හෙන්රි පේද්‍රිස්ට මරණ දඬුවම දුන් අධිරාජවාදී උසාවි තීන්දුව ගැන දැන් සොයයි

0
242

හෙන්රි පේද්‍රිස්ට මරණ දඬුවම දුන් අධිරාජවාදී උසාවි තීන්දුව ගැන දැන් සොයයි
LANKADEEPA LK NEWS
(අංජුල මහික වීරරත්න)
2023 දෙසැම්බර් මස 12 බැලුවෝ – 3346

යටත් විජිත යුද අධිකරණයේ තීන්දුවක් මත වසර එකසිය අටකට පෙර සිදුකළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ඝාතනය පිළිබඳ පරීක්‍ෂණයත් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලන අධිකාරිය විසින් රජයට එරෙහිව කැරලි කෝලාහල සහ රාජද්‍රෝහී ක්‍රියාවන් සිදු කළේ යැයි චෝදනාව එල්ල කරමින් යුද අධිකරණයක් හමුවට පමුණුවා රාජා ද්‍රෝහී චෝදනාවට වරද කරු කොට එවකට 27 වියැති එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතා 1915-7-7 වන දින කිසිදු අභියාචනයක් නොසලකා මරණ දඬුවමට ලක් කරනු ලැබ ඇත.

ඔහුගේ දේහය යුද නීතිය යටතේ වරදකරු වූ අපරාධකරුවකු ආදාහනය කිරීමට නියම කර ඇති ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් හෙළි නොකළ පරිශ්‍රය පරිසරයක ආදාහනය කර තිබේ.

හෙන්රි පේද්‍රිස් ඝාතනය එවකට මෙරට පාලනය කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදු කරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් වශයෙන් පසුව හඳුනා ගනු ලැබ තිබේ.

ඒ අනුව එම ඝාතනය පිළිබඳ සැබෑ තොරතුරු අනාවරණය කරගෙන එතුමාට යුක්තිය ඉටු කිරීම පිණිස අදාළ කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here