හිමිනමක් වනඅලි ප්‍රහාරයකට ලක්වී අපවත් වෙයි
ARUNA LK NEWS
05/07/23- 26 minutes ago
සෝමාවතිය වන්දනාවේ ගොස් යළි වැඩම කරමින් සිටි හිමිනමක් වනඅලි ප්‍රහාරයකට ලක්වීමෙන් අපවත්වී තිබේ.
ප්‍රහාරය එල්ල වී ඇත්තේ, සුංගාවිල සෝමාවතිය මාර්ගයේදීය.
ගම්පහ දෝම්පේ ප්‍රදේශයේ ආරණ්‍යය සේනාසනයක වැඩවිසූ පූජ්‍ය ගිරිතලේ මෛත්‍රී හිමියන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය පුදබිම වන්දනාමාන කරගැනීමට ඊයේ (04) වැඩම කර තිබුණි.
වන්දනාමාන කටයුතුවලින් අනතුරුව නැවත දොම්පේ ප්‍රදේශයට යාමට අද (05) අලුයම උන්වහන්සේ පැමිණ තිබුණේ වනඅලි නිරන්තරයෙන් ගැවසෙන සුංගාවිල සෝමාවතිය මාර්ගය ඔස්සේය.
එලෙස පැමිණි උන්වහන්සේ සුංගාවිල වනජීවි කාර්යාලය අසලදී අද අලුයම 3.30ට පමණ වනඅලි ප්‍රහාරයට ලක්වී තිබුණි.