0
51

ජාතික සත්ව සංගණනය අද


15 March 2025

ජාතික සත්ව සංගණනය අද (15) පැවැත් වෙයි.

අද පෙරවරු 8 සිට ජාතික සත්ව සංගණනය ආරම්භ වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය පැවසීය.

ඒ අනුව පෙරවරු 8:00 සිට 8:05 දක්වා විනාඩි 05ක කාලයක් තුළ තම ගෙවත්ත, වගා බිම, පුණ්‍ය භූමි සහ වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ පරිශ්‍රයන් තුළ සිටින වදුරන්, රිළවුන්, දඩු ලේනුන් සහ මොණරුන් සංඛ්‍යාව ගණන් කර සංගණන පත්‍රිකාවේ සටහන් කළ යුතු වෙයි.

මෙම ජාතික සත්ව සංගණනය ග්‍රාම නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පරේයේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ සහයෝගයෙන් සිදුකිරීමට නියමිතය.

ආහාර සුරක්ෂිතතාවය, අස්වනු හානිය අවම කිරීම යන අරමුණු ප්‍රමුඛ කරගනිමින් මෙම සංගණනය පැවැත්වීමට නියමිතව තිබේ.

එමෙන්ම බෝග වගාවන් සඳහා හානි කරන වන ජීවීන්ගේ ප්‍රමාණය තක්සේරු කිරීම මෙම සංගණනයේ ප්‍රධාන අරමුණකි.

එමගින් රැස්කරන ලද දත්ත මත මෙරට පොහොසත් ජෛව විවිධත්වය ආරක්ෂා කරගනිමින් බලපෑමට ලක්වූ ප්‍රජාවට සහයවීම සහ කළමනාකරණය සඳහා සාක්ෂි මත පදනම් වු ප්‍රතිපත්ති තීරණ සහ ඉලක්කගත මැදිහත්වීම් සඳහා පදනමක් ලෙස ක්‍රියාකරන බව කෘෂිකර්ම අමාත්‍යංශ සඳහන් කළේය ( ARUNA LK NEWS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here