අමෙරිකාව චීන සිසුන්ගේ වීසා අවලංගු කිරීමේ සැලසුමක

0
47

අමෙරිකාව චීන සිසුන්ගේ වීසා අවලංගු කිරීමේ සැලසුමක
29 May 2025


අමෙරිකාවේ ඉගෙනුම ලබන චීන සිසුන් රැසකගේ වීසා අවලංගු කිරීමට අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය පියවර ගනිමින් සිටියි.

ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කළ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසන්නේ, චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ සබඳතා ඇති හෝ තීරණාත්මක ක්ෂේත්‍රවල ඉගෙනුම ලබන චීන සිසුන් මෙලෙස වීසා කප්පාදුවට ලක්වන බවය.

එමෙන්ම ඉදිරියේදී අමෙරිකානු ශිෂ්‍ය වීසා අයැදුම් කරන චීන සහ හොංකොං සිසුන් සම්බන්ධව අනුගමනය කරන ක්‍රියාවලිය ද වැඩි පරික්ෂාවකට ලක්කරන බවත් රූබියෝගේ නිවේදනයේ සඳහන් වේ.

අයදුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන තෙක් ශිෂ්‍ය වීසා අයදුම්පත් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාව තීරණය කිරීමෙන් දිනකට පසුව මෙම නව තීන්දුව ප්‍රකාශයට පත්වීම විශේෂත්වයකි. (ARUNA LK NEWS )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here