සරදියෙල් ගලෙන් වැටී පේරාදෙණිය සරසවි සිසුවිය මරුට

0
311

මාවනැල්ල උතුවන්කන්ද සරදියෙල් ගල නැරඹීමට පැමිණි පේරාදෙණිය සරසවියේ සිසුවියක් එමගල් පර්වතයෙන් වැටී බරපතල තුවාල සිදුවීම නිසා මියගිය බව මාවනැල්ල පොලිසිය කියයි.මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ 27 හැවිරිදි ඇල්පිටිය ප්‍රදේශයේ තරුණියකි. ඇය ඇතුළු සිසුන් 60ක් පමණ අද උදැසන උතුවන්කන්දේ සිට පාගමණින් සරදියෙල් ගල නැරඹීමට පැමිණ තිබුනේ බස්රථ වලිනි. මෙම අනතුර සිදුව ඇත්තේ එම කන්දේ ඉහල කොටසේදියයි මාවනැල්ල පොලිසියේ පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි ප්‍රකාශ කළේය.

ඇය උපාධිය අවසන් කර වැඩිදුරටත් අධ්‍යාපනයේ නිරතව සිටි අයෙකු බව කියවේ.මේ වන විට ඇගේ දේහය මහ රෝහලේ තැන් පත් කර ඇති අතර එහි පොලිසිය වැඩිදුරටත් පෙරික්ෂණ සිදු කරයි

සමන් විජය බණ්ඩාර/ ශේන් සෙනෙවිරත්න

අද නිවුස් පුවතක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here