හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා – ඔබට සුභ ගමන්

0
50

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා – ඔබට සුභ ගමන්

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා අද ( 24 ) අලුයම් කාලයේදී සිය රංගනයෙන් සදහටම සමුගත්තේය.කලක් අසනීපයෙන් සිටි ඇය මියගොස් තිබුනේ කොළඹ පෞද්ගලික රෝහලකදීය.දසක හයකට ආසන්න කළක් මෙරට සිනමාවේ සිය රංගනයෙන් මහා පෙරලියක් සිදු කළ ඇය මියයනවිට 78 වියෙහි පසුවූවාය.

ඇය මාලිනී ෆොන්සේකා ලෙස සිනමාවේ හා ලොවක් හැඳින්වුවද ඇයගේ නම වන්නි ආරච්චිගේ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා විය.

1947 අප්‍රේල් 30 වනදා කැළණියේ පෑලියගොඩ දී රජයේ මුද්‍රණාල සේවකයෙකු වූ ගිල්බට් ෆොන්සේකා සහ සීලවතී ෆොන්සේකාට දාව සහෝදර සහෝදරියන් එකොළොස් දෙනෙකුගෙන් තුන්වන දරුවා ලෙස උපත ලැබුවාය. ඇගේ උපතින් පසු ඇගේ පවුල නුගේගොඩ ජම්බුගස්මුල්ලට පැමිණ තිබුණි. 1952 දී ඇය නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ 5 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ආරම්භ කළ අතර ද්විතීයික අධ්‍යාපනය අවසන් වන තෙක්දිවයිනේ කළා කරුවන් රැසක් බිහිකළ ගුරුකුල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවාය.

පාසල් වේදිකාවෙන් සිය පන්නරය ලැබූ මාලිනී 1963 දී “නොරත රථ” වේදිකා නාට්‍යය සමඟින් ෆොන්සේකා සිය රංගන ජීවිතය ආරම්භ කළාය. එහිදී ටික කලෙකින්ම ඇය එහි කරලියටම පැමිණීමට අය සමත් වුවාය.1968 දී, අකල් වැස්ස චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ෆොන්සේකා හොඳම වේදිකා නාට්‍ය නිළිය සඳහා ජාතික සම්මානය දිනා ගත්තාය. එතැන් සිට ඇය වේදිකා නාට්‍ය 14 ක ප්‍රධාන චරිතය රඟපෑවේය. ඇය මුල්වරට 1968 දී ඇගේ සහෝදරයෙකු වන ආනන්ද ෆොන්සේකා ගේ අධ්‍යක්ෂකත්වයෙන් සහ නිෂ්පාදකත්වයෙන් තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙන් ඇය සිනමාවට පිවිසිමට වරම් ලැබුවාය. තිස්ස ලියනසූරිය සහ ජෝ අබේවික්‍රම විසින්රිදී තීරයට මාලිනී හදුන්වාදුන් මාලිනී එතෙක් මෙතෙක් රංගනයෙන් දායකවූ චිත්‍රපටි ගන්න සිය ගන්නකි.

පුංචි බබා චිත්‍රපටියෙන් ඇරඹුණු ඇයගේ සිනමාවේ ගමන් මග එක දිගට ගලලා එන්නට ගතවුයේ කෙටි කළකි. එම වසරේම අබුදස්සේ කාලේ, දහසක් සිතුවිලි සහ ආදරවන්තයෝ චිත්‍රපටවල රඟපෑවාය. මෙම චිත්‍රපටවල සාර්ථකත්වය නිසා ඇය එකල චිත්‍රපට අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු විසින් ප්‍රධාන නිළි චරිතයන්හි රඟපෑවාය. එතැන් සිට ෆොන්සේකා චිත්‍රපට 140 කට අධික සංඛ්‍යාවක රඟපා ඇති අතර, ඉන් සමහරක් ජාත්‍යන්තර චිත්‍රපට විය.අය සමහ අපේ සිනමාවේ සක්වීති ලෙස හැදින් වූ ගාමිණි ෆොන්සේකා .මෙන්ම එකළ අප සිනමාවේ දැවැන්තයන්වූ විජය කුමාරතුංග, ටෝනි රණසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය මෙන්ම දෙවන පෙළ නළු වන් සමග ච්ත්‍රපට රාශියක රඟපෑමට ඇය වරම් ලැබුවේය.1978 දී ඇය ජනප්‍රිය ඉන්දියානු දෙමළ නළු සිවාජි ගනේෂන් සමඟ පයිලට් ප්‍රේම්නාත් චිත්‍රපටයේ රඟපෑවා ය. ශ්‍රී ලංකාවේ රිදී තිරයේ ඉතිහාසයේ දිගු ගමනක් ගිය ගාමිණී ෆොන්සේකා සමඟ කළ රංගනය ඇගේ වෘත්තීය ජීවිතය වැඩිදියුණු කළේය. 2004 දී ඔහුගේ අවමංගල්‍ය උත්සවයේදී ෆොන්සේකා ප්‍රකාශ කළේ “ඔහුගේ රංගනයට සෑම අතින්ම ආකර්ෂණයක් තිබූ අතර ගාමිණී සමඟ සම්බන්ධ වීමට මට වාසනාව ලැබුණා. ඒ යුගයේ සිනමාව ක්‍රමයෙන් මැකී යමින් පවතින අතර ගාමිණීගේ අභාවය එම දිශාවට තවත් පියවරක්” යයි පුව ත්පත් සාකච්චාවකදී සිදුකර තිබු බව සඳහන්ව තිබුණි.

ඇගේ සාර්ථක චිත්‍රපට කිහිපයක් නම් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය හැඳින්විය හැක. එහිදී ඇය විසින්ගාමිණි ෆොන්සේක සමග කළ රංගනය ඉතා සාර්ථක එකක් බව විචාරකයන්ගේ පසසුමට ලක්ව තිබු බව සඳහන් කල යුතුය.අමරනාත් ජයතිලකගේ සිරිපාල සහ රන්මැණිකා, එයා දැන් ලොකු ලමයෙක් සහ ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් යන චිත්‍රපටවල රඟපෑම අති විශිෂ්ඨ ය. 1984 දී සසර චේතනා චිත්‍රපටයේ අධ්‍යක්ෂක සහ නිෂ්පාදකවරිය ලෙස ඇය සැලකිය යුතු සන්ධිස්ථානයක් අත්කර ගත්තාය. ඇගේ අධ්‍යක්ෂණ ව්‍යාපාරයේ තවත් චිත්‍රපට දෙකක් දර්ශනය විය: 1987 දී අහිංසා සහ 1991 දී ස්ත්‍රී. පසු කලෙක මාලිනී රුපවාහිනී නාට්‍යවලටද දායකවිය.

හෙළ සිනමාවේ නිළි රැජින සරසවි සම්මාන ලබද්දී එම වේදිකාව වෙත නෙත් යොමා සිටි සැටි මට අදත් මතකයට නැගෙයි.ය ලැබූ සම්මාන ගෙන ති විශාලය.ජනප්‍රිය ම රංගන ශිල්පිනිය, හොඳ ම නිළිය ඇතුළුව ජනාධිපති, සරසවි, ඕ.සී.අයි.සී, සුමති වැනි සම්මාන රැසකින් ලබා ගත්තා ය.

ඇගේ සහෝදරියන් තිදෙනෙකු – ශ්‍රියානි, රසදාරි, දමයන්ති – සහ ඇගේ සහෝදරයන් දෙදෙනෙකු වූ දයානන්ද සහ ආනන්ද මෙය අතර වෙති.
ඇගේ සහෝදර සහෝදරියන් මෙන්, මාලිනීගේ ඥාතීන් කිහිප දෙනෙකුම සිංහල චිත්‍ර සිනමාවේ නියැලී සිටිති. මාලිනි ගේ අඩිපාරේ යමින් අද අපේ සිනමාවේ කොටස් කරුවන් ලෙස අයගේ පවුලේ විශාල පිරිසක් මේ කාලපරාසය තුළ අපේ සිනමාවට පිවිස ඇත. කරුණාරත්න හඟවත්ත සහ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ඇගේ මස්සිනාවරුන් වන අතර, නිළියන් වන සමනලී ෆොන්සේකා සහ සෙනාලි ෆොන්සේකා ඇගේ ලේලියන්වෙති. අශාන් ඇගේ බෑණනුවන් වේ සහ රූකඩ පැංචි කීර්තියේ නිළි කුෂෙන්යා සයුමි ඇගේ මිණිබිරියයි. ඇගේ ජනප්‍රිය ලේලියන් වන සමනලී සහ සෙනාලි හැරුණු විට, ඇගේ තවත් ලේලියන් පස් දෙනෙකු වන ශිවන්‍යා, රුවනි, තරින්දි, මනෝරි සහ සඳුනි ද නාට්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටිති.ඇගේ වැඩිමහල් සහෝදරයා වන දයානන්ද 2012 දී මිය ගිය අතර ඇගේ අනෙකුත් සහෝදරයන් වන ආනන්ද සහ සෙනාලිගේ පියා වන උපාලි 2020 දී මිය ගියහ.

දේශපාලනටද ඇතුළුවූ මාලිනී 2010 අප්‍රේල් මාසයේදී ඇය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත් කරන ලදී.මෙය දැඩි විවේචනයට ලක්වූ අවස්ථාවක් ලෙස හැඳින්විය හැක.
ඇයගේ විවාහ දිවිය තුල කියවෙන නම් රැසකි ඒ අතර උපාලි ෆොන්සේකා , ලකී ඩයස්, විජය කුමරණතුංග ලෙස සඳහන් කල යුතුය.

ඇයගේ රංගනය කටහඬ අප රටේ රසික රසිකයන් අමානන්දනයට පත්කල එකකි.රුක්මණී දේවියගෙන් පසුව අප සිනමාවේ ජය කෙහෙළි නැංවූ මාලිනිය පිලිබඳ නොදන්නා කෙනෙක් ඇත්නම් එය පුදුමයට පත්වන කරුණකි.අය අපේ සිනමාවේ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන නමක් තැබූ අග්‍රගන්‍ය නිළි යෙකි. ඇගේ සිනමා ඉතිහාසය ලියන්නට මෙවන් කෙටි ලිපියකින් උගහටය. ඔබේ ගමන් මග ඉතා සාර්ථක එකක්. මාලිනී මතයුගයේ ඔබ අප වෙන්ට් ලොවකට ගෙනයන්නට නිදිවරා ගත්කළ දුක්බර කතාපුවත අපි නොදනිමු.ඔබ සම්මාන සම්මාන ලද නිළි යකි, අවසන් ඔබේ සමාන ද සොරකම් කල බව කිවයුතුය.ඒ සියල්ලක් ලියන්නට නම් මේ ලිපිය ඉඩමදිය.අපේ සිත් තුල ඔබ සදා රැඳෙනු නියතය.අපි ඔබට නිවන් සුව පතන්නෙමු.

මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

ශාන්ත සේනාධීර – ලංකා නිවුස් යුකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here