
සදේ සැබෑ වයස ගැන අනාවරණයක්
ARUNA LK NEWS
30 October 2023
සදේ සැබෑ වයස ගැන අනාවරණයක්
සදේ සැබෑ වයස අප දැන සිටියාට වඩා අවුරුදු මිලියන 40 ක් වැඩි බව ඇපලෝ 17 මෙහෙයුමේදී පෘතුවියට රැගෙන ආ සඳෙන් ලබා ගත් සාම්පල විශ්ලේෂණය කිරීමේදී විද්‍යාඥයන් කණ්ඩායමක් සොයාගෙන තිබේ.
ඇපලෝ 17 ගගනගාමීන් වන යූජින් සර්නන් සහ හැරිසන් ෂ්මිට් 1972 වසරේදී සඳුගේ පෘෂ්ඨයෙන් පාෂාණ සහ පසෙහි සාම්පල ලබා ගෙන ඒවා පෘතුවියට රැගෙන එන ලදි.
ඔවුන් මෙලෙස පෘතුවියට රැගෙන ආ සඳුගේ සාම්පලවල බර කිලෝග්‍රෑම් 110 ක් පමණ වන අතර එම සාම්පල එකතුකර වසර 50කට පසු මෙලෙස සදේ සැබෑ වයස පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට එම විද්‍යාඥයන් පිරිස සමත් වී තිබේ.
සෞරග්‍රහ මණ්ඩලයේ උපතින් වසර මිලියන 110ක් ඇතුළත වසර බිලියන 4.46කට පෙර සද නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කරන බව විශ්ලේෂණ දත්ත මත පදනම්ව එම විද්‍යාඥයන් කණ්ඩායම පසුගියදා ප්‍රකාශ කළේය.
මීට පෙර සඳුගේ වයස වසර බිලියන 4.42 ක් බවට නිගමනය කර තිබිණ