සමාජ මාධ්‍ය විප්ලවය මොබයිල් ෆෝන් ඇබ්බැහිය සමස්ත ලොවම ගිල ගනීද?

0
24

සමාජ මාධ්‍ය විප්ලවය මොබයිල් ෆෝන් ඇබ්බැහිය සමස්ත ලොවම ගිල ගනීද?

ලන්ඩන් කොළම -Lanka News UK

සමාජ මාධ්‍ය තුළින් රටවල් පෙරලන්න, මිනිසුන් ඝාතනය කරන්න, ව්‍යසනවලට පාරකපන්න වගේම හොඳ ශිෂ්ඨ සම්පන්න සමාජයක් බිහි කරන්න. ජීවිතය වඩාත් හොඳින් ගෙනයාමට උපදෙස් ගන්න වගේ දේවල වලට යොදාගන්න පුළුවන් මාධ්‍යක් බවට පත්වෙලා. ඕව ඕනෑම රටක මිනිසුන්ගේ ජන ජිවිතයට මුහුණු පොත, ගුගල්, යු ටියුබ්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම්, එක්ස්, වගේ නානා විදියේ සමාජ මාධ්‍ය වලට කර ඇති බලපෑම ගැන මෙතෙකැයි කියා නිමකල නොහැකි විප්ලවයක් සිදුවෙලා ඉවරය. එය මුළු මහත් ලොව ගිලගත් එකක්. ලොව කොතැනක වන සිදුවිමක් එය සිදුවී මොහොතකින් අතේ තියන කොම්පියුටරයක් වූ මොබයිල් ෆෝන් එකක් දිහා උදේ හවස බලන් නොසිටින කෙනෙක් අද සොයාගැනීමට නම්, නැති තරම්.

මෙය කොතරම් ප්‍රබල ද කිවොත් මෙය නතර කරන්න ගිය රජයන් ගන්න උත්සාහයට එරෙහිව ඒ බලවේග ආයතන විනාශකර දා කැරලි ගසා සුන්නත්දුළි කරන්න තරම් එය ප්‍රබලවෙලා. මේ යන විදියට මිනිසුන්ගේ මනස විකුර්ති වෙලා ඉවරයි. අද සිටින තරුණ පරපුර, ඉපදෙන දරුවන්ට, මොබයිල් ෆෝන් වලින් තොර ජිවිතයක් නම් නැහැ. දුම්රියට බස්රියට හෝ වෙනත් කටයුත්තකට ගියත් මේ පුරුද්ද දැන්නම් අතහරින්න බෑ බෑ මයි. දරුවන් බලාගන්න අම්මාලා, පොල් කඩන්න ගහට නැග්ග මල්ලිලා, කන්තෝරුවල, ෆැක්ටරි වල, කමතක වැඩකරන ගොවි කම්කරු සහෝදරයන් – කොටින් කිවොත් ලොක්කෝ – සොක්කෝ අද ඉන්නේ මොබයිල් ෆෝනය අතේ තියන්. මේ විප්ලවය දැන් උච්ච අවස්ථාවට පැමිණිලා.

අද ඉන්න අම්මලා දරුවෝ නළවන්නේ මොබයිල් එක අතට දිලා අම්මලා ළමයි මොනදේ කළත් දන්නේ නැති තරම් උදේ හවස ඕපදුපවලට හොඳ ආයුධයක් බවට මෙය පත්කරගෙන. ලව් කරන්න, හොඳ දේවලටත් යොදාගෙනත් තියනවා. ඒ වගේම දැන් මෙහා ලොව පුරා පත්‍ර සමාගම් රුපවාහිනී නාලිකා සමාගම් වල පොත්පත් ඕනෑම දේක ඉතිහාස, සමාජවිද්‍යා, සෞඛ්‍යය, විද්‍යා පර්යේෂණ අධ්‍යාපනය සඳහා හොඳම මෙවළමක්. ඒ හොඳ අතට පාවිච්චි කලොත්. “හොඳට නරකට දෙකට කට” වෙනුවට ලියන කියමන අද “මොබයිල් ෆෝනය” කීවොත් නිවැරදියි. අද ලොව මොබයිල් ෆෝන් සමාගම් තමයි හොදම ආදායම් උපයන ආයතන, ලොව මේවනවිට එහි ජනගහනයෙන් 90% මොබයිල් ෆෝන් භාවිතාකරනවා. මින් වන හානිය බොහොම ප්‍රබලයි. එය තමයි අද තිබෙනා ප්‍රබලම මාධ්‍ය වී ඇත්තේ. පාලකයන් පලවාහැරීමට, ජිවිත විනාශ වන්න හොඳ මගට පිවිසෙන්න උපදෙස් මේ මගින් ඇති අවකාශය ඉතා ප්‍රබලයි.

මොබයිල් ෆෝන් නිසා ආදරය අරඹා විවාහ ගිවස ගත් අවස්ථා මෙන්ම විවාහ කාඩා වැටී දික්කසාදවු අවස්ථාද එමටය, බොහෝ පිරිසක් තමාගේ හා පවුලේ තොරතුරු දමා ගැනීමටත් හොඳම මෙවලක් සේ මෙය යොදාගෙන විනෝදයට පත් වීම අද සුලබ කරුණක්. අනේ කොතරම් හොඳද. නුසුදුසු වැඩ වලටත් මෙය භාවිතා වෙනවා. ඒවා අහල දැනගන්න. රටවල සිටිනා අය අතර මේ පුරුදු සුලභය. මෙනිසා හිත අවුල් වී සියදිවි හානි කරගත් තරුණ තරුණියන් පිරිස ඉතා ඉහළ බව බි බි සී වැඩසටහනක කියා තිබුනා මතකය. මේවා අතර කුඩා දරුවන්ගේ සේයාරූ නොදත් කම නිසා පලකරනු දැකකම අපට ඒ අය ගැන අනුකම්පාවක්ද ඇතිවේ. සමහරුනට කිබිහුමක් ගියද ෆේස් බුක් වලින් දැනුම් දීමට තරම් දුර්වල මනසක් ඇතිව තිබෙන මට්ටමකට අපි ඇදවැටී ඇතැයි වැඩසටහනකදී අහන්නට ලැබුනා. එය ඔවුන් සතු අයිතියකි. මෝඩකමට බෙහෙත් නැත.

මේවන විට මුහුණු පොතේ යු ටියුබ් මාධ්‍ය ඔස්සේ සංසරණයවන පුවත්, රටේ දේශපාලනය පිළිබඳ හෝ කුමන පෞද්ගලික මතයක් දරන කෙනෙකුට මඩගහන්න, ඔසවා තබන්න, ප්‍රතිරුප විනාශකරන්න කල්ලි පිරී ඉතිරී ගොසින්. දේශපාලකයන් දැන් මේ සඳහා හරිම උනන්දුයි. මඩ ගොඩේ නොවැටෙන්න වැඩ සලස්වාගන්න එකට ඇම්බැට්ටයන් පිරිසක් ලොව හැම රටකම ඇතිවී තිබෙනවා. එය දැන් අලුත් මුදල් ඉපයීමේ (ඩොලර්) ඉක්මන් මගක් වෙලා අවසන්. ජනමාධ්‍ය ගැන මෙලෝ හසරක් දන්නේ නැති තම මව් බස හරියට නොදන්නා පිරිසකුත් මේ අතරේ ඉන්නවා බඩ ගොස්තරේ රැකගන්න. හරියට කැලෑවල ඉන්න කුඩා සත්තු මහ එවුන් පස්සෙන් යනවා වගේ. දේශපාලකයන්ගේ පැටිකිරියනම් ඉවරටම ඉවරයි ඔන්න.

ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සමාජයක ශිෂ්ට මිනිස්සු හැටියට අපිට අනෙකාගේ මතය දරා ගන්නට පුලුවන් වෙන්න ඕනේ. අපි පිලිගන්න අදහස් මත සමරනවා වගේම ඊට විරුද්ධ අදහස් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය හැමෝටම තියෙන්නත් ඕන. යනවා කියලා පොස්ට් එකක් අද උදේ දැක්ක. තවත් එකක් ඇමරිකාවේ ට්‍රම්ප්ට මුට්ටිය අල්ලපු තරුණයෙක් මරාදාපු එක ගැන. තවත් එකක් නේපාලේ අරගලේ යි අපේ අරගලයයි ගැන ඔස්තාර් අදහස් උදහස්. ලංකාවේ නම් ජනාධිපති වරයෙකුගේ තවමත් තරුණ දේශපාලන ලඳ බොළඳ පුතා හා ඔහුගේ නඩු ගැන. කතාවේ යෙදෙනවා, මෙතෙක් හිටපු ලංකාවේ කිසිම රස්සාවක්, එක්කෝ පරපුර නිසා දේශපාලනයට ආ ජනතාවගේ කතිරය නිසා රටේ රජවූ බස් එකේ දුම්රියේ ගමන් කරපු අයත් ඉන්නවා. ගමේ රස්තියාදු මොවුන්ට දේශපාලනය නිසා පුරුවේ පිනකට එතනට ආපු නායකයන්ට ඔවුන්ගේම නීති දාල හදාගෙන හිටපු මාළිගා වලින් යන්න බැරිය කිව් නිසා අලුතින් ආපු කස්ටිය මේ අය කොළඹ 7 ගෙයින් යවන්න නීති හදල. හරි නරකයි. රට කාල වතුර බීපු ලොව පුරා කරක් ගහපු නායකයින් දැන් ඒවායින් යනවලු. එක එකා පෝලිමට පව් අනේ. හරි අමාරුඇති හිත්වලට.

අපි ලෝකේ කොහේ හිටියත් මේවා ඒ මාධ්‍යවලට එක්කළ සැණින් කිසිම වගක් විභාගයක් නැතිව මෙව දිහා අපි බලලා ඔහේ ඉන්නවා. කාටහරි සෙතක් (කෙල) වෙනකන්. බොහෝ දෙනෙක්. අනේ මෙහෙම කරුමයක්. කොතනින් කෙළවර වෙයිද මන්දා. බලන් ඉඳිමු හෙට එළිවනකන්. එතෙක් නවතිමු

මෙතැනින් විප්ලවයට ඉඩ දීලා.

ලන්ඩන් කොළම -Lanka News UK

14.09.25 See less

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here