
සර්ව පාක්ෂික සමුළුව අද
ARUNA LK NEWS
26 July 2023
ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (26) සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බවයි.
එම සර්වපාක්ෂික සමුළුවේදී ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතය.
අදාළ සාකච්ඡාවට සම්බන්ධවීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණය කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.
ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බව සුනිල් හදුන්නේතිති පවසයි