සුපිරි හතරදෙනා අතරට එක්වූ ලංකාවේ පළමු තරගය හෙට

0
314

සුපිරි හතරදෙනා අතරට එක්වූ ලංකාවේ පළමු තරගය හෙට
ARUNA LK NEWS
08 September 2023

සුපිරි හතරදෙනා අතරට එක්වූ ලංකාවේ පළමු තරගය හෙට
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය, බංගලිදේශය සමගින්, හෙට (09) පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම දොළොස් වරකදී ප්‍රතිවාදීන් පරාජය කර ඇති අතර හෙට තරගයද ජයග්‍රහණය කළහොත් එය ලොව දෙවන හොඳම එක්දින අඛණ්ඩ ජයග්‍රහණ මාලාව ලෙසටද වාර්තා අතරට එක් වනු ඇත.

ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සම්බන්ධයෙන් තවමත් සුබවාදී පුවතක් ලැබී නොමැති අතර හෙට තරගයේදීත් ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදු නොවනු ඇතැයි විශ්වාස කෙරේ.

කෙසේවෙතත් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධානතම පිතිකරණ බලාපොරොත්තුවක් මෙන්ම මේ වන විට ආසියානු කුසලානයේ වැඩිම ලකුණුලාභී නජ්මුල් හුසේන් ශැන්ටෝ පාදයේ ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වී තිබීම සහ උණ රෝගයෙන් සුව වී පැමිණි ලිටෝන් දාස් ඒ වෙනුවෙන් කණ්ඩායමට එක්ව තිබීම බංග්ලාදේශයේ සිදු වී ඇති ප්‍රධානතම වෙනස්කම වේ.

එසේම අත්හදා බැලීමක් ලෙසින් ආරම්භක පිතිකරු වශයෙන් යොදාගත් මෙහෙදි හසන් මිරාස් නැවතත් මැදපෙළ පිතිකරණයට පැමිණෙනු ඇති බවටද විශ්වාස කෙරේ.

හෙට කොළඹට මද වැසි ඇති වීමට ඉඩක් තිබුණත් තරගය ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට කාළගුණ විද්‍යායතන අනාවැකි පළකොට ඇත. සුපිරි 4 වටයේ පළමු තරගයේදී පාකිස්තානය හමුවේ අන්ත පරාජයකට ලක් වූ බංග්ලාදේශයට, තරගාවලියේ ඉදිරි බලාපොරොත්තු තබාගැනීමටනම් හෙට තරගය අතිශයින්ම තීරණාත්මක වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here