සයිබර් අපරාධ සදහා යොදවා සිටි ලාංකිකයන් 20 දෙනෙකු දිවයිනට

0
67

සයිබර් අපරාධ සදහා යොදවා සිටි ලාංකිකයන් 20 දෙනෙකු දිවයිනට
ARUNA LK NEWS
06 September 2024

මියන්මාරයේ කදවුරු තුළ බළහත්කාරයෙන් සයිබර් අපරාධ සදහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු ඊයේ (05)වැනි දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

පිරිමි පුද්ගලයන් 16 දෙනෙකු සහ තරුණ කාන්තාවන් 04 දෙනෙකු මෙම පිරිසට අයත් වේ.

මොවුන් මෙරටට ගෙන්වා ගැනීම සදහා ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සදහා වූ ආයතනය මැදිහත් වී ක්‍රියාත්මක වී තිබුණි.

මොවුන් මියන්මාරයේ සිට තායිලන්තය වෙත රැගෙන විත් ඊයේ (05)වැනි දින රාත්‍රී 11.09 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ආගමන විගමන දෙපාර්තමේන්තු සහ ශ්‍රී ලංකා පොලිසියේ තැනැත්තන් වෙළෙඳාම , මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මොවුන්ගේ තොරතුරු සටහන් කරගෙන පසුව ප්‍රකාශ සහ විමර්ශන සිදු කිරීමේ අපේක්ෂාව මත මොවුන් සිය නිවෙස් කරා පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ.(ARUNA LK NEWS )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here