හිටපු විභාග කොමසාරිස් ජනරාල්වරයකුවූ ආතර් වෙදමුල්ල මහතා දිවියෙන් සමුගනී

0
350

ආතර් වෙදමුල්ල දිවියෙන් සමුගනී
Lankadeepa LK News
කතෘ මණ්ඩලය 2023 ජුලි මස 25
(රංජන් කස්තුරි)


ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවේ හිටපු විභාග කොමසාරිස් ජනරාල්වරයකු වූ අතර් වෙදමුල්ල මහතා මිය ගියේය.

මිය යනවිට 92 හැවිරිදි වියේ පසු වූ වෙදමුල්ල මහතා දෙදරු පියෙකි.

වර්ෂ 1931 අප්‍රේල් මස 01 වැනි දින දෙවුන්දරදී උපත ලද වෙදමුල්ල මහතා දෙවුන්දර දාපුළුසෙන් කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය.

දෙවුන්දර ද්විභාෂා විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතිකය සමත් වූ හෙතෙම ගුරුවරයකු ලෙස දිවයිනේ පාසල් ගණනාවකම සේවය කළේය.

ගුරුවෘත්තියේ නියැලෙන අතරතුර විද්‍යෝදය විශ්ව විද්‍යලයෙන් රාජ්‍ය පරිපාලන උපාධිය සම්පූර්ණ කළ වෙදමුල්ල මහතා 1965 වසරේදී විභාග දෙපාර්තමේන්තුවේ සේවයට එක් වුයේය.

දේහය කිරුලපන අමරසේකර මවතේ අංක 27/ඒ/1 දරන නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට පස්වරු 4.30ට බොරැල්ල කනත්තේදී සිදු කිරිමට නියමිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here