24 May 2025
හෙද සේවයේ 3147 දෙනෙක් කොළඹ අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලැබූහ.
හෙද සේවා ඉතිහාසයේ මෙපමණ ප්‍රමාණයකට එකවර පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලබන පළමුවන අවස්ථාව මෙය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙහිදී හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනකු සඳහා උසස්වීම් ප්‍රදානය කෙරිණි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ. (ARUNA LK NEWS)
හෙදියෝ 3147කට පත්වීම්