
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෙතට නඩු
ARUNA LK NEWS
27 October 2023
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෙතට නඩු
ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය, ළමුන් ඇබ්බැහි කරන විශේෂාංග දැනුවත්ව නිර්මාණය කරමින් තරුණයින්ගේ මානසික සෞඛ්‍යයට හානි කරන බවට එම සමාජ මාධ්‍ය අයත් මෙටා සමාගමට මේවන විට චෝදනා එල්ල වී ඇත.
මෙලෙස දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 41ක් පමණ මේ වන විට නඩු මගට පිවිසී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමිකාරීත්වය දරන මෙටා සමාගම “දරුවන්ගේ වේදනාවෙන්” ලාභ ලැබීම, අරමුණු කරගෙන ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම සහ එහි අවකාශයන් ආරක්ෂාව සම්බන්ධයෙන් පරිශීලකයින් නොමඟ යවන බවටත් ජනතාව චෝදනා කරයි.
මෙටා සමාගම විසින් තරුණ පරිශීලකයින්ගේ සෞඛ්‍යයට හානියක් වුවද, සමාජ මාධ්‍ය භාවිතා කරන කාලය උපරිම කිරීම සඳහා නිර්මාණය කර ඇති ව්‍යාපාරික ආකෘතිය මගින් තරුණයින් මානසිකව සූරාකෑමට ලක්ව ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසති.