෙයුම)
IRIS Dena නෞකාව ලෝකයේ අවධානයට ලක්වූ ප්‍රධානතම හේතුවක් වන්නේ “‍360 මෙහෙයුම”‍ (Mission 380)යි- 2022-2023 කාලසීමාව තුළ IRIS Macran නෞකාව සමඟ එක්ව IRIS Dena නෞකාව මාස 8 කට ආසන්න කාලයක් පුරා ලොව වටා සංචාරය කරමින් කිලෝමීටර් 65,000 කට වඩා දුරක් ගමන් කළේය-මෙය ඉරාන නාවික ඉතිහාසයේ නෞකාවක් සිදුකළ දීර්ඝතම මුහුදු ගමන ලෙස සැලකේ-

ප්‍රමාණය සහ වේගය
දිග: මීටර් 94ක් පමණ වේ-

බර: ටොන් 1,500ක් පමණ (Displacement)
වේගය: පැයට නාවික සැතපුම් 30ක (30 Knots) පමණ උපරිම වේගයකින් ගමන් කළ හැකිය-
මෙම නෞකාව ඉරානයේ නාවික බලය ජාත්‍යන්තර මුහුදේ ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිත කරන ප්‍රධානතම සංකේතයක් ලෙස සැලකිය හැකිය-

තොරතුරු අන්තර්ජාලයෙන්

දෙවැනි ඉරාන නැවේ කතාව කෙටියෙන්
ශ්‍රී ලංකා රජය විසින් මානුෂීය පදනමින් රැකවරණය දුන් ඉරාන නාවික හමුදාවට අයත් නෞකාව සම්බන්ධ සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ව්‍යාකූල අදහස් දරන බව පෙනෙනවා-

ඒකට හේතුව මේ රටේ කරුමයකට වගේ මෙවරත් ශ්‍රී ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ ඉතුරු උනු අවස්ථාවාදී අඳබාල දේශපාලු‍වන් කිහිපදෙනෙක් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා සමාජගත කරපු පට්ටපල් බොරු, මේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජයට අනවශ්‍ය පීඩනයක් ලබා දීමේ පහත් දේශපාලන අරමුණින් මෙම නෞකාව තුල දරුවන් 300ක් සිටින බවට අමු බොරුවක් ඔවුන් සමාජගත කලා-

IRIS Bushehr නම් මේ නාවික සැපයුම් නෞකාව තවත් ඉරාන යුධ නෞකා දෙකක් සමග ඉන්දියාවේ පැවති රටවල් කිහිපයක් සහභාගී වූ යුධ අභ්‍යාසයකට සහභාගී වෙලා ආපහු ඉරානය බලා යාත්‍රා කිරීමට නියමිතව සිටි නෞකාවක්- මේ සමග පැමිණි එක් නෞකාවක් තමයි ලංකාවට දකුණු දිග මුහුදේ දී ඇමරිකානු ප්‍රහාරයකට ලක් වෙන්නේ-

IRIS Bushehr නෞකාව තුල නාවිකයන් 208ක් සිටින බව කියනවා- ඒ අතර නාවික හමුදා නිලධාරීන් 53ක්, ආධුනික කැඩෙට් නිලධාරීන් 84ක්, ජ්‍යෙෂ්ඨ සෙසු නිලයන් 48ක් සහ කණිෂ්ඨ සෙසු නිලයන් 23ක් මේ අතර සිටින බව කියනවා-

දැනට මැද පෙරදිග ඇවිලී යන යුද්ධයට සෘජු සම්බන්ධයක් නොතිබුණු, යුධ අභ්‍යාසයක් නිම වී ආපසු යන නෞකාවක් බැවින් බොහෝ විට යුධ සූදානමක (Combat Readiness) නැති සහ ප්‍රධාන ප්‍රහාරක නෞකා කාණ්ඩයකට අයත් නොවන මෙම නාවික සැපයුම් නෞකාව (Naval Supply Vessel), එහි පරිවාර නෞකාවකට එල්ල වූ ප්‍රහාරයත් සමඟ නිරායාසයෙන්ම සරණාගත තත්වයට පත් වෙනවා- ශ්‍රී ලංකාවේ රැකවරණය නොලැබුණහොත් ඔවුන්ට කිසිසේත් මරණයෙන් ගැලවී නැවත ඉන්දියන් සාගරය තරණය කර තම මව් රටට යෑමට අවස්ථාවක් නැති බව ඉතාම පැහැදිලියි- එසේම මේ නෞකාවේ කිසියම් යාන්ත්‍රික දෝෂයක් ද ඇති වෙලා තිබෙන බව එහි නාවිකයින් ලංකාවට දැනුම් දීලා තිබෙනවා කියලා කියනවා- ඒක කෙසේ වෙතත් ප්‍රධාන හේතුව වෙන්නේ කලින් කී සරණාගතභාවය-

මේ තත්ත්වය තුල ලංකාවේ රජයට ඉතා අභියෝගාත්මක තත්වයකට මුහුණ දෙන්න වෙනවා- එක අතකින් සරණාගත තත්වයට පත් වෙලා ජීවිතය යදින නාවිකයන් පිරිසක් සහිත නෞකාවක්- තවත් පසෙකින් මේ නෞකාවටත් පෙර නෞකාවට අත් වූ ඉරණම අත් කරලා දෙන්න බලාගෙන ඉන්දියන් සාගරයේ ස්ථාන ගත වෙලා ඉන්න ප්‍රතිවාදී කණ්ඩායම- මේ දෙක මැද්දට සිර වෙච්ච ශ්‍රී ලංකා රජය- රජයට හෙවත් ශ්‍රී ලංකාව කියන රටට එල්ල වෙන මේ බරපතල රාජතාන්ත්‍රික පීඩනය තීව්‍ර කරන්න බලාගෙන තමයි අර කී මේ රටේම බිහිවෙච්ච මජර දේශපාලු‍වන් හිතා මතා බොරු සමාජගත කලේ-

මේ තත්ත්වය තුල අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා රජය රාජතාන්ත්‍රිකව මේ ප්‍රශ්නයට අදාළ සියළු පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් යම් යම් එකඟතාවලට පැමිණීමට කාලය ගත් බව පැහැදිලියි- ඒ කාලය තුල තමයි විපක්ෂයේ සංවිධානාත්මක පිරිස් පාර්ලිමේන්තුව තුලත්, සමාජ මාධ්‍ය තුලත්, ප්‍රසිද්ධ මාධ්‍ය තුලත් නානාප්‍රකාර ව්‍යාජයන් ප්‍රචාරය කරලා මේ තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කරන්න උත්සාහ කලේ-

සියළු කරුණු සමාලෝචනයෙන් පසු අවසානයේ 5 දා රාත්‍රියේ තමයි ශ්‍රී ලංකා රජය තම ස්ථාවරය ප්‍රකාශ කරමින් නාවිකයන් පිරිස කොළඹට රැගෙන ඒමටත්, නෞකාව ත්‍රීකුණාමලය වරාය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයේ රැදවීමටත් අවසරය දෙන්නේ-

ඒ අතරේම රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින්, මේ තීරණය තනිකරම මානුෂීය පදනම මත පමණක් පිහිටා ගත් තීරණයක් බවත්, මෙය යුද්ධයේ එක් පාර්ශවයකට පක්ෂව සහ ප්‍රතිවාදී පාර්ශවයට විරුද්ධව ගත් තීරණයක් නොවන බවත්, යුද්ධයේදී කිසිදු පාර්ශවයකට තම කිසිදු සහයක් නොලැබෙන බවත්, යුද්ධය වෙනුවට සාමය ස්ථාපිත කිරීමට අනුබල දීම ශ්‍රී ලංකා රාජ්‍යයේ පැහැදිලි ස්ථාවරය බවත්, යුද්ධය නිසා අහිමි වන කුමන පාර්ශවයක හෝ ජීවිත රැකගත හැකි නම් ඒ සඳහා ශ්‍රී ලංකා රජය නොපැකිලිව පෙනී සිටින බවත් ලෝකය හමුවේ අවධාරණය කරනවා- මේ සාකච්ඡාව හමාර වී සුළු වේලාවක් තුල ලොව පුරා මාධ්‍ය ශ්‍රී ලංකාවේ මෙම තීරණය ගැන වාර්ථා කිරීමෙන්, මේ සිද්ධියට සහ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට තිබූ ජාත්‍යන්තර අවධානය තහවුරු වෙනවා-

කථාවේ සාරාංශය තමයි ඔය-
මේ අභියෝගාත්මක අවස්ථාවේ, බොහොම සීරුවෙන් සහ සංගමයෙන් නිවැරදි රාජතාන්ත්‍රික තීරණ ගනිමින්, මේ දක්වා අභියෝග හොඳින් කළමනාකරණය කරන ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයේ සහ රජයේ රාජතාන්ත්‍රික පරිණතභාවය ගැන ආඩම්බර වෙන ගමන්ම, ජාතියක් ලෙස අතිශය තීරණාත්මක මෙවැනි මොහොතක පවා සිය පටු දේශපාලන අරමුණු මුල් කරගෙන, අනවශ්‍ය ව්‍යාකුලත්වයක් රට තුළ නිර්මාණය කරමින් ශ්‍රී ලංකා රජය තව තවත් පීඩනයට ලක් කරන්නට දත කන අවස්ථාවාදී විපක්ෂ දේශපාලු‍වන් ගැන සාමාන්‍ය ජනතාව ලෙස අපේ දැඩි පිළිකුල ද මෙසේ සටහන් කර තැබිය යුතුය-

Wishwa Chinthanaගේ මුහුණු පොතෙන්-

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් සිය කීර්තිනාමය රැකගැනීමේ සටන ඉන්දියාවට ගෙන යයි

ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ වත්මන් විනිසුරුවරයෙකු වන ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ සිය කීර්තිනාමයට හානි කරමින් අන්තර්ජාලයේ පළ වී ඇති ලිපි ඉවත් කරන ලෙසට ගූගල් සමාගමට බල කිරීම සඳහා ඉන්දියානු අධිකරණයක පිහිට පැතීමේ දුර්ලභ මෙන්ම සුවිශේෂී පියවරක් ගෙන තිබේ. මේ සඳහා ඔහු විසින් ඉන්දියාවේ බැංගලූරු නුවර පිහිටි කර්ණාටක මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.

ඉන්දියාවේ අධිකරණයක
පිහිට පැතීමට මූලික හේතුව
ශ්‍රී ලාංකික විනිසුරුවරයෙකු වෙනත් රටක අධිකරණයක් වෙත යාම නීති ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්වූවකි. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ “කිසිදු පුද්ගලයෙකු තමන්ගේම නඩුවක විනිශ්චයකරුවෙකු නොවිය යුතුය” (nemo judex in causa suaa) යන නීතිමය මූලධර්මයයි. නවාස් මහතා ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන බැවින්, මෙරට අධිකරණ පද්ධතිය තුළ මෙවැනි නඩුවක් ගොනු කිරීම ආචාරධර්මීය සහ ආයතනික වශයෙන් සංකීර්ණ ගැටලු‍ මතු කළ හැකි බව ඔහුගේ නීතිඥයින් පෙන්වා දෙයි.

එබැවින්, අදාළ ලිපි ලොව පුරා පතුරුවා හරින සෙවුම් යන්ත්‍රය වන ගූගල් ඉන්දියා (Google India) සමාගමේ මූලස්ථානය බැංගලූරු නුවර පිහිටා ඇති බැවින් කර්ණාටක මහාධිකරණයට මෙහි නඩු නිමිත්ත ඇසීමේ බලය ඇති බව පෙත්සම මගින් තහවුරු කර ඇත.

මතභේදයට තුඩුදුන් ලිපි සහ චෝදනා
මෙම පෙත්සමට පදනම් වී ඇත්තේ 2015 සහ 2020 වසරවලදී ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි දෙකක් ‘Colombo Telegraph’
සහ ‘Lanka eNews’ මගින් ප්‍රකාශයට පත් කරන ලද ලිපි පෙළකි. නවාස් මහතා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාව සිටි සමයේ රාජ්‍ය සමාගමකට අදාළ අල්ලස් විමර්ශනයකට ඔහු සම්බන්ධ බවටත්, 2020 වසරේදී එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත ඔහු අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස පත්වීම ප්‍රශ්න කරමින් ද මෙම ලිපි පළ වී තිබුණි. කෙසේ වෙතත් තම සම්පූර්ණ අධිකරණ දිවිය තුළ කිසිදු විෂමාචාර චෝදනාවක් තමන්ට එරෙහිව ඔප්පු වී නොමැති බවත්, මෙම පදනම් විරහිත ලිපි මගින් ජාත්‍යන්තර නීති ප්‍රජාව ඉදිරියේ තම “චරිතය ඝාතනය කිරීමක්” සිදුවන බවත් විනිසුරුවරයා පෙත්සමෙන් අවධාරණය කරයි.

ජාත්‍යන්තර නීතිය “අමතක කර දැමීමේ අයිතිය”
මෙම නඩුවේදී ඉදිරිපත් වී ඇති නීතිමය තර්ක සාමාන්‍ය අපහාස කිරීමේ නීතියෙන් ඔබ්බට ගිය ඒවා වේ. විදේශිකයන්ට පවා අදාළ වන පරිදි ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි වගන්තියෙන් තහවුරු කර ඇති ජීවත්වීමේ සහ පුද්ගල ගෞරවයේ අයිතිය නවාස් මහතාගේ නීතිඥයින් විසින් මෙහිදී මතු කර තිබේ. එසේම, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ද මීට පාදක කරගෙන ඇත.

මෙහි ඇති වඩාත්ම සුවිශේෂී තර්කය වන්නේ යුරෝපීය නීති පද්ධතියේ බහුලව භාවිත වන, යම් පුද්ගලයෙකු පිළිබඳ අන්තර්ජාලයේ ඇති සෙවුම් ප්‍රතිඵල ඉවත් කිරීමට ඇති “අමතක කර දැමීමේ අයිතිය” (Right to be forgotten) නමැති සංකල්පය ඉන්දියානු අධිකරණය හමුවේ ඉල්ලා සිටීමයි.

දේශසීමා ඉක්මවා ගිය ඩිජිටල් නීතිමය අභියෝගය
විනිසුරුවරයා 2023 වසරේදී අදාළ ප්‍රකාශකයින්ට සහ ගූගල් ආයතනයට නීතිමය දැනුම්දීම් සිදු කළද, අධිකරණ නියෝගයක් නොමැතිව එම සබැඳි (Links) ඉවත් කළ නොහැකි බව ගූගල් සමාගම දන්වා තිබුණි. මෙම සුවිශේෂී නඩුව, ඩිජිටල් යුගයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ කීර්තිනාමය රැකගැනීම අතර තුලනය පිළිබඳව දේශසීමා ඉක්මවා ගිය සංකීර්ණ නීතිමය ප්‍රශ්න මතු කර තිබේ.(The Hindu) සහ The Indian Express වැනි ඉන්දීය පුවත්පත් වාර්තා කරන පරිදි, කර්ණාටක මහාධිකරණය විසින් මේ වන විටත් ගූගල් ඉන්දියා සමාගමට සහ ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට නොතීසි නිකුත් කර ඇති අතර, ඊට අදාළ ප්‍රතිචාර දැක්වීම සඳහා එළඹෙන මාර්තු 16 වැනිදා දක්වා කල් ලබා දී ඇත.

Jafna Monitor ඇසුරින්
Lankalokaya.lk 

See less

  • අතීතයේ දිවයින පිළිබඳ තොරතුරු හෙළි කරමින්
  • ලොවටම ඒ ශ්‍රී විභුතිය කියාදුන් විදේශිකයෝ
  • 33 වන කොටස
  • ලෙනාඩ් වුල්ෆ්
  • ඔහු අපේ රටේ පොත්පත් කියවන බොහෝ දෙනෙකු දන්න හොඳට හුරු පුරුදු නමක් ඇති කතුවරයෙක්. ඔහු අපි හඳුන්වන්නේ ලෙනාඩ් වුල්ෆ් නමින් වුනත් ඔහුගේ සම්පුර්ණ නම වුයේ ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් ලෙසයි. එංගලන්තයේ උපත ලද ඉංග්‍රීසි ජාතිකයෙකුවූ ඔහු දේශපාලන න්‍යායවාදියෙකු, ගත්කරුවකු, ප්‍රකාශකයෙකු හා සිවිල් සේවකයෙකු ලෙසත් හැඳින්විය හැකියි. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කය පාදක කර ගනිමින් “ද විලේජ් ඉන් ද ජන්ගල්” (The Village in the jungle) කලක් තිස්සේ අපේ ජනහදට ලංවූ කෘතියක් වගේම එය කළක් පාසල් විෂය මාලාවටද ඇතුලත් කර තිබුණා. තවද අපේ රටේ සිටි ප්‍රවීන සිනමා අධ්‍යක්ෂකයෙකුවූ ලෙස්ටර් ජේම්ස් පිරිස් විසින් එය සිනමාවට ද නැගුවා.
  • ලෙනාඩ් වුල්ෆ් එංගලන්තයේ ලන්ඩනයේ කෙන්සින්ටන් පෙදෙසේ නාගරික මධ්‍යමපාන්තික පවුලකට දාව ඔහු උපත ලබා තිබුණේ 1880 නොවැම්බර් 25 වනදායි. දෙමව්පියන් වන්නේ සොලමන් රීස් සිඩ්නි වුල්ෆ් හා මේරි වුල්ෆ් ය. වර්ෂ 1892 දී සිය පියා මිය යාමෙන් අනතුරුව වුල්ෆ් ආලින්ටන් හවුස් ප්‍රාථමික පාසැලට ඇතුළත් කර තිබුණා. ඔහු දසදෙනෙකුගෙන් යුත් ඔහුගේ පවුලේ තුන්වන්නා විය. සිය මුලික අධ්‍යාපනයෙන් පසු ලන්ඩනයේ එකල ප්‍රසිද්ධ පාසලක්වූ ශාන්ත පාවුළු පාසලට (1894) ඇතුළත් වූ අතර 1899 දී පමණ කේම්බි්‍රජ් හි ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත්වීම සඳහා උසස් ශිෂ්‍යත්වයක් හිමි කර ගනු ලැබුවා. ඒ අනුව වුල්ෆ්ගේ BA උපාධිය ලබා ගනු ලැබුවේ 1902 වර්ෂයේ ය. ඉගෙනීමට තිබු දක්ෂතාව නිසා ඔහුට කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලයේදී ගෞරව උපාධියක් ලබාගැනීමට අවස්ථාව සැලසුණා. එකළ රැකියා සඳහා විශාල ඉල්ලු‍මක් තිබුණේ විදේශ සේවයටයි. මෙකල ලංකාව බි්‍රතාන්‍ය පාලනයට යටත්ව තිබු නිසා ඔහුට මෙහි පැමිණීමට පහසු කරුණක් උනා. බි්‍රතාන්‍යය රජයට දිවයින පුරා පිහිටි පෙදෙස් පාලනයට නතුවිමත් සමග ඒ පෙස් පාලනය පිණිස යොදවන්නට උගත් පරිපාලන කේෂ්ත්‍රයේ දැනුමක් ඇති පිරිසක් යෙදවීමට එකල සිටි යටත් විජිත ලේකම් වරයා කටයුතු කර තිබුණා. ලෙනාඩ් ලංකාව ගැන බොහෝ තොරතුරු පොත්පත් අසුරෙන් දැන සිටිනිසා ඔහු වැඩි කැමැත්තක් දැක්වුයේ ලංකාවේ පරිපාලන සේවාවේ යෙදෙන්නටය.
  • 1904 ඔක්තෝම්බර් මාසයේදී පමණ වුල්ෆ් ලංකාවේ සිවිල් සේවයට එක් වුයේ යටත් විජිත් සේවයට අනියුක්තව ආධුනික කනිෂ්ඨ සිවිල් සේවකයකු ලෙසය. ඔහු මුලින්ම යාපනයේ රාජකාරි කළ අතර ඉන්පසු මහනුවර දිස්තික්කයට ද මාරු කර තිබුනේය. අනතුරුව 1908 අගෝස්තු මස පමණ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උප දිසාපතිවරයා ලෙස ඔහු පත් කර තිබුණා.
  • වයස අවුරුදු 21 දී පමණ ලංකාව වෙත පැමිණි වුල්ෆ් 1908 සිට 1911 දක්වා තුන්වසරක කාල සීමාව තුළ දිවයින හා එහි ජන ජීවිතය පිළිබඳ අත්දැකීම රැසක් ලබාගෙන තිබු බව සඳහන් කරයි. හම්බන්තොට උප දිසාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබු මෙම කාල වකවානුව වුල්ෆ් තරමක් අභියෝගාත්මක කාලයක් වුණා. එනම් හම්බන්තොට ඉතා දුෂ්කර වියළි දේශගුණයකින් යුත් කලාපයක් වීම හේතුවෙනුත්, මෙම වකවානුවේදී අඩු වර්ෂාපතනයක් ලැබීමත් හේතුවෙන් වාරි පහසුකම් නොතිබූ භූමි ප්‍රදේශයන්හි වගා කටයතු සිදු කිරීමද අපහසු තත්ත්වයේ තිබුණා.
  • වුල්ෆ් හට තම පාලන කටයුතු සිදු කිරීමට වර්ග සැතපුම් 1200ක පමණ භූමි ප්‍රමාණයක් හිමිව තිබුණා. කෙසේ නමුත් මෙම ප්‍රමාණයෙන් සැතපුම් 600 කට පමණ ආසන්න ප්‍රදේශයක් සමන්විත වූයේ කැලෑවන්ගෙන් යුක්ත වූ මාගම්පත්තුව යන ප්‍රදේශයයි.
  • එවකට හම්බන්තොට ප්‍රදේශයේ 1911 වසරේ දී ජන සංගණනයක් පැවැත් වූ අතර එවකට ප්‍රදේශයේ ජනගහනය වූයේ 110,508 කි. මේ අතරින් බහුතරයක් පහතරට සිංහලයන් වුණා. නමුත් හම්බන්තොට නගරය සමන්විත වූයේ මුස්ලිම්වරුන්ගෙන්ය. එවකට ප්‍රධානම ජීවනෝපාය වූයේ වී ගොවිතැනයි. මෙම වී වගාවට අමතරව හේන් වගාවත්, පොල් හා පැඟිරි වගාවත් සාර්ථකව සිදු කෙරුණා. මීට අමතරව ලු‍ණු ලේවායන් තුළින්ද අදායම් ලබා ගැනීමේ හැකියාවක් ලැබුණා.
  • වුල්ෆ්ගේ දිනපොතේ දත්තවල සඳහන් වූ පරිදි මොහු පරිපාලන කටයුතු කරන වකවානු වලදී සිදු වූ විශේෂ සිදුවීම්, දුටු විශේෂ කරුණු, අලි ඇතුන් ආදිය ගැනත් සටහන් කිරීමේ කටයුත්තක නිරතව සිටි බව කියවේ. වුල්ෆ් ට තදින්ම දැනුන එම සිදුවීම් වලින් කිහිපයක් නම්,
  • 1909 මාර්තු මස 16 වන දින සටහන් කර ඇත්තේ “මා කටුවන රජයේ පාසල අධීක්ෂණය කළ අතර එම ස්කෝලයේ ගුරුවරයෙකුට සාමාන්‍ය දැනීම යටතේ පාඩමක් උගන්වන ලෙස මම යෝජනා කළෙමි. පාඩමේ මාතෘකාව වූයේ “මහ මුහුදයි-” ඔහු ඉතා හරවත් පාඩමක් සිසුන් ඉදිරියේ ඉතා සිත් ගන්නා සුළු අන්දමට ඉදිරිපත් කළේය. ගුරුවරයාගේ වියක්ත බව මට ඉන්පසු ප්‍රත්‍යක්ෂ වුණි-” එම සටහන් වල සඳහන් කොට තිබුණා.
  • වුල්ෆ්ගේ දිනපොතේ දත්ත රැසක් එකල හම්බන්තොට ප්‍රදේශයේ සහ දිවයිනේ සෙසු පළාත්වල ජන ජීවිතය ඔහු සටහන් කර ඇත.
  • 1910 අගෝස්තු 8 වන දින සඳහන් කර ඇත්තේ, “ශාන්ත ජෝසෆ් රෝමානු කතෝලික වත්තට මම ගියෙමි. බොහෝ කාලයක් තිස්සේ එහි යෑමට මට උවමනාවක් තිබිණි. වත්තේ පොල් වගාව සරුවට කර ගෙන යන බවක් පෙනේ. මෙම වගාව සඳහා සම්පූර්ණ සේවය ඉටු කරනු ලබන්නේ කාන්තාවන්ගෙනි. මොවුන් ඈත ගම්වලින් පැමිණෙන අය වූ අතර ඉතා අඩු පඩියකට උදැල්ලත්, පොළවත් සමඟ ගැටෙති” යනුවෙනි සඳහන් කර ඇත්තේ එකළ දිවයිනේ සිටි කාන්තවන්ට සැලකු අන්දම ගැන නිර්දය ලෙස සටහන් කරමිනි. 1911 දී පමණ ලෙනාර්ඩ් වුල්ෆ් නැවත එංගලන්තය බලා පිටත් වුණා.
  • ඔහු විවාහ ගිවිසගත්තේ ඇන්ඩලින් වර්ජිනියා ස්ටේපන් (Adeline Virginia Stephen) සමඟයි. පසුකාලීනව ඇයව හඳුන්වනු ලැබුවේ වර්ජිනියා වුල්ෆ් යනුවෙනි. කතුවරයෙකු ලෙස වුල්ෆ් විවාහයෙන් අනතුරුව වුල්ෆ් ලිවීම් කටයුතු ආරම්භ කරනු ලැබුවා. ඔහුගේ ප්‍රථම නවකතාව ප්‍රකාශයට පත් කරනු ලැබූවේ 1913 දීය. එම නවකතාව වන්නේ “ද විලේජ් ඉන් ද ජන්ගල්” යන්නයි. එසේත් නැතිනම් “බැද්දේගම” ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙන නව කතාවයි. මේ සඳහා පාදක වුයේ ලංකාවේ යටත් විජිත පාලනය සමයයි. අනතුරුව වුල්ෆ් කම්කරු පක්ෂයට හා ෆෙබියන් සංවිධානයට එක් වූ අතරම 1916 වසරේදී පමණ ලෝක සාමය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා. ඔහු සහ වර්ජිනියා එක්ව 1917 දී “හොගාර්ත්” නම් පොත් ප්‍රකාශන සමාගම පිහිටුවා ගනු ලැබුවා. බැද්දේගම වුල්ෆ් යන නාමය ඇසූ පමණින්ම ලාංකිකයන් ඔහුව හඳුනන්නේ ඔහු විසින් රචිත කෘතිය හේතුවෙනි. මේ සඳහා පාදකව තිබෙන්නේ යටත් විජිත වකවානු වල ලාංකිකයන් විසින් ගත කරනු ලැබූ ජන ජිවිතයේ සැබෑ ස්වරූපයයි. ඔහු මෙරට ගත කළේ ඉතාමත් කෙටි කාලයක් වුවත් එවකට ගැමියන් මුහුණ දුන් ගැටළු, සමාජ පැවතුම්, ජන ජීවිතය ආදී කරුණු සම්බන්ධයෙන් ඔහුට තිබුණේ පෘථුල තේරුම් ගැනීමකි. වුල්ෆ් ලංකාවටත්, මෙම හම්බන්තොට ජනතාවටත් ඉමහත් සෙනහසක් දැක්වූවා.
  • “ශ්‍රී ලංකාවේ හත් අවුරුදු සිවිල් සේවා කාලය තුළදී මා සෞන්දර්යාත්මක දේශපාලන සත්ත්වයකු බවට පත් කළේය. දහස් සංඛ්‍යාත සිංහල දෙමළ ජනතාව පත්ව සිටි අසරණ තත්ත්වය මා භීතියට පත් කළේය. අධිරාජ්‍ය වාදයේ කුරිරු බව මා දුටුවෙමි” යනුවෙන් සඳහන් කර තිබෙනවා.
  • මෙම කෘතියට The Wise Virgins, International Government, The Future of Constantinople, Cooperation and the Future of Industry, Economic Imperialism, Empire and Commerce in Africa, Socialism and Co-operation, Fear and Politics, Hunting the Highbrow, Imperialism and Civilization, Quack! Quack!,Barbarians At The Gate, The War for Peace
  • ආදියද වුල්ෆ් විසින් රචිත කෘති අතර වැදගත් වනවා.
  • දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා සිය රාජකාරි කාලයේදී මෙන්ම නිවාඩු වක් ලැබූ හැමවිටකදීම ඔහු එහි විසු ගැමි ජනතාවගේ කටුක දිවි පෙවෙත පිලිබඳ ඉතා පුළුල් අධ්‍යනයක යෙදුනේය. ඔහුගේ නවකතාවට පදනම් කර ගෙන තිබුණේ සිළිඳු නම් අහිංසක ගැමියෙකු හා ඔහුගේ පවුල පිළිබඳ කියවෙන කතා පුවතයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුක දිවි පෙවෙතක් ගතකරන ගැමි ජනතාව සිය දිවි ගමන ගෙනයාමේදී මුහුණ පාන්නට සිදුවන ගැහැට සිළිඳු ගේ චරිතය ඔස්සේ ඔවුනට අත් විඳින්නට සිදුවූ ශෝචනීය ඉරණම ඉතාමනවින් ඉදිරිපත් කරන්නට එම කතුවරයා සමත්වී ඇත. වියලි කාලයේ ඔවුන් මුහුණ පාන දුක් ගැහැට පිළිබඳවත්, අන්ත දුප්පත්කම නිසා ඔවුන්ගේ ජිවිත ගෙනයාමට කරන අරගලය ඔහු ඉතා මැනවින් ඉදිරිපත්කිරීම මෙම නවකතාවේ සවිස්තරව සඳහන් කරයි. වනය ඇති බියකුරු බව මෙන්ම ගැමි ජනයා එල්බගෙන ඇති මිත්‍යා විශ්වාශ නිසා ඔවුන්ගේ සිතුම් පැතුම් කැටිකර ගත් ගැමියන්ට මුහුණපාන්නට සිදුවන දුක් ගැහැට ඔහු මැනවින් මෙම නවකතාවේ චරිතතුළින් ඉස්මතු කර ඇත්තේ විදේශික ඇසකින් නොවන බව නම් පැහැදිලිය. සිළිඳු හින්නිහාමි, පුන්චිහාමි යන දියණියන් සමග බද්දේගමෙහි විසුවේය .හින්නිහාමි නම් දියණිය මතය විශ්වාශ නිසා මරණයට ගොදුරුවේ. මේ අතර පුංචි මැණිකා බබුන් හා විවාහ ගිවිසගනී, මේ විවාහයට පවුලේ අය විරුද්ධවේ, ගමේ වෙළඳාමට එන ප්‍රනාන්දු පුංචි මැණිකා කෙරෙහි හිතගොස් ඈ සිය වසඟයට ගන්නට කල උත්සාහය ව්‍යර්ථ වෙයි. මේ නිසා සිළිඳුට ඔවුන් බොරු නඩුවකට ඈඳා සිරගතවීමට සැලසෙයි. ඉන් කම්පාවට පත් සිළිඳු ගමේ ආරච්චිට හා ප්‍රනාන්දු මුදලාලිට වෙඩි තැබීම නිසා ජිවිතාන්තය දක්වා සිර බත් කෑමට සිදුවෙයි. ඔවුන්ගේ දිවි පෙවෙත පිළිබඳ ඉතා සියුම් තැන් ස්පර්ශ කරමින් කර ඇත්තේ ඇත්තෙන්ම සුවිශේෂී කාර්යභාරයකි. මෙම බද්දේගම නවකතාව සිංහලට පරිවර්තනය කර තිබුනේ දිවයිනේ ඉතා දක්ෂ ගත් කතුවරයෙකුවූ ඒ. පි. ගුණරත්නයි. ඔහු ද මන්කි (The Monkey) වනසරණ, මැකීගිය දඬමං, සුදු ගොනා (R.A.Spitle) වැනි පරිවර්තන රැසක් ප්‍රකාශයට පත්කර ඇති දක්ෂ කතුවරයෙකි. ඔහු ඉතා මැනැවින් මේ පොත සිංහලට පරිවර්තනය කර තිබුණි. මේදක්වා මුද්‍රණ රැසක් සිදු කිරීම තුළින් මේ පොත දිවයිනේ පාඨකයන් අතර ජනප්‍රිය කෘතියක් ලෙස අද පවා වැළඳගෙන තිබේ.
  • වුල්ෆ්ගේ බිරිඳ වූ වර්ජිනියා කලක් තිස්සේ මානසික ව්‍යාධි තත්ත්වයකින් පෙළුණා. කෙසේ නමුත් ඔවුන් දෙදෙනා අතර ඉතා සමීප සබඳතාවක් තිබුණි බව කියවේ. ඇය 1941 මාර්තුවේදී සියදිවි නසා ගත්තා. වුල්ෆ් මිය ගියේ ඊට වසර විසි අටකට පසු 1969 අගෝස්තු 14 වනදායි.
  • නීතිඥ ශාන්ත සේනාධීර -ලංකා නිවුස් යු.කේ. 
  • Comments
  • No comments yet
  • ලන්දේසි ඉංජිනේරු තාක්ෂණයේ දියුණුව කියාපාන ලංකාවේ තැනූ රහසිගත උමං මාර්ග
  • ක්‍රි-ව- 1658 දි ලංකාවේ වෙරළබඩ පළාත් වල බලය ලන්දේසින්ගේ යටතට පත් වීමත් සමග ඔවුන් විසින් ඔවුන්ගේ බලකොටු භූගෝලීය වැදගත් මර්මස්ථානයන්හි ස්ථාපිත කරන්නට යෙදුණි- ලන්දේසින් විසින් පෘතුගීසීන් සතුව තිබී අල්ලාගත් බලකොටු ඔවුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම අනුව නැවත නවීකරණය කර ඇත – ගාලු‍ කොටුව ඊට කදිම උදාහරණයකි-
  • මෙම බලකොටු බොහෝ ප්‍රමාණයක් වෙරළ ආසන්නයේ මෙන්ම වෙරළ අභ්‍යන්තරයේ ද දැක ගත හැකිය- ලංකාවේ වැදගත්ම හා විශාලතම ලන්දේසි බලකොටු ලෙස ගාල්ල, කොළඹ, යාපනය, යන නගරයන් ආශ්‍රිතව ඉදිවූ කොටු පවුරු දැක්විය හැක- අද කොළඹ කොටුවේ ඉතිරිව ඇත්තේ එහි නම පමණි- අනෙක් බලකොටු දෙක සංරක්ෂිත තත්වයෙන් පවතී-
  • එසේම කළුතර, මීගමුව, කල්පිටිය, මාතර, තංගල්ල, හම්බන්තොට, අලිමංකඩ, පුනරීන්, ත්‍රිකුණාමලය ආදී ස්ථානවල ඔවුන් බලකොටු පිහිටවා තිබුණි- දිවයින අභ්‍යන්තරයේ කටුවන, හක්මන, මල්වාන, හංවැල්ල, අරන්දර, අට්ටාපිටිය, රුවන්වැල්ල, සීතාවක, රත්නපුර, මැණික්කඩවර, ස්ථානවල ද ලන්දේසි බලකොටු තිබූ බවට සාක්ෂි හමුවෙයි-
  • මේවායින් බහුතරයක ආරක්ෂාව වෙනුවෙන් උමං මාර්ග සකස් කර තිබුණි- නමුත් අද වන විට ඒවායෙන් ඉතිරි වී ඇත්තේ අතලොස්සකි- මෙරට විශාලතම මෙන්ම ආකර්ෂණීය ඕලන්ද බලකොටුව තුලද එවන් රහසිගත උමං මාර්ග පද්ධතියක් ඇතැයි කියෙවෙයි-
  • එහි ඕලන්ද දේවස්ථානයේ දකුණු දොරටුවට මදක් ඔබ්බෙන් වූ විවරය මලවුන්ගේ ලෝකය වෙතට දිවෙන උමං මාර්ගයක ආරම්භයක්- හේතුව දේවස්ථානයට යටින් වූ උමං සුසාන භූමියක් එයට සම්බන්ධ වීම- එහි අනෙක් උමං මාර්ගය අණදෙන නිලධාරී කැස්පර්ස් ගේ නිල නිවස වෙතටද අනෙක මුහුද දෙසට ද යොමු වූ බව කියවෙයි-
  • වර්තමානයේ මෙම උමං මාර්ගය වෙත පිවිසෙන දොරටුව ආරක්ෂක හේතු නිසා බලධාරීන් විසින් යතුරු ලා වසා දමා තියෙනවා- මේ විවරය ගාලු‍ කොටුව අභ්‍යන්තරයේ සතර දිසාවට දිවෙන උමං මාර්ග පද්ධතියක එක් කෙලවරක් පමණක් බවටත් ද මතයක් පවතිනවා-
  • ලන්දේසි යුගයට අයත් ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම බලකොටුව වන යාපනය කොටුවේත් දිය අගලට පිටතින් වන පිටත ප්‍රාකාරයට ඇතුළතින් යුගල බැගින් නිර්මාණය කල උමං මාර්ග පහක් දක්නට ලැබෙනවා- මෙම උමං මේ වන විටත් යහපත් ආකාරයෙන් ආරක්ෂා වී තිබුණත් මේවායෙහි දොරටු අද දක්නට ලැබෙන්නෙ නැහැ- නමුත් මේවායෙහි උමං දොර තිබූ බවට සාධක දක්නා ලැබෙනවා-
  • කොළඹ කොටුව අද දකින්න ලැබෙන්නෙ නැහැ- නමුත් එහි අවශේෂ කීපයක් පමණක් කොළඹ නගරය ආශ්‍රිතව දකින්න පුළුවන්- වසර 225 කට වඩා පැරණි ලන්දේසි යුගයේ ඉදිකරන ලද මුතුවැල්ල උමං මාර්ගය කොළඹ ආශ්‍රිතව තියෙන එවන් නිර්මාණයක්- එය කොළඹ නගරයේ වර්ෂා ජලය මුහුදට ගෙන යාමට සකස් කරන ලද්දක්-
  • ලංකාවෙ සුවිශේෂීම අද්විතීය ලන්දේසි උමං මාර්ගය දකින්න ලැබෙන්නෙ කල්පිටිය ලන්දේසි කොටුවෙ- අද වන විට එය නාවික හමුදාව භාරයේ පවතින කඳවුරක්- මේ නිසා බලකොටුව මැනවින් ආරක්ෂා ව තියෙනවා-
  • මේ බලකොටුවෙන් ආරම්භ වී වම් පසට සේම දකුණු පසටද දිවෙන උමං මාර්ග දෙකක් දැකගන්න පුළුවන්- මින් වම් පසට දිවෙන් කිලෝමීටර් දෙක හමාරක් පමණ දිග උමං මාර්ගය කෙලවර වෙන්නෙ එරමුතිව් දිවයිනෙන්- මේ උමං මාර්ගය නගරය යටින් ගොස් මුහුදු පත්ලටත් යටින් දිවෙන සේ නිර්මාණය කර තිබීම විස්මයජනක යි- මෙහි අමුණා ඇති google map දර්ශනයෙන් එය වටහා ගන්න පුළුවන්-
  • Famous Five කතාංගයේ කොටසක මෙවැනි නිර්මාණයක් දකින්න ලැබෙනවා- ඒ වගේම යුරෝපයේ බලකොටු ආශ්‍රිතව මෙවැනි නිර්මාණ දකින්න පුළුවන්- ඒත් ලංකාවෙ දකින්නට ලැබෙන්නේ මෙහි පමණයි- මේ ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයාගේ අග්‍රගණ්‍ය නිර්මාණයක් බව සැකයක් නැහැ-
  • නගරය හරහා සෙබලු‍න් ප්‍රවාහනය නිසා පිරිස් බලය සතුරන් හට ආරංචි වීම වැළැක්වීමටත් හදිසි පළා යාමක් වෙනුවෙනුත් මෙය ඉදි කරන්නට ඇති බව හිතන්න පුළුවන්- මෙහි දකුණු පස උමං මාර්ගය දිවෙන්නේ ඕලන්ද දේවස්ථානය වෙත- එය මීටර් 500 ක් පමණ දිගකින් යුක්තයි-
  • අද වන විට මේ උමං මාර්ග භාවිතාවක් සිදු නොවෙන නිසා, ඒවාට සාමාන්‍ය ජනතාවට පිවිසීමේ අවසරය නැහැ- අපේ රට සූරා කෑ අධිරාජ්‍යයවාදීන් ඉතිරි කර ගිය වටිනා නිර්මාණ විදිහට මේවා හඳුනාගන්න පුළුවන්-
  • Kokila Withanathanthri 
  • See less
  • Comments
  • No comments yet
  • Be the first to comment.
  • නිදහස කවියෙන් පොබකල
  • එස් මහින්ද හිමි
  • අද අප ජාතික නිදහස් දිනයක් අභිමානයෙන් සමරන්නේ සහ ඒ වෙනුවෙන් තම ප්‍රාණය පුද කල විරුවන්ද, අප්‍රමාණ කැප කිරීම් කල විරුවන්ද ජාතික වීරයන් සේ ස්මරණය කෙරෙනුයේ අප අද භුක්ති විඳිනා නිදහසේ සැබෑ උරුමකරුවන් ඔවුන් නිසාවෙනි-
  • ලක්දිව පෘතුගීසි, ලන්දේසී සහ බි්‍රතාන්‍ය ජාතිකයින්ගේ පාලනයට යටත් වීමෙන් පසු නැවත ස්වෛරී මාතෲ භූමියක් ජනිත කිරීම උදෙසා ඔවුන් දුන් පිටුබලය නොවන්නට තවමත් අප විදෙස් ජාතියක වහලු‍න් සේ දිවි ගෙවමින් කල් ගත කරනු ඇත-
  • එසේ අප දිනාගත් නිදහස උදෙසා දායකත්වය දැක්වූ අයවලු‍න් අතුරින් කවියෙන් දේශයක් පොබ කල කෙනෙකු වූයේ නම් අන් කවරකුත් නොව එස් මහින්ද හිමියන්‍ ය-
  • “‍කඩුවට වඩා පෑන බලවත් ”‍යන කියමන සනාථ කරමින් උන්වහන්සේ නිදහස පිළිබඳ සිතුවිලි කාව්‍යකරණයෙන් ජන සම්මුඛ කරලූයේ නිදා සිටි දේශයට මල් වැස්සක් පතිත කරමින් සුගන්ධවත් පුෂ්පයක් විකසිත කරන්නට දරනා වෙහෙසක් පරිදිය-
  • ඉන්දියාවේ හිමාලයට ආසන්න ටිබෙට් දේශයට නුදුරින් ඇති සීකීම් පෙදෙසෙහි උපත ලබා තම තෙවැනි සොයුරා වූ සිකීම් පුණ්ණජී හිමියන් සමග ලක්දිවට පැමිණි මහණ උපසම්පදා ලැබීම උන්වහන්සේගේ ජීවිතයේ සුවිසෙස් සන්ධිස්ථානයක්ම විය-
  • මරදාන මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන්හි ලැබූ අධ්‍යාපනයෙන් සිංහල, සංස්කෘත, පාලි සහ ඉංග්‍රීසි යන භාෂාවන්ගේ පරිචයද නක්ෂත්‍ර විද්‍යාවේ නිපුණත්වයද අංකුර කවීත්වයෙහි මූලාරම්භයද බුදු දහම ගැඹුරින් හැදැරීමේ මූලික පියවරද තැබූ බැව් සඳහන්‍ ය-
  • එවකට ලක්දිව යටත් කොටගෙන පාලනය ගෙන ගිය බි්‍රතාන්‍ය ජාතිකයින් නිසාවෙන් බොහෝ තැන්වලදී ආරිය සිංහලයින්ට ලැබුණේ කුඩම්මාගේ සැලකිල්ලය- “එසේත් නැත්නම් ඔවුන්ගේ යකඩ සපත්තුවට යටවන්නටය-”
  • මේ හේතුවෙන් නිදහස පිළිබඳ සිතුවිලි ජාති හිතෛෂි විරුවන්ගේ සිත් හි මෝරමින් පැවති අතර ඔවුන් ඒ පිළිබඳව ජනයා දැනුවත් කිරීමට අමද්‍යප ව්‍යාපාරය වැනි සංගම් පවා අරඹා තිබුණි-
  • නමුත් ඒ උදාරතර අරමුණට ජීවය එක්කිරීමට සමත් වූයේ සිකීම් දේශයෙන් පැමිණ සිටි මහින්ද හිමියන් ය-
  • තමන් විදෙස් දේශයක ජන්ම ලාභය ලබා තිබුණද, ලක්දිව යනු තම මාතෲ භූමිය සේ සැලකූ උන්වහන්සේ එහි නිදහස උදෙසා නිදාසිටි සිහලු‍න්ව අවදි කරේ තම නිසඟ කවීත්වය උපයෝගී කොටගෙන මෙලෙසින්‍ ය-
  • කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
  • උස් නිදහස පිණිස සටනට සැර සෙන්නේ
  • ඉස් මොල තිබෙද්දිත් මේ ගැන නොසිතන්නේ
  • ඇස් ගෙඩි දෙකට හෙණ ගහලද සිහලු‍න්නේ
  • එවැනි ජාතිකානුරාගී සිතුවිලි සවණ වැකූ කල අවදි වූ සිහලු‍න්ට තමන් ජාතිය වෙනුවෙන් ගමන් ගත යුතු මග පිළිබඳව උන් වහන්සේ කවියෙන් ගෙන හැර දැක්වූයේ මෙලෙසින් ය-
  • තමන් ලැබූ දිවි පෙවෙතේ
  • කොටසක් රට සමය වෙතේ
  • පුද නොකලොත් නුඹෙන් පුතේ
  • මෙලොවට කිසි ඵලක් නැතේ
  • තමන් එසේ යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව ලෝකයෙන් ගැරහුම් ලැබූවද දුක් නොවිය යුතු බැව්ද දැක්වූයේ මෙලෙසිනි-
  • ඉටු කොට කල යුතු යුතුකම්
  • ලැබුණත් ලෝකෙන් ගැරහුම්
  • ඉවසන්නට පුලු‍වන්නම්
  • නුඹයි මගේ පුතා උතුම්
  • උන්වහන්සේ නිදහස් සිතුවිල්ලෙන් ජනයා පොබ කරන සමයෙහිදී විවිධ අදෘශ්‍යමාන හස්ත මගින් උන්වහන්සේගේ ගමනට බාධා තිබූ බවත් බුදු දහම මනාව උගත් අයෙකුට ඒවා අභියෝගයක් නොවන බවත් පැවසූයේ මෙලෙසිනි-
  • සහන ලැබෙන තුරු ලංකාදීපයට
  • ගහන ගැහිලි හමුවේ සිහ වෙසින් සිට
  • නහන රුපුන් නහමින් යමි ඉදිරියට
  • මහණ කමත් බණ දහමත් එකයි මට
  • මා ඉහත දැක්වූ පද්‍යයන් අන්තර්ගත වූ, නිදහස් සිතුවිලි ජන මනසට එක්කෙරූ
  • – නිදහස් දැහැන
  • – නිදහසේ මන්ත්‍රය
  • – ලංකා මාතා
  • – නිදහස
  • වැනි පද්‍ය පන්තීන්ද
  • ළමා සාහිත කෙත පෝෂණය උදෙසා ජාතික තොටිල්ල හෙවත් දරු නැලවිල්ල ආදී පද්‍ය පන්තීන්ද රචනා කරන ලදී-
  • කවියෙන් නිදහස පිළිබඳව සිතුවිලි ජනිත කරලීමෙන් අනතුරුව සිහලු‍න්ගේ සිත් හි යහපත් සිතුම් පැතුම් මෙන්ම ගති සිරිත් ද අධ්‍යාපනයෙහි වැදගත්කමද ඔවුන්ට ඒත්තු ගන්වනු රිසින්,
  • ★ දහම් පාසැල් ඇරඹීම,
  • ★ ඉංග්‍රීසි පාඨශාලා ඇරඹීම
  • ★ නොමිලේ බෙහෙත් දෙන ස්ථාන ඇරඹීමට මූලික වීම,
  • ★ සිහල සාහිත කෙත ප්‍රගමනය උදෙසා දායක වීම,
  • ★ නිදහස් ව්‍යාපාරය උදෙසා කටයුතු කල ජන නායකයින්ට සහය වීම-
  • වැනි කටයුතු රාශියකට උන්වහන්සේ දායකත්වය ලබාදීමට සමත් විය-
  • තම දිවියෙහි ඒකායන අභිප්‍රාය වූ ලක්දිව බි්‍රතාන්‍යයන්ගෙන් නිදහස කර ගැනීම තම සියැසින් දකින්නට තරම් වාසනාවන්ත වූ වීරයන් අතලොස්ස අතරින් කෙනෙකු වූ උන්වහන්සේව 1948 නිදහස දිනාගැනීමෙන් අනතුරුව ජාතික වීරයෙකු සේ ගරු බුහුමනින් පුදන්නට විය-
  • ලක්දිව නිදහස දිනා වසර තුනක් ඇවෑමෙන් උන් වහන්සේ අපවත් වූයේ වසර 51 ක් වැනි කෙටි ආයු කාලයකිනි-
  • දහම ගුරු තනතුරෙහි තබා ගනිමින් තමා ජීවත්වූ භූමියෙහි ස්වෛරීත්වය උදෙසා අභීතව පෑන මෙහෙයවමින් නිදාසිටි සිහලු‍න් අවදි කිරීමට ගත් මෙහෙය නිසාවෙන් නිදහස දිනා වසර 78 ක් ගත වන මෙම වසරේ පමණක් නොව සිහල ජාතිය පවතිනා තුරාවටම උන් වහන්සේ ගේ මෙහෙය කල ගුණ දන්නා ජාතියක් ලෙස ස්මරණය කල යුතුම වෙයි-
  • එවන් විරු දරුවන් නැවතත් මෙබිම සුරක්ෂිත කරනු වස් පහල වේවා යන්න ”‍උරුමයක වරුණ ”‍ පැතුම වෙයි-
  • උරුමයක වරුණ Urumayaka Waruna (FB page) See less 
  • See less
  • දෙවන ලෝක යුද්ධයේදි සබ්මැරීන් නාශක යාත්‍රාවක් තනියම ගිල්වා දැමූ.. අදටත් බි්‍රතාන්‍ය වැසියන් හිස නමා ගරු කරන ලාංකිකයා ගිල්බට් රිචඩ් අලස්
  • ලෝක යුද්ධ ගැන අපි අහලා තියෙන්නේ පොත්වලින්, එහෙමත් නැත්නම් හොලිවුඩ් චිත්‍රපටවලින්… ඒ හැම තැනකම හිටියේ සුදු ජාතික වීරයෝ… හැබැයි මීට අවුරුදු 80කට විතර කලින්, ලෝකයම ගිනිගත්ත දෙවන ලෝක යුද්ධයේ මහා සයුර මැද, සුදු ජාතිකයන් පවා පුදුම කරවපු, මරණය පෙනි පෙනී සතුරා දණගැස්වූ එකම එක සිංහල ලේ ඇති වීරයෙක් හිටියා…
  • ඔහු නමින් ගිල්බට් රිචඩ් අලස් (Gilbert Richard Alles). මේ ඔහු ලංකාවේ තේජස ලෝකය හමුවේ තැබූ ඒ අසහාය වීරකතාවේ දිගහැරුමයි.. “
  • “1940 දශකයේ මුල් භාගය වන විට මුළු ලෝකයම යුද ගින්නෙන් ඇවිළෙමින් තිබුණා. බි්‍රතාන්‍ය කිරීටයට යටත් විජිතයක්ව තිබූ ලංකාවෙනුත් තරුණයන් රැසක් බි්‍රතාන්‍ය හමුදාවට බැඳුණේ නාසි සහ ජපන් ආක්‍රමණයට එරෙහිව සටන් කරන්නයි. ඒ අතරින් ගිල්බට් රිචඩ් කියන්නේ හරිම සුවිශේෂී තරුණයෙක්. ඔහු තෝරාගත්තේ නාවික හමුදාවයි. ඒත් සාමාන්‍ය නාවික හමුදාවක් නෙවෙයි ලෝකයේ භයානකම රාජකාරියක් හිමි රාජකීය සබ්මැරීන් බලඝණය-
  • ඔහු සේවය කළේ HMS Tantivy නම් බි්‍රතාන්‍ය සබ්මැරීනයේයි. එහි ඔහුට හිමිවූයේ Gun Layer හෙවත් සබ්මැරීනයේ ප්‍රධාන කාලතුවක්කුව මෙහෙයවන්නාගේ භයානක භූමිකාව.
  • “දිනේ 1944 සැප්තැම්බර් මාසයේ දවසක්… ස්ථානය මලක්කා සමුද්‍ර සන්ධිය ආසන්න මුහුද… HMS Tantivy
  • සබ්මැරීනය නිහඬව මුහුදු පතුලේ ගමන් කරමින් හිටියේ සතුරු ජපන් නැව් සොයමින්. සබ්මැරීනයක් ඇතුළත ජීවිතය කියන්නේ හරිම පීඩාකාරී දෙයක්. ඔක්සිජන් අඩුයි, ඉඩකඩ සීමිතයි, හැම වෙලාවකම තියෙන්නේ මරණ බය…
  • හදිසියේම සබ්මැරීනයේ රේඩාර් තිරය මත අමුතු සංඥාවක් දිස්වුණා… ඒ ජපන් හමුදාවට අයත් සබ්මැරීන් නාශක යාත්‍රාවක්
  • හිතන්නවත් වෙලාවක් නැහැ ඊළඟ තත්පරයේ දී සටන ආරම්භ වුණා.. හදිසියේම HMS Tantivy සබ්මැරීනයේ ඇතිවුණු කාර්මික දෝෂයක් නිසා ඔවුන්ට සිද්ධ වුණා මුහුදු මතුපිටට එන්න.. මෙය සබ්මැරීනයකට තියෙන ලොකුම අවාසියක් මොකද මතුපිටට ආ සැණින් ඔවුන් සතුරාට ලෙහෙසි ඉලක්කයක් වෙනවා.
  • මුහුදු මතුපිටට එනකොට ජපන් සතුරු යාත්‍රාව ඉතාම ආසන්නයේ තිබුණා.. දෙපැත්තෙන්ම වෙඩි ප්‍රහාර එල්ල වෙන්න ගත්තා.. මුහුද හරිම රළුයි රළ ගෙඩි සබ්මැරීනයේ තට්ටුවට ගහන්නේ ඕනෑම කෙනෙක්ව මුහුදට ඇදලා දාන්න පුළුවන් වේගයකින්-
  • මේ වෙලාවේ සබ්මැරීනයේ තට්ටුව මත තිබුණු කාලතුවක්කුව ක්‍රියාත්මක කරන්න කෙනෙක් අවශ්‍ය වුණා… සතුරු වෙඩි උණ්ඩ වැස්සක් වගේ පතිත වෙද්දී, තට්ටුව මතට යනවා කියන්නේ සියයට සියයක්ම මරණය වැළඳගැනීමක්.
  • බි්‍රතාන්‍ය නිලධාරීන් ඇඹරෙද්දී ලංකාවේ මේ අභීත පුත්‍රයා, ගිල්බට් රිචඩ් ඉදිරිපත් වුණා. සර්, මම යන්නම්.. ඔහු කිව්වේ එච්චරයි… අලස් සබ්මැරීනයේ ඇතුළත ආරක්ෂිත කලාපයෙන් මිදී, රළු මුහුදේ පතිත වන රළ ගෙඩි අතරින් ඉහළ තට්ටුවට දිව ගියා.. ඔහු අසල සිටි අනෙක් සෙබළුන්ට සතුරු ප්‍රහාර හමුවේ නැවත සබ්මැරීනය ඇතුළට දිව ගියා.
  • දැන් ගිල්බට් තනිවෙලා..
  • මහා සාගරයේ රළ පහරවල් ඔහුට වදිනවා.. එක අතකින් සතුරු යාත්‍රාවෙන් මැෂින් තුවක්කු ප්‍රහාර එල්ල වෙනවා ඔහු ඒ කිසිම දෙයකින් සැලු‍ණේ නැහැ ඔහු කාලතුවක්කුව අතට ගත්තා ඔහුගේ ඉලක්කය වූයේ සතුරු යාත්‍රාවේ හදවත…
  • ඔහුගේ පළමු වෙඩි මුරයම සතුරු යාත්‍රාවට මාරාන්තික පහරක් එල්ල කළා.. අලස් වේගයෙන් කාලතුවක්කුව නැවත ක්‍රියාත්මක කරමින්, සතුරාට හිස ඔසවන්නට ඉඩක් දුන්නේ නැහැ ජපන් සෙබළුන් පුදුම වුණා සබ්මැරීනයක තට්ටුවක් මත තනි මිනිසෙක් මෙතරම් දරුණු ප්‍රහාරයක් එල්ල කරන්නේ කොහොමද කියලා
  • අලස්ගේ ඒ අසාමාන්‍ය ධෛර්යය නිසා ජපන් යාත්‍රාව අකර්මන්‍ය වුණා HMS Tantivy සබ්මැරීනය සහ එහි සිටි සිය ගණනක් පිරිස බේරුණේ අලස් තනිවම කළ ඒ ජීවිත පරිත්‍යාගශීලී සටන නිසයි..
  • “️මෙම සටනින් පසු, බි්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් අලස්ගේ වීරත්වය ගැන වාර්තා කළා 1945 වසරේදී ඔහුට Distinguished Service Medal (DSM& නමැති උසස්ම හමුදා ගෞරව සම්මානය පිරිනමනු ලැබුවා.
  • මෙම පදක්කම පිරිනමනු ලබන්නේ සටන් බිමේදී පෙන්වන අතිශය දුර්ලභ ගණයේ නිර්භීතකම වෙනුවෙන්. ගිල්බට් රිචඩ් අලස් මහතා එම සම්මානය දිනාගත්තේ ලංකාවේ නාමය ලෝක ඉතිහාස පොත්වල ලියවමින්..
  • යුද්ධය අවසාන වූ පසු ඔහු නැවත තම මව්බිමට පැමිණියා. ඔහු කළ ඒ මහා සේවය වෙනුවෙන් ඔහුට ලැබිය යුතු නිසි ගෞරවය එදා සමාජයෙන් ලැබුණාද යන්න ගැටලු‍වක් වුවත්, ලංකා නාවික හමුදාවේ (එකල Royal Ceylon Navy) මුල්කාලීන ගොඩනැගීමට ඔහුගේ අත්දැකීම් මහඟු‍ පිටුවහලක් වුණා.
  • “ අපේ රටේ ඉතිහාසය කියන්නේ රජවරුන්ගේ කතා විතරක් නෙවෙයි ලෝකයම ගිලගත් මහා යුද්ධවලදී, ලෝකයේ බලවත්ම ජාතීන් සමඟ කරට කර සටන් වැදුණු මෙවැනි අසහාය මිනිසුන් ලංකාවේ ඉඳලා තියෙනවා. අපි රිචඩ් අලස් වැනි වීරයන් ගැන කතා නොකළොත්, අනාගත පරපුර හිතන්නේ ලාංකිකයන් කියන්නේ හැමදාම අනුන්ගෙන් උදව් ගත්ත ජාතියක් කියලා විතරයි…
  • හැබැයි මතක තියාගන්න ලාංකිකයන් කියන්නේ සබ්මැරීන් නාශක යාත්‍රාවක් පවා දණගැස්වූ මිනිසුන් ඉන්න ජාතියක්..
  • Siri Lankava – Facebook
  • Samantha Pathirana, Ambassador to Romania
  • On March 3, 2026, Ambassador Samantha Pathirana presented his Letters of Credence to the President of Romania, Nicușor Dan, during a formal ceremony held at the historic Cotroceni Palace in Bucharest. This event marked his official appointment as the second residential Ambassador Extraordinary and Plenipotentiary of Sri Lanka to Romania.
  • The ceremony featured an impressive Guard of Honour provided by the Romanian Armed Forces, followed by the handing over of the Letters of Credence. Subsequently, discussions were held with President Dan in the Lounge of the Unirii Hall at the Presidential Palace. Ambassador Pathirana was accompanied by Counsellor, Kaushalya Govinda, and Attaché, R. Ratheesparan of the Embassy.
  • During the meeting, Ambassador Pathirana conveyed warm greetings from President Anura Kumara Disanayaka and highlighted the longstanding diplomatic ties between the two nations, which date back to 1957. The Ambassador emphasized the substantial progress made in strengthening bilateral relations across various sectors, fostering cooperation and mutual support.
  • In his response, President Nicusar Dan extended his best wishes to President Disanayaka and the people of Sri Lanka. Ambassador Pathirana also briefed the
  • President Dan showed his appreciation for the large Sri Lankan community residing in Romania and inquired about their welfare and requested the Ambassador to reach out the institutions in Romania if he need any assistance regarding the Sri Lankan Community. The Ambassador expressed gratitude to the Romanian government for its strong support, particularly in hosting over 25,000 Sri Lankans employed in industries such as apparel, construction, hospitality, and agriculture. He also advocated for a government-to-government (G2G) framework to ensure safer and more regulated pathways for skilled labour migration between the two nations.
  • Ambassador Pathirana’s tenure in Romania follows his dedicated career in Sri Lanka’s Foreign Service (SLFS). He previously served as the Deputy High Commissioner at the Sri Lanka High Commission in London and held the position of Director General of the South Asia and SAARC Division at Sri Lanka’s Ministry of Foreign Affairs, Foreign Employment and Tourism. During his career, he has also held roles including Director General of Economic Affairs, Director of UN & Multilateral Affairs Division, and Assistant Director of West Division at the Ministry.
  • Further he served in Sri Lanka Mission in New Delhi, Moscow and Geneva.
  • His academic credentials include a Masters’ Degree in International Relations from the University of Malta) and Masters Bachelor’s Degree in Engineering from the Georgian Technical University, Tibillis, Georgia.
  • Embassy of Sri Lanka
  • Bucharest, Romania
  • 05 March, 2026 
  • See less
  • Comments
  • No comments yet
  • Be the first to comment.

In Memorium of Dr Hemamala Pushpakumari Jasenthuliyana

Dr Hemamala Pushpakumari Jasenthuliyana who passed away on 21st January 2026. Loving daughter, sister, aunt, and a very loyal friend

My very dear friend for over 62 years, Hemamala departed this life in January this year. Known as Pushi by school and university friends, and Mala by other friends in UK, her nameHemamala means golden garland and Pushpakumari meansflower princess.

Pushi was born on 29 March 1946 to a loving family with an older brother and later, a sister joined the family. I met Pushi when I was 15 and she was 16, at our school Visakha Vidyalaya (a prominent girls’ school in Sri Lanka). There, Pushi excelled in her studies, and was famous among the students and teachers as the girl who won the most prizes atannual prize giving days. As well as being an exceptional student, Pushi was very involved in school life, as secretary of the school Buddhist society, vice-captain of one of the schoolhouses (Dawes house), and prefect.

Pushi entered Colombo University medical school in 1965, where I had the pleasure of becoming her batchmate, and her dedication to others continued with her becoming president of the medical school girls’ hostel. After qualifying as a doctor in 1970, Pushi worked in several hospitals in Sri Lanka before arriving in England to continue her postgraduate studies. Pushi chose Psychiatry as her speciality and worked for the NHS for three decades, practicing with great kindness and compassion.

Pushi had always been dedicated to making a positive difference for women and girls, and after retiring, she joined Soroptimist International (the largest women’s organisation with consultative status in the UN) where she became president of the Enfield club. There Pushi was very active in fundraising and had a particular interest in initiatives thathelped women for whom English was a second language. In Sri Lanka, Pushi and I travelled many times to remote villages to support impoverished schools in these areas.

Pushi was a devout Buddhist, very much involved as a devotee at Abhayaramaya, helping with the upkeep of the temple and taking part in religious observances and meditation sessions. She even joined the dhamma discussion I ran every Saturday on Zoom, never missing a single meeting until she fell ill.

Just like her beautiful names, Pushi loved beautiful things anddelighted in giving beautiful gifts to the people she loved. She paid special attention to friends’ and relatives’ birthdays, never forgetting to give presents and send cards, and very much appreciated receiving birthday cards too.

Pushi had many interests throughout her life. When she was younger, she played the piano and enjoyed sewing even making her own dresses. Later, she found a love of travelling, preferring warmer climes although she was still game for joiningd me in a Baltic cruise. Pushi also did enjoy watching TV, with detective series and nature programmes being her favourites.

Pushi was dedicated to her family in Sri Lanka, being particularly close to her younger sister who she called every morning to chant Buddhist stanzas together, until she fell ill.Pushi was a mentor to her sister’s son Kanishka & daughterSewvandi whom she also supported financially, but most of all she was a very loving and dedicated aunt to them. Pushi’s friends and family knew her as honest, forthright, occasionally quick to temper, but always with a warm and compassionate heart.

Pushi’s funeral was held on 20 February 2026 at Enfield crematorium, attended by many friends & neighbours, school alumni, and members of her Soroptimist club, with her favourite music playing. Buddhist funeral rites were performed by Venerable Panamure Thapassi. A peaceful and tranquil celebration of Pushi and her life lived guided by theBuddha’s teachings, by those who loved her.

May her journey through sansara be short until she attains the supreme bliss of Nirvana.

Dr.Sriya Kulupana 

See less

Comments

  • සුගතපාල ද සිල්වා, බෝඩිංකාරයෝ සහ 66 විය පිරූ අපේ කට්ටිය (1959 – 2025)
  • එකට කන, එකට බොන,
  • එකට රණ්ඩු කරන අපේ කට්ටිය.
  • (හරිම බඩු හයක් සමරු සංග්‍රහයේ අපේ කට්ටිය ගැන හැඳින්වීම)
  • මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මනමේ නාටකය තුළින් ලාංකේය නාට්‍ය කලාවේ ගමන් මඟ වෙනස් කළා සේම සාංදෘෂ්ටිකවාදය හෙවත් නව්‍යවාදය තම නිර්මාණවලට පාදක කර ගනිමින් මෙරට වෙනස්ම ආරක නාට්‍ය කලාවක පුරෝගාමියා වූයේ සුගතපාලද සිල්වාය. ඔහුගේ නාට්‍ය කලාව ආරම්භ වූයේ “අපේ කට්ටිය” තුළිනි. අපේ කට්ටියේ සාමාජිකයන් පස් දෙනෙක් වූහ. සිරිල් බී. පෙරේරා, සුගතපාල ද සිල්වා, රැලෙක්ස් රණසිංහ, ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර, සහ විපුල ධර්මවර්ධන මේ පිරිසය. 60 දසකයේ යුරෝපයේ ඇතිවූ කලාවේ පුනරුදය මෙරටදී අත්හදා බැලීමට මේ පිරිස තුළ වූයේ දැඩි පිපාසයකි.
  • කලකට ඉහත රැලෙක්ස් රණසිංහ අපේ කට්ටියේ ආරම්භය පිළිබඳව තම මතකය අවදි කළේ මෙලෙසය.
  • “අපේ කට්ටිය ඉස්සෙල්ලම පටන් ගත්තේ එක්දහස් නවසිය පනස් නවයේ එක්තරා දිනයක තැබෑරුමකයි. ඒ කාලේ අපි තැබැරුම්වල බිබී කලාව පිළිබඳ බුද්ධිමය සංවාදවල නිරත වුණා. එවැනි සංවාද සාමාන්‍යයෙන් සිදු වුණේ විශ්වවිද්‍යාලවල උනත් අපි ඒ සම්මතය බිඳිමින් තැබෑරුම් තුළ සංවාද මණ්ඩප ආරම්භ කළා. ඒ දවස්වල අපි කට්ටිය සේවය කළේ සමීප ස්ථානවල. සුගත් වැඩ කළේ කේ.වී.ජී. ද සිල්වා පොත් සාප්පුවේ. සුරේන්ද්‍ර හා විපුල ඒ කාලෙ තිබුණ දිවයින කියන පත්තරේ (දැන් දිවයින නොවේ). සිරිල් බී. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙත්, මම කැතලික් මෙසෙන්ජර් පත්තරේත් සේවය කළා. අපි නිතරම හමුවුණ අතර ඒ සෑම අවස්ථාවකම කියවපු පොත්පත් ගැන, නාට්‍ය හා චිත්‍රපට ගැන සාකච්ඡා කළා. අපි විවිධ විෂය යටතේ තිබුණු සෑම හොඳ පොතක්ම කියෙව්වා. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ඉතා උසස් පුස්තකාලයක් තිබුණා. අපි සුරේන්ද්‍ර ලවා පොත් ගෙන්නා ගත්තා. සුගත් තමන් වැඩ කරන පොත් සාප්පුවෙන් පොත් අරං එනවා. අපි මේ පොත්පත්වල අන්තර්ගතය ගැන වාද විවාද කරනවා. සුගත් වැඩියෙන් කතා කළේ නාට්‍ය ගැන. දවසක් ඔහු එවැනි කතාබහක නිරත වෙන කොට අපි කිව්වා උඹ හැම නාට්‍යක්ම විවේචනය කරනවා. උඹ පුලු‍වන් නං කරපංකො හොඳ නාට්‍යයක් කියලා. මේක සුගත්ගේ හිතේ තදින් කාවැදුණා. එයා බෝඩිංකාරයෝ ලිව්වා.”
  • අපේ කට්ටිය කල එළි බැස්සේ සුගතපාලද සිල්වාගේ බෝඩිංකාරයෝ සමඟිනි. සුගත් බෝඩිංකාරයෝ ලියමින් සිටි කාලයේ ලංකා කලා මණ්ඩලයේ සිංහල අනුමණ්ඩලය මගින් 1962 වසර සඳහා පැවැත්වීමට නියමිතව තිබූ නාට්‍ය තරගය සඳහා පිටපත් කැඳවා තිබිණි. අපේ කට්ටියේ අදහස වූයේ සුගත්ගේ නාට්‍ය පිටපත ඒ සඳහා ඉදිරිපත් කිරීමටය. නාට්‍ය අත්පිටපත භාර දෙන අවස්ථාවේ එය කිසියම් කලා සංගමයකින් ඉදිරිපත් කළ යුතුව තිබූ හෙයින් ඒ සඳහා නමක් සෙවිය යුතු විය. සිරිල් බී. “අපි කට්ටිය” කියා අකුරු පෙළක් කොළ කැබැල්ලක ලියා පිරිසට ඉදිරිපත් කළේය. සියල්ලෝ එය අනුමත කළ අතර රැලෙක්ස් එය අපේ කට්ටිය වුණොත් හොඳ නැතිදැයි ඇසුවේය. එතැන් සිට කණ්ඩායම “අපේ කට්ටිය” බවට පත් විය-
  • බෝඩිංකාරයෝ පුහුණු වූයේ කොම්පඤ්ඤවීදියේ මධ්‍ය මහා විද්‍යාලයීය ගොඩනැගිල්ලකය. පුහුණුවීම් සිදු කෙරුණේ රාත්‍රි කාලයේය. එහෙත් එම ගොඩනැගිල්ලට විදුලි ආලෝකය පවා නොතිබිණි. කණ්ඩායමේ සාමාජිකයන් එක් අයෙක් සත 25 බැගින් එකතුකොට පැට්‍රොමැක්ස් ලාම්පුවක් කුලියට ගෙන පුහුණුවීම් කළහ. පසුව යාබද පන්සලක සිටි හිමිනමක් මේ තරුණ පිරිස නාට්‍යයක් පුහුණුවීමට ගන්නා උත්සාහය දැක පන්සලෙන් ි වයරයක් ඇද විදුලි බුබුලක් ශාලාවට ලබා දුන්නේය.
  • නාට්‍ය ආරම්භ කළද එය කරගෙන යෑමට මුදල් නොවීය. එක් අවස්ථාවක රුපියල් 25ක් සොයා ගැනීමට නොහැකි වූ බැවින් නාට්‍ය කිරීම අත්හැර දැමීමට පවා තීරණය කළ බැව් සුගත් අයියා අප සමග පවසා තිබේ. පසුව මීමැඩුම සමාගමේ හෙක්ටර් ද සිල්වා සහ රිචඩ් ද සිල්වා මුදලින් උපකාර කළ හෙයින් නාට්‍ය වේදිකා කිරීමට ඔවුනට හැකි විය. නාට්‍යයේ පසුතලය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පිරිවැය සොයා ගත්තේ රැලෙක්ස් අයියාගේ මගුල් මුදුව උකසට තැබීමෙනි.
  • 1962 ජාතික නාට්‍ය උළෙලට නාට්‍ය 6ක් ඉදිරිපත් විය. බෝඩිංකාරයෝ හොඳම රචනය, හොඳම නිෂ්පාදනය හා හොඳම න`ඵවාට හිමි සම්මාන දිනා ගත්තේය. බෝඩිංකාරයෝහි ජී. ඩබ්ලිව් සුරේන්ද්‍ර (ගුණපාල) ටෝනි රණසිංහ (සිරිසෝම) වික්‍රම බොගොඩ (වීරසේකර) ධර්මසිරි වික්‍රමරත්න (පෙරේරා) ක්වින්ටස් රොද්‍රිගෝ (මාටින්) කාන්ති වීරරත්න (සරෝජා), ප්‍රේමා විජයවර්ධන (මිසිස් ජයසිංහ) යන චරිතවලට පන පෙවූහ.
  • එතෙක් පැවැති ශෛලීගත නාට්‍ය කලාව වෙනුවට තාත්වික නාට්‍ය කලාවේ ආරම්භය වූයේ බෝඩිංකාරයෝ නාට්‍යයි. එක දිගට මනමේ අනුකරණය කරමින් නිෂ්පාදනය වූ ශෛලීගත නාට්‍ය නරඹා හෙම්බත්ව සිටි රසිකයාට බොඩිංකාරයෝ නවතම අත්දැකීමක් විය.
  • ඉන් ලද පන්නරය ඔස්සේ සුගතපාල ද සිල්වා තට්ටුගෙවල්, හරිම බඩු හයක්, හෙලේ නැග්ග ඩෝං පුතා, නිල් කට්රොල් මල්, හිතහොඳ අම්මණ්ඩි, දුන්න දුනුගමුවේ, මුතු කුමාරි, නන්දිවිසාල, සත සහ සත, දෑවැද්දෝ, තුරඟ සන්නිය, ඇසල සඳ අවන්හල සහ මරාසාද් නිර්මාණය කළේය.
  • මා සුගතපාලද සිල්වා මහතා හඳුනා ගත්තේ 1981 කොළඹ ගේන්ස්බරෝහි පැවැති නාට්‍ය සිනමාව, රූපවාහිනිය හා ගුවන් විදුලිය පිළිබඳ පාඨමාලාවක් හැදෑරූ කාලයේය. ජේ. එච්. ජයවර්ධන මහතා විසින් මෙහෙය වූ එහි නාට්‍ය කලාව පිළිබඳ අපේ ගුරුවරයා වූයේ සුගතපාලද සිල්වාය. මා ඒ වන විටද මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වී සිටි හෙයින් ගුරුවරයා හා ගෝලයා අතර හිවත්කම් වැඩි විය. අවසානයේ ඔහු අපේ ආදරණීය සුගත් අයියා විය. මා වේදිකාවට සම්බන්ධ වූයේ සුගතපාලද සිල්වාගේ ඇසල සඳ අවන්හල නාට්‍යයෙනි. වේදිකා පරිපාලනය කෙරෙහි ඇල්මක් දැක්වූ මම ඒ බැව් සුගත් අයියාට කීවෙමි. ඔහු එහි වේදිකා පරිපාලනය බාර නිව්ටන් රණසිංහට මා බාර දී මෙන්න මූට ටිකක් කියල දීපං කීවේය. නිව්ටන් අයියාගේ සහයක ලෙස එහි වැඩ කළෙමි. ඒ අනුව වේදිකා පරිපාලනය පිළිබඳ මගේ පළමු ගුරුවරයා වූයේ නිව්ටන් අයියාය. සුගත් අයියාගේ වේදිකා පරිපාලකයකු වීම අප එවක සැලකුවේ මහත් ගෞරවයක් ලෙසිනි. මන්ද ධර්මසේන පතිරාජ, තිලක් ගුණවර්ධන වැනි සිනමාවේ හා රූපවාහිනියේ දැවැන්තයෝ මුල් කාලයේ ඔහුගේ වේදිකා පරිපාලකයෝ වූ බැවිනි.
  • ඉන් පසු සුගත් අයියාගේ දුන්න දුනුගමුවේ මුල් නිෂ්පාදනයේ අවසාන දර්ශනයේ (1981 වත්තල පැවැති දර්ශනයේ) පිකට් කාරයාගේ චරිතය රඟ පෑ නලු‍වා නොපැමිණි බැවින් මට එය රඟපාන්නැයි සුගත් අයියා බල කළේය. වේදිකාව පසුපස සිට හැම දේම කළ මට වේදිකාව මත පෙනී සිටින්නැයි කී විට දෙකකුල් වෙවුලන්ට විය. තදින් දාඩිය දානන්ට විය. මොනා කරන්නද කොහොම හරි චරිතය රඟපෑවෙමි. මගේ අනෙක් සගයා වූයේ පසුගියදා විශ්‍රාම ගිය මහධිකරණ විනිසුරු මා මිත්‍ර සමන් වික්‍රමාරච්චිය.
  • සුගත් අයියාගෙන් අපේ ජීවිතවලට එක් වූයේ විශාල ආලෝකයකි. ඔහු අපට දරුවන් මෙන්, සොහොයුරන් මෙන්, පවුලේ සමීපතයන් මෙන් සැලකුවේය. එවක ඔහු සේවය කළේ ගුවන් විදුලියේ නාට්‍ය අංශය භාරවය. අප වැනි අංකුරයන්ට ගුවන් විදුලි රඟමඩලට නාට්‍ය ලියන්නට ඔහු නිර්ලෝභීව අවස්ථාව ලබා දුන්නේය. ඔහු රෝගාතුරව ක`ඵබෝවිල රෝහලේ සිටියදී පවා ඇඳ අසල සිටි අපගේ සුවදුක් විමසන්නට තරම් කාරුණික විය.
  • මා සමඟ එම පාඨමාලාව හැදෑරු පාලිත තේනුවරද මිතුරාද සුගත් අයියාගේ නාට්‍ය වැඩකටයුතුවලට එක් විය. ඔහුද එම පවුල සමග බොහෝ ලෙන්ගතු විය. අවසානයේ ඔහු ඒ නිවෙසේම නතර විය. අද ඔහු සුගත් අයියාගේ ආදරණීය බෑනණුවන්ය. වනමලීගේ සැමියාය.
  • අද සුගත් අයියාද නැත. ජී. ඩබ්ලිව් සුරේන්ද්‍රද නැත. සිරිල් බී පෙරේරාද නැත, රැලේක්ස් අයියාද නැත, ටෝනි අයියාද නැත, වික්‍රම බෝගොඩ ද නැත. බෝඩිංකාරයෝද නැත. එහෙත් මෙරට නාට්‍ය කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන බෝඩිංකාරයෝ පිළිබඳ මතකය කිසිදා ගිලිහී නොයනු ඇත.
  • Veteran Journalist, Priyanjen Suresh De Silva 
  • See less
  • Comments
  • No comments yet

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here